ලංකාවේ අවුරුදු පහකට වරක් මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදුකෙරෙන අතර, මේ සම්බන්ධයෙන් ආසන්නතම සමීක්ෂණය සිදුකර ඇත්තේ 2016 වර්ෂයේදීයි. එම සමීක්ෂණයට අනුව මෙරට අවරුදු 12ක් වයසැති දරුවන්ගෙන් 16%ක් අනිවාර්ය ප්‍රතිකාර අවශ්‍යවන දත් හා හනු ආශ්‍රිත විකෘතිතාවයන්ගෙන් පීඩාවිඳින බවට වාර්තාවී තිබෙනවා. දත්වල අක්‍රමවත් පිහිටීම් හෝ හනුවල විෂමතා ඇති විට විකලාංග දන්ත ප්‍රතිකාරවලින් ඒවා නිවැරදි කිරීම සිදුකරන අතර, ඉන් මුහුණට ගැළපෙන අයුරින් දත් හා හනු තිරසාරව සැකසීම සිදුකර මනාව ආහාර සැපීමට හැකියාව මෙන්ම ආකර්ෂණීය සිනහවක් දරුවන්‍ට ලැබෙනවා. විකලාංග ප්‍රතිකාර අවශ්‍ය දරුවන් ප්‍රතිකාරවලට යොමු නොවීම හේතුවෙන් දත් ගෙවී යෑම, හනුවේ සන්ධි ආශ්‍රිත ගැටලු ඇතිවීම, වීදුරුමසෙහි රෝගී තත්ත්ව සහ දත් දිරා යෑම ආදී තත්ත්වයන්ට මුහුණ පාන්න ඉඩ කඩ තිබෙනවා.
විකලාංග දත් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට වයස් සීමාවක් නොමැති අතර, නීරෝගී ශක්ති සම්පන්න වීදුරුමසක් ඇත්නම් ඕනෑම වයසකදී ප්‍රතිකාර සිදුකළ හැකියි. නමුත් කුඩා වයසේදීම මෙම ප්‍රතිකාර සඳහා යොමු වීම මගින් සංකීර්ණ ප්‍රතිකාර කරා යොමු නොවී පහසුවෙන් විකෘතිතා ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට හැකියාවක් පවතිනවා.
මේ සඳහා දෙමවුපියන් විසින් සියලුම දරුවන් අවුරුදු 08 වීමට පෙර මුල්ම විකලාංග දන්ත උපදේශනය සඳහා යොමු කරවීම වැදගත්. ඒ සඳහා මවක් ලෙස ඔබ සෑම මාස හතරකට පහකට වරක් තම දරුවන්ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු කළ යුතුයි. එසේම ස්ථිර දත් මෝදුවන තුරු කිරිදත් රැක ගැනීම සිදුකළ යුතු අතර, ඉන් ස්ථිර දත් අක්‍රමවත්ව පිහිටීම වළක්වා ගත හැකියි. තවද අවුරුදු 05වන විට ඇඟිලි ඉරීම වැනි පුරුදු නවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා.
සාමාන්‍යයන් අවුරුදු හතක් අටක් වගේ වයසේ දරුවන්ට බහුලව තිබෙන ප්‍රශ්නයක් තමයි ඇඟිල්ල ඉරීම නිසා හෝ වෙන යම් හේතු නිසා දත් අක්‍රමවත්ව පිහිටන එක. නිරෝගී දත් දෙපලක උඩ ඇන්දේ දත් පෙළ, යට ඇන්දේ දත්පෙෙළන් ඉදිරියෙන්
පිහිටන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් දරුවෙකුට අවුරුදු 06ක් පමණ වන විට කිරිදත් වැටීම ආරම්භ විය යුතුයි. නමුත් කිරිදත් වැටෙන්නේ නැතිව දත් පේළි දෙකක් වගේ ස්ථිර දතුත් මතුවෙනවා වගේ පේනවා නම් හෝ කිරිදත් වැටෙන එක ප්‍රමාදයි වගේ හැඟෙනවා නම් විකලාංග දන්ත වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කිරීම සිදු කළ යුතුයි.
එසේම දත් අක්‍රමවත්ව පිහිටීම මගින් පසුකාලීනව විදුරු මසට හා දත්වලට හානි සිදුවීමට පුළුවන්. මේ නිසා අක්‍රමවත්ව දත් පිහිටීමක් දුටු විගසම අවශ්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කිරීම වැදගත්. ඇඟිලි සූප්පු කිරීම තුළින් දරුවන්ගේ දත් අතර හිඳැස් ඇති වීම සිදුවෙන්නට පුළුවන්. මේ නිසා හැකි ඉක්මනින් ඇඟිලි සූප්පු කිරීම වළක්වා ගන්න අවශ්‍ය දේ සිදු කළ යුතුයි.
අවුරුදු 06ක් වන තුරුත් දරුවාගේ ඇඟිලි ඉරීම නවත්වා ගැනීමට දෙමාපියන්ට නොහැකි වුණොත් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත රැගෙන ආ යුතුයි. එවිට වෛද්‍යවරයාට ඊට අදාළ ප්‍රතිකාර ලබාදීම සිදුකළ හැකියි. මීළඟට ඉදිරියට නෙරා ආ දත්, නැතිනම් අපි බොල්ලෑව ලෙසින් හඳුන්වන දත් පිහිටීම් නිවැරදි ආකාරයට සකස් කිරීම කුඩා කාලයේදී පහසුවෙන් සිදු කළ හැකි නිසා අවුරුදු 11ක් වීමට ප්‍රථම එයට ප්‍රතිකාර ලබාදීම සඳහා රැගෙන එන්නට කටයුතු කිරීම අවශ්‍යයි.
ඒවගේම නිරෝගී පුද්ගලයෙකුගේ දත් දෙපෙළ් පිහිටීම පිළිබඳ බැලුවොත් උඩු ඇන්දේ දත් සම්පූර්ණයෙන්ම පෙනෙන ලෙසත්, යට ඇන්දේ දත්වලින් 2/3ක් පෙනෙන ලෙසත් තිබිය යුතුයි. එසේ නොමැතිව යට ඇන්දේ දත් 100%ක්ම නොපෙනෙන ලෙස උඩු ඇන්දේ දත් පිහිටන තත්ත්වය අපි ඩීප් බයිට් තත්ත්වය ලෙසින් හඳුන්වනවා. මෙය පෙනුමට ගැටලුවක් නොවුණත් දීර්ඝ කාලීනව හකු ඇටවලට හානි සිදුවන, වීදුරුමස්වලට හානි සිදුවන, දත් ගෙවී යෑමට තුඩු දෙන හානිකාරී තත්ත්වයක් බවට පත්විය හැකියි. මේ නිසා මේ තත්ත්වයට ප්‍රතිකාර ලබා දීම අත්‍යවශයි.
මීළඟට දත් අතර හිඳැස් පැවතීම අවුරුදු 6 සිට දරුවන්ට දැකගන්නට ලැබෙනවා. මෙම තත්ත්වය දීර්ඝකාලීනව පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍යද යන්න දැන ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි. නමුත් වැඩිහිටියෙකුගේ මෙම තත්ත්වය පවතී නම් ප්‍රතිකාර ලබාදීම සිදු වෙනවා. වැඩිපුර දත් පිහිටීම වැනි අවස්ථාවල ඒවා නිවැරදි කිරීමද සිදුකළ හැකියි. එසේම නියමිත කාලයට දත් මෝදුවීම දැකගත නොහැකිව හිස්තැන් පවතින අවස්ථාවකදීත් දරුවාව ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.
දෙබිඩි තල්ල වැනි උපත් ආබාධ තත්ත්වයන් පවතින අවස්ථාවල සිදුකරන ප්‍රතිකාර දරුවාට අවුරුදු 20 දක්වා වන ප්‍රතිකාර සමූහයක් ලෙස සිදුකිරීමට සිදුවෙනවා. දෙමවුපියන් ලෙස දරුවාගේ කිරිදත් රැක ගැනීමත්, ඇඟිලි ඉරීමේ තත්ත්ව වළක්වා
ගැනීමත්, දරුවාගේ දත්වල හෝ හකුවල, වීදුරු මසේ විකෘතිතාවක් හෝ රෝගී තත්ත්වයක් ඇත්නම් ඒවා හඳුනා ගැනීමත් ඒවාට හැකි විගස ප්‍රතිකාර ලබාදීමත් සිදුකිරීම වැදගත් වෙනවා.