ඔබ නිදි පෙති ගන්න කලින් මේ දේවල් දැනගෙන ඉන්න

May 3, 2020
683
Think twice before taking sleeping pills
අද සමාජයේ බොහෝ දෙනෙක් රාත්‍රී නින්ද නිසා පීඩාවෙන් ඉන්නේ කියලා අපි දන්නවා. නින්ද නොයාම පිළිබඳ තාවකාලික ගැටළු මඟහරවා ගැනීම සඳහා බොහෝ දෙනෙක් නිදි පෙති ගත්තද කාලයත් සම​ග එය​ට ඇබ්බැහි වෙනවා කිව්වොත් අ​ප නිවැරදියි. සුවපත් නින්දකට මෙය විසඳුමක් නොවන අතර නොපෙනෙන නරක බලපෑම් ඇති වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි නිදි පෙති සම්බන්ධව කතා කරන්න හිතුවේ අන්න ඒ නිසායි.

නිදා ගැනීම සඳහා බොහෝ අය නිදි පෙති මත යැපෙන්නේ ඇයි?
නින්ද ඔයාගේ සිරුරට සහ මනසට හුඟක්ම වැදගත්. වැඩිහිටියෙකු අඩුම තරමින් පැය 7ක්වත් නිදා ගන්න ඕනේ. නින්ද නොලැබීම නිසා ඔයාගේ ශරීරය ආතතියෙන් පෙලෙන අතර කාලයත් සමඟ මෙය ඔයාගේ සෞඛ්‍යට අහිතකර වෙනවා. තවත් සමහර අය රාත්‍රිය පුරාම නොයෙකුත් හේතුන් වලට සැරින් සැරේ ඇහැරෙනවා. මේ නිසා තමයි හුඟාක් දෙනෙක් නිදි පෙති මත යැපෙන්නේ. 

ඔයාගේ වෛද්‍යවරයා විසින් නිදි පෙති නිර්දේශ ක​ළත් එය දිගු කාලීනව ශරීරයට අහිතකර ලෙස බලපානවා. දැන් අපි බලමු නිදි පෙති ඔයාගේ සෞඛ්‍යයට හානි කරන්නේ කොහොමද කියලා.

1. චර්යාත්මක වෙනස්කම් වලට භාජනය වෙනවා
නිදි පෙති ඔයාගේ ස්නායු සැකැස්ම කෙරෙහි බලපාන අතර ඔයාව නින්දට ඇද දමනවා. කොහොම වුණත්, දිනපතා නිදි පෙති පානය කිරීම නිසා ඔයාගේ මනෝභාවය සහ හැසිරීමේ වෙනස්කම් පෙන්නුම් කරනවා. 

2. මත්පැන් සමඟ නිදි පෙති ගන්න එපා!
නිදි පෙති සහ මත්පැන් එකට ගැනීම සුදුසු නැහැ. නිදි පෙති මත්පැන් පානය කිරීමට පෙර හෝ පසුව ලබා ගත්තොත් සමහර අවස්ථාවල මාරාන්තික වෙන්න පුළුවන් .

3. අසාත්මිකතා ඇතිවීමේ හැකියාව වැඩි වීම
නිදි පෙති විශාල ප්‍රමාණයක් පානය කිරීමෙන් අතුරු ආබාධ ඇති වෙනවා. සමහර මූලද්‍රව්‍යයන් නිසා ඔයා​ව අසාත්මිකතාවන්ට ලක් විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස හුස්ම ගැනීමේ අපහසුතා, මුහුණේ ඉදිමීම