2018 වසරේ hit වුණු විලාසිතා (01 කොටස)

August 17, 2018
21,792
Hit fashion trends in 2018 (Part 01)
ගෙවෙන මේ හැම තප්පරයකම ලෝකයේ කොතැනක හෝ තැනක අලුත් දෙයක් සොයා ගන්නවා. එහෙමත් නැත්තම් අලුතින් යමක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඔව් ඔයා මේ ලිපිය කියවන මේ නිමේශයෙත් විලාසිතා කලාවට එකතු වෙන දේවල් අනන්තයි අප්‍රමාණයි. අද ඔයා සාප්පුවකට ගිහිල්ලා මිලදි ගන්න ඇඳුම නෙමෙයි හෙට තියෙන්නේ. ඒ තරම් විලාසිතා කලාව වේගවත්. විශේෂයෙන්ම කාන්තා ඇඳුම් සෑම මොහොතකම වෙනස් වෙමින් පවතිනවා. හරියට මිනිස් හිත වගේ තමයි ඇඳුම් කලාවත්. කුමන මොහොතේ, කුමන ආකරයෙන්, කුමන පිරිස ඉල්ලක කරගෙන කොයි විදිහේ ඇඳුමක් නිර්මාණය වෙයිද කියලා අපිට කියන්න බෑ. 2018 වසරෙනුත් භාගයක්ම ගෙවිලා ඉවරයිනේ. ඉතිං අද Hadakari වෙතින් අපි ඔයාට කියන්න යන්නේ 2018 වර්ෂයේ ජනප්‍රිය වුණු ඇඳුම් කලාව වගේම අලුත් වුණු විලාසිතා ගැන ඔයා එක්ක කතා කරන්න. ඔයා ලස්සනට අඳින්න වගේම ෆැෂන් කරන්න කැමති කෙනෙක් නම් මේ ලිපිය කියවලම බලන්නකෝ 2018 වසරේ කරලියට ආව fashion මොනවද කියලා.

Sequins Dress







2018 වසරේ කරලියට ආව බොහෝ ඇඳුම්වල සීක්වීන්ස් වලින් හැඩවෙලා තිබීම විශේෂත්වයක්. විශේෂයෙන් උත්සව අවස්ථාවන්ට අදින බොහෝ ඇඳුම් වර්ගවල සීක්වීන්ස් භාවිත කිරීම මගින් නිර්මාණය කරලා තියෙනවා. ගවුම් වර්ග, ෂල්වාර්, සාරී වර්ග ආදී බොහෝ ඇඳුම් වර්ග සීක්වීන්ස් වලින් හැඩ වැඩ කරනවා. විශේෂයෙන්ම සීක්වීන්ස් යොදා ගනිමින් විවාහ උත්සවල මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කරන එක 2018 වසරේ ප්‍රවණතාවක් වෙලා. ඒ විතරක් නෙමෙයි සමාන්‍ය ඇඳුමක වුණත් පොඩි කොටසක හෝ සීක්වීන්ස් භාවිත කරලා තියෙනවා. ඉතිං 2018 වසර තවමත් ඉවර වෙලා නැහැනේ. ඉතිං ඉස්සරහට එන උත්සව සමයේදි දැන් ඔයාට පුළුවන් ලෝකයේම ප්‍රවණතාවක් වුණු සීක්වීන්ස් භාවිත කරලා ඇඳුමක් නිර්මාණය කරගෙන පාටියකට යන්න.

Dark Denim









ඩෙනිම් රෙදිවලින් ඇඳුම් නිර්මාණය කිරීමට දිගු ඉතිහාසයක් තියෙනවා කියලා ඔයා දන්නවානේ. ඉති ඔන්න 2018 වසරේ ජනප්‍රිය ඇඳුම් අතරට ඩෙනිම් ඇඳුමත් ඇවිල්ලා. විශේෂයෙන්ම dark denim රෙදි වලින් නිම වු ඩෙනිම් කලිසම්, ඩෙනිම් බ්ලවුස්, ඩෙනිම් ජැකට් හා ඩෙනිම් ගවුම් තමයි 2018 කාන්තාවන්ගේ ජනප්‍රිය ඇඳුම් වෙන්නේ. විශේෂයෙන්ම කාර්යාලයට, විවිධ උත්සව අවස්ථාවලට වගේම එදිනෙදා ගමන් බිමන් යන්නත් ලෝකයේ ගොඩක් කාන්තාවන්ගේ ජනිප්‍රියතම ඇඳුමක් බවට පත් වෙලා.

