මිහිරි කටහඬක් වගේම සුන්දර රූපයක් ලබා දෙන පේර

November 13, 2019
448
Guava for a beautiful you
ඔබ මෙච්චර කල් පේර කෑවට පේර වල තියන ගුණ දැනගෙන ද ආහාරයට ගත්තේ?
ගොඩක් දෙනෙක් ඒ ගැන නම් දන්නේ නැතුව ඇති. හැබැයි මේ ලිපිය කියෙව්වට පස්සේ
අද ඉඳන් ඔබ අනිවාර්‍යෙන්ම හිතලම පේර ආහාරයට ගනියි. විශේෂයෙන්ම ඔබේ
දරුවන්ටත් පේර ලබා දෙන්න. අපි එහෙම කියන්නේ පේර වල තියන මෙන්න මේ
විශ්මිත ගුණ නිසයි.

විටමින් ඒ හා බහුලව පවතින “පේර” කියන්නේ බාල මහලු කොයි කාටත් එකසේ
ගුණදෙන ප්‍රණීත පළතුරක්. කැල්සියම් හා පොටෑසියම් පේරවල තියෙනවා. එමෙන්ම
අනෙකුත් ඛනිජ පෝෂකයන්ගෙන් ද අනූනයි.

* බඩගින්නට හොඳ ඖෂධයක්

තන්තු බහුලව ඇති පේර, කෑමට පසු ගැනීමෙන් බඩගින්න අඩු වෙනවා. සෙම්
රෝගවලට ද පේර හිතකරයි. උගුර ආශ්‍රිත රෝග හා පෙණහලු රෝගවලට ගුණදායක
වෙයි.

* කල්තබා ගැනීම

ගහේ ඉදුණු පේර බිමට වැටෙන්නේ ගිරව්, ලේන්නු, මයිනා වැනි සතුන් ඒවා බුක්ති
විඳින්නට ආවමයි. ගහෙන් කඩා දින 2 ක් ඇතුළත පේර ආහාරයට ගත යුතුයි. නොඑසේ
නම් එය ශරීරයට සුදුසු තත්ත්වයක පේර පවතින්නේ නෑ. වැඩි දින ගණනක් තබා
ගැනීම සුදුසු නැහැ.

ප්‍රණීත රසැති ජෑම් හා ජූස් විදිහට හදාගන්න පුලුවන් පේර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්
සම්පූර්ණයි. පේර ගෙඩි සාමාන්‍යයෙන් ඇඹුල් හා මිහිරි රසයි. මිහිරි රසය ඇති පේර ශීත
ගුණයෙන් යුක්තයි. එසේම ඇඹුල් රසැති පේර උෂ්ණයි. අමු ගෙඩි මිහිරි බවින් යුක්තයි.
පැසුණු ගෙඩිය ඉක්මනින් දිරවයි. නමුත් ඒවා මද වශයෙන් උෂ්ණාධිකයි.

* ඖෂධීය ගුණ

සිරුරේ බර අඩු කරන ගුණය පේර වල ප්‍රබලව තිබෙනවා. ඇඟ කෙට්ටු කිරීමට
බොහෝවිට පේර හොඳ ඖෂධයක් . පේර නිතර දෙවේලේ ආහාරයට ගන්නා අයෙකුගේ
ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදු වෙනවා. එසේම බඩ බුරුලට යාමේදී ද පේර කියන්නේ
හොඳ ප්‍රතිකාරයක්. මලබද්ධය දුරු කරන පේර අධිරුධිර පීඩනයට ද යෝග්‍ය ලෙස ක්‍රියා
කරන පළතුරක්. දියවැඩියා රෝගයට ද පේර බොහෝ සුදුසු පලතුරක් ලෙස භාවිතා
කරනවා. ආයුර්වේදයේදී කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව යන රෝග තත්ත්වයේදී පේර කොළ
කෂාය කර බොන්නට දෙයි. මේ කෂාය ස්වසන රෝගවලට ද සුදුසුයි. ස්වසන මාර්ගයේ
ඇතිවන රෝගවලට ද හොඳ ඖෂධයක්.

පේර වලින් ලැබෙන ගුණයක් ලෙස ඇස් පෙනීම වැඩි දියුණු කරවනවා. ඇස්වල ඇතිවන
රෝග වළක්වා ගැනීමට හැකියි. ඇස් දීප්තිමත් කරයි. රාත්‍රී අන්ධතාවය දුරු කරයි. පිළිකා
රෝග වළකයි. පිරිමි පාර්ශවයේ පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා වළකාලයි. ඊට අමතරව මුඛ
පිළිකා, පියයුරු පිළිකා ඇතිවීම වළකන ගුණ පේර වල තිබෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ
ඇති හෝර්මෝන නිසි අයුරින් ක්‍රියා කිරීමට ද පේර උදව් වෙනවා.

පේර තුළ ප්‍රතිශක්තිකරණ හැකියාව ද ඉහළයි. හෘදයට හිතකරයි. කොලෙස්ටරෝල්
වලින් තොරයි. හෘදයේ බොහෝ රෝගවලට ගුණ දෙයි. පේර වල කාබෝහයිඩ්‍රේට්
ඇත්තේ ඉතා සුළුවෙනුයි. ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ හැදෙන පේර වියළි
දේශගුණයේ දී හොඳින් වැඩෙනවා.

පේරවල ගුණාත්මකභාවය ආයුර්වේද ඖෂධීය ගුණය වනුයේ ශරීරයේ සමේ
පැහැපත්භාවය ලබාදීමයි. ශරීරයේ ලේවල උෂ්ණත්වය අඩු කිරීමේ ගුණය සහ විෂ
නැසීමේ ගුණය පවතී.

පේර වර්ගවලින් ශරීරයට සිදුවන ගුණාත්මකභාවය අඩුවක්‌ නෑ. එමඟින් ශරීරයට
යකඩ (ඛණිජ), ලබාදෙන අතර විටමින් සී ද ලබා දෙනවා. විශේෂයෙන්ම පේර තුළ
ශාරීරික ශක්‌තිය, කටහඬ මිහිරි කරවන ගුණ, ශරීරයට සෞම්‍ය ගුණය, රූප ශෝභාව
ළඟාකර දීම වැනි බොහෝ වටිනා ප්‍රතිලාභ ඔබට ලැබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to have long eye lashes
   222
   173

ආකර්ෂණීය බැල්මකට ස්වාභාවිකවම ඇහි පිහාටු හදාගන්නේ මෙහෙමයි

මේ කරුණු පහ සමඟ, ඔබේ අයි ලෑශස් වල පැවැත්ම වැඩි කාලයක් පවතින අතර වෙන කවරදාටත් වඩා දීප්තිමත් ඇස් ඔබට ලබා දෙයි. ඒකට අවශ්‍ය ඔබෙන් පොඩි තල්ලුවක් විතරයි
Do you what happens if you take cod-liver oil everyday?
   303
   50

දිනපතා මෝර තෙල් ගත්තොත් ශරීරයට වෙන දේ ඔබ දන්නවාද?

දවසට මෝර තෙල් පෙති 2 ගානෙ බිව්වොත් මොනවා වෙයිද? ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරනවා වගේ සෑහෙන ප්‍රයෝජන ගොඩක් මෝර තෙල් වලින් ලැබෙන බව ඔබ දැනන් සිටියාද?
Be beautiful with betel leaves
   723
   39

බුලත් නිසා හැඩවෙන්න පුලුවනි

හැඩකාරියන්ගේ හැඩකාරබව ඉස්මතු කිරීමට බුලතින් ලැබෙන පිටුවහල ගැනත් දැන ගත්තොත් අපේ කට්ටියට බොහොම පහසුවෙන් හැඩකාරබව තවත් වැඩි කර ගන්න පුලුවනි
Useful tips to use in kitchen
   326
   36

උයන පිහන වෙලාවට වැදගත් ටිප්ස් ටිකක්

උයන පිහනකොට වැදගත් වෙන ටිප්ස් ටිකක් තමයි මේ
Kithulpiti kenda
   479
   27

කිතුල්පිටි කැඳ

ගැස්ට්‍රයිටීස් රෝගීන්ට මෙන්ම ශරීරය දුර්වල අයට ගුණදායකය

Latest Articles

Most Viwed

 |

x