සමේ තරම දන්නේ ඔබයි. ඒ ඒ සමට මේ මේ විදිහට ෆේස් පැක්

February 9, 2020
11,017
Know your skin and do these face packs
තමන්ගේ තරම තමන් දන්නවා වගේ තමන්ගේ සමේ ස්වභාවය දන්නවා නම් ඔබට ගැලපෙන ෆේස් පැක් එකක් නිවසේදීම සාදා ගන්න පුලුවනි. සැලෝන් වලට යන කාලය වගේම වැය ශීර්ෂයත් ඔබට ඉතිරි වේවි.

සම තෙල් සහිත නම්

01. දොඩම් ලෙලි වේලලා කුඩු කර ගෙන මේස හැඳි දෙකක් සාදා ගන්න. දැන් එයට සුදු හඳුන් කුඩු මේස හැන්දක්, දෙහි යුෂ බින්දු තුනක් සහ මෘදු වීමට ප්‍රමාණවත් තරම් වතුර එක් කරන්න. දැන් මේ තලපය මුහුණේ තවරා විනාඩි 20 කට පමණ පසුව මද උණුසුම් ජලයෙන් සෝදන්න. දොඩම් ලෙලි තෝරා ගැනීමේදී තැඹිලි වර්ණයේ දොඩම් තෝරා ගන්න. ඒවා හිරු එලියෙන් වියලා ගෙන කුඩු කර ගන්න.

02. දොඩම් යුෂ තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් භාජනයකට දාන්න. දැන් පිපිඤ්ඤා මද සූරාගෙන ඒ මිශ්‍රණයේම දාන්න. දැන් එය මුහුණේ තවරා විනාඩි විස්සකට පසුව මද උණුසුම් ජලයෙන් සෝදන්න.

03. තෙල් ගතිය විතරක් නම් මදෑ... කුරුලෑත් තියෙනවා නම් කලබල වෙන්න එපා.. කඩල පිටි මේස හැඳි තුනක් සහ මී කිරි මේස හැන්දක් මිශ්‍ර කර ගෙන ගොරෝසු මිශ්‍රණයක් සාදා ගෙන එය මුහුණේ ආලේප කර විනාඩි 20 කට පසුව මද උණුසුම් ජලයෙන් සෝදන්න.

04. වත්තේ පිටියේ නැත්නම් මාර්කට් ගිය වේලාවක මිංචි කොළ මිටියක් මිළට ගන්න. එයින් කොළ අහුරක් සිනිඳු මිශ්‍රණයක් වන පරිදි පොඩි කරන්න. දැන් එයට මී පැණි සහ මී කිරි මේස හැන්දක් එකතු කර ගෙන සාදා ගත් මිශ්‍රණය මුහුණේ තවරන්න. විනාඩි 15 කින් පසුව මද උණුසුම් ජලයෙන් සෝදන්න

05. කොහොඹ කොළ අහුරක් සොයා ගැනීම එතරම් අපසුවක් නොවෙයි. කොහොඹ කොළ සිහින්ව අඹරා ගෙන මී කිරි මේස හැන්දක් සහ දෙහි යුෂ තේ හැඳි බාගයක් එකතු කරන්න. මුහුණේ ආලේප කිරීමෙන් විනාඩි 10 කට පසුව ජලයෙන් සෝදා හරින්න.

වියලි සමට ෆේස් පැක්

01. මී පැණි මේස හැන්දක් සමග එළකිරි මේස හැන්දක් හොඳින් මිශ්‍ර කර ගෙන එය විනාඩි විස්සක් පමණ මුහුණේ තබා සිසිල් ජලයෙන් සෝදන්න.

02. කොකෝවා තේ හැඳි බාගයක් සමග පොල් කිරි තේ හැඳි බාගයක්, කඩල පිටි තේ හැඳි බාගයක් සහ මී පැණි තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කිරීමෙන් පසුව එය විනාඩි 15 ක් මුහුණේ ආලේප කරන්න. එයින් පසුව සාමාන්‍ය ජලයෙන් සෝදන්න.

03. කෝමාරිකා මද මේස හැඳි දෙකක් සමග මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා එය මුහුණේ ආලේප කිරීමෙන් විනාඩි 15 කට පසුව සිසිල් ජලයෙන් සෝදන්න.

04. රෝස පෙති අහුරක් ගෙන එය හොඳින් පොඩි කරගන්න. දැන් එයට යෝගට් මේස හැඳි දෙකක් සහ මී පැණි හැන්දක් මිශ්‍ර කර ගෙන මුහුණේ ආලේප කර විනාඩි 15කින් පසුව සිසිල් ජලයෙන් සෝදන්න.

05. අලිගැට පේර මද මේස හැඳි දෙකකට යෝගට් තේ හැන්දක් සහ මීපැණි තේ හැන්දක් තලපයක් වන සේ මිශ්‍ර කරගෙන මෘදු ලෙසින් මුහුණේ ආලේප කර මෙය විනාඩි 15 ක් පමණ මුහුණේ තැබීමෙන් පසුව සාමාන්‍ය ජලයෙන් සෝදන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1514 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:21:05 AM
Script:/article/1514/know-your-skin-and-do-these-face-packs.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:21:05 AM
Script:/article/1514/know-your-skin-and-do-these-face-packs.html