Fanny Pack come back









අද Fanny pack එක පිරිමි පාර්ශ්වයේ ඇතැම් පිරිස් අතර දක්නට ලැඛෙන විලාසිතාවක්. පහුගිය වර්ෂවල මේ fanny pack එක කාන්තාවන් භාවිත කිරීම තරමක් සීමා වෙලයි තිබුණේ. ඔන්න ඉතිං 2018 වසරේ කාන්තාවන්ගේ ජනප්‍රිය ෆැෂන් අතරට fanny pack එක එකතු වෙලා. ඉතිං ඔයාටත් පුළුවන් ෆැෂන් එකට වගේම ඔයාගේ පහසුව සදාහා fanny pack එකක් භාවිත කරන්න.

Plaid Everything









Plaid වර්ගයේ ඇඳුම් නම් ඔයාට දැනමටත් ඇති. මෙවැනි ඇඳුම්වල විශේෂත්වය එකම ආකාරයෙන් විශේයෙන්ම කොටු කොටු වශෙයෙන් නිර්මාණය වු ප්‍රවණතාව ඉතාමත් වැඩියි. ඒ විතරක් නෙමෙයි සම්පුර්ණ ඇඳුම එකම ආකාරයෙක් යුක්ත අතර වර්ණ වගේම හැඩතලත් එකම ආකාරයෙන් යුක්ත වෙනවා. ගවුම් වර්ග, බ්ලවුස්, ස්කර්ට් වගේම plaid වර්ගයේ සාරී වර්ගද 2018 වසරේ යුවතියන්ගේ ජනප්‍රිය ඇඳුම් විලාසිතාවන් අතරට එක් වුණා. හැඩකාරි අපි හිතන විදිහට නම් මේ ඇඳුම් වර්ගය දැනටමත් ඔයා අදිනවා ඇති.

Plastic used for dresses and accessories









ලංකාවේ අපි නම් ප්ලාස්ටික්වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැති තරම්නේ. ඒත් ඔන්න 2018 වසරේ ජනප්‍රිය ඇඳුම් විලාසිතා නිර්මාණය කරන්නත් ඉවත දමන ප්ලාස්ටික් අප ද්‍රව්‍යය භාවිතා කරන්න පටන් අරගෙන. ප්ලාස්ටික් කිව්වම විවිධ වර්ගයේ ප්ලාස්ටික් තියෙනවා. ඒත් ඉතිං විලාසිතාවලට නම් භාවිත කරලා තියෙන්නේ transparent plastic (විනිවිද පෙනෙන). ඇඳුම් වර්ග නිර්මාණය කරන්න වගේම අත් බෑග්, සපත්තු වර්ග, කමිස හා කලිසම්, කුඩ, උඩුකය නිරාවරණය වන ඇඳුම් ආදී බොහෝ දේවල් වලට යොදාගෙන තියෙනවා.

New Trench Fashions









2018 වර්ෂයේ කාන්තාවන් අතර බහුල වශයෙන් ජනප්‍රිය වුණු ඇඳුමක් වර්ගයක් තමයි Trench Fashion කියන්නේ. ජින්ස්, ඩෙනිම් කලිසම් වලට වගේම ගවුම් විදිහටත් ඔයාට මේ ඇඳුම භාවිත කළ හැකියි. විශේෂයෙන්ම මෙවැනි වර්ගයේ විලාසිතාවන් සීත දේශගුණයක් තියෙන රටවල බහුල භාවිත කරනවා. fashion එකට වගේම අහිතකර දේශගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් ඇඳුමක් තමයි මේ ඇඳුම. ලෝකයේ බොහෝ රටවල් වල කාන්තාවන් මෙවැනි වර්ගයේ ඇඳුම් අදිනවා. ඒ විතරක් නෙමෙයි fashion show වල හිට් වුණු ඇඳුමක් විදිහටත් හඳුනාගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,840
   50

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,027
   36

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,632
   30

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,085
   23

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,033
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed