දරුවන්ගේ නිරෝගී බව තරම් වටිනා තවත් දෙයක් දෙමාපියන්ට මේ ලෝකේ නැති තරම්. ඒ නිසාම තමයි දෙමාපියන් විදිහට අපි හැම වෙලාවකම උත්සහ කරන්නේ හොඳම දේවල් දරුවන්ට දෙන්න. හැබැයි අපි දරුවෝ වෙනුවෙන් හොඳම දේවල් දෙන්න උත්සහ කරනකොට දරුවන් සමහර අවස්ථාවන් වලදී ඒ දේවල් වලට අකමැති වෙන්න පුළුවන්, ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි නරක දේවල් අතරින් හොඳ දේවල් දරුවන්ට තෝරලා දෙන්න උත්සහ කරන එක දෙමාපියන් විදිහට අපි කරන්නම ඕනේ දෙයක් ඒක අපේ වගකීමක්. ඒ නිසා අද අපි මේ ලිපියෙන් කතාබහ කරන්නේ දරුවනුත් කැමති වෙන විදිහට හොඳම දේවල් දරුවන්ට තෝරලා දෙන්න අම්මලා තාත්තලාට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන.
01. මුල ඉඳලම පටන්ගන්න
දරුවෝ කියන්නේ හරියට පුංචි පුංචි පැල වගේ. ඉතින් මේ පුංචි පුංචි පැල ලොකු වෙලා ශක්තිමත් ගසක් වෙනකල් හරි විදිහට හරි දේවල් දීලා ලොකු කරගන්නවා වගේ තමයි දරුවනුත්. ඒ නිසා දරුවන්ට හොඳ දේවල් ගැන නරක දේවල් ගැන අවබෝධයක් දෙන්න පටන් ගන්න ඕනේ දරුවෝ පුංචි කාලේ ඉඳලමයි. අපි දරුවන් ඉපදුන දවසේ ඉඳන්ම හුරු කරන්නේ හොඳ දේවල් වලට නම් දරුවන්ට තේරෙන වයසට එනකොට අපේ උදවුවක් නැතුව උනත් නරක දේවල් අතරින් හොඳ දේවල් තෝරා ගැනීමේ හැකියාව ඔවුනට ලැබෙනවා. එතකොට ඔබට අපහසුවක් නැතුවම හොඳ දේවල් දරුවන්ට දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පුංචි කලේ ඉඳලම පුරුද්ද තියෙන නිසා දරුවනුත් සතුටින් ඒ දේවල් බුක්ති විඳිනවා.
02. අලුත් ක්‍රම පාවිච්චි කරන්න
දරුවෝ කියන්නේ ගතවෙන හැම මොහොතකම අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති පිරිසක්. ඒ වගේම තමයි ඒ අය අලුත් අලුත් දේවල් අත්හදා බලන්නත් හරිම කැමතියි. ඒ නිසා දරුවන්ව හොඳ දේවල් වලට හුරු කරනකොට ගහලා බැනලා නැත්නම් බල කරලා දරුවොන්ගේ අකමැත්තෙන් ඒ දේවල් වලට යොමු කරන්නේ නැතුව. දරුවට ඒ දේවල් කියලා දෙන්න හොඳ දේවල් වලට හුරු කරන්න අලුත් අලුත් ක්‍රම පාවිච්චි කරන්න. ඒකට අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්. ශරීරයට අහිතකර කෑම බීම වලට හුරු උන දරුවෙක්ව ගුණවත් ආහාර වේලකට හුරු කරන්න ඕනේ නම් ඔබට පුළුවන් දරුවව ඉවුම් පිහුම් කටයුතු වලට සම්බන්ධ කරගන්න. එතකොට දරුවා ඔබත් එක්ක එකතු වෙලා පිළියෙළ කරපු ගුණවත් ආහාරය සතුටින් ආහාරයට ගනීවි. දරුවන්ට කතාන්දර සින්දු වගේ දේවල් වලින් හොඳ නරක කියලා දෙන්නත් ඔබට පුළුවන්.
03. ඔබත් වෙනස් වෙන්න
දරුවෝ කියන්නේ පුංචි කාලේ ඉඳලම අනුකරණයෙන් ඉගෙන ගන්න පිරිසක්. විශේෂයෙන්ම ඔවුන් ඔබව අනුකරණය කරනවා. මේ නිසා ඔබට දරුවාව හොඳ දේවල් වලට හුරු කරන්න ඕනේ නම් මුලින්ම ඔබට හොඳ දේවල් වලට හුරු වෙන්න වෙනවා. එතකොට දරුවා ඔබව ආදර්ශයට අරන් හොඳ දේවල් වලට පහසුවෙන්ම යොමු වෙනවා. ඔබ පෝෂණ ගුණයෙන් ඉහල කොළ පැහැති පලා වර්ග දරුවට කවන්න කොච්චර උත්සහ කරත් වැඩක් නැහැ ඔබ ඒ දේවල් දරුවට පේන්න කන්නේ නැත්නම්. ඔබ ඒ දේවල් කාලා දරුවට ආදර්ශයක් වෙනවා නම් දරුවත් සතුටින් ඒ දේවල් කන්න පුරුදු වෙනවා. හිතන්න ඔබ පැණි බීම වර්ග බොන අතර දරුවට කිවුවොත් මේවා ඔයාට හොඳ නැහැ ඔයා බොන්න එපා කියලා. දරුවා කිසිම අවස්ථාවක සතුටින් ඔබ කියන දේ පිළිගන්නේ නැහැ. ඒ නිසා දරුවට හොඳ දේවල් කියලා දෙන්න නම් නිතරම ඔබට ආදර්ශමත් වෙන්න වෙනවා. ඒ වගේ ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි අලුතෙන්ම හඳුන්වා දීලා තියෙන
Anchor Newdale රස කළ කිරි පාවිච්චි කරන එක.
ඇන්කර් නිව්ඩෙල් flavoured milk වල සීනි එකතු කරලා තියෙනේ 4% පමණයි. ඒ වගේම අමතර පැණි රසකාරකත් කිසිම දෙයක් අඩංගු නෑ.
04. දරුවන්ව අගය කරන්න
දරුවෝ ඔබ ඔවුන්ට කියලා දෙන පුරුදු පුහුණු කරන හොඳ දේවල් සතුටින් කැමැත්තෙන් කරනවා දකින්න ඕනේ නම්. නිතරම ඔවුන්ව අගය කරන්න. ඔබ ඔවුන්ට කියලා දුන්න හොඳ දේවල් ඔහු කරන හැම අවස්ථාවකදීම ඔහුව අගය කරමින් තව තවත් ඒ දේවල් කරන්න ඔවුන්ව දිරිමත් කරන්න. වැඩිහිටියෝ වෙච්ච අපි අපිව කවුරු හරි අගය කරනවට කැමතියි වගේම තමයි අපිටත් වඩා පුංචි දරුවෝ කැමතියි කවුරු හරි ඒ අයව අගය කරනවා නම්. මේ නිසා දරුවන්ට බල කරන්නේ නැතුව වැඩි මහන්සියක් වෙන්නේ නැතුවම හොඳ දේවල් සතුටින් කරන්න දරුවන්ව හුරු කරන්න ඔබට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ අගය කිරීම් නිසා දරුවන්ගේ පෞර්ෂය වර්ධනයකුත් සිදු වෙනවා. ඒ නිසා අගය කිරීම දරුවෙක්ට හැම අතින්ම ගෙන දෙන්නේ යහපතක්.
මේ වගේ පුංචි පුංචි දේවල් ගැන මුල ඉඳලම හිතලා කටයුතු කලොත් ඔබට පුළුවන් හොඳ දේවල් දරුවනුත් සතුටු වෙන විදිහට ඒ අයට දෙන්න. දරුවා සතුටින් නිරෝගීව ඉන්නවා කියන්නේ ඔබටත් හිතේ ලොකු සතුටකින් ඉන්න පුළුවන්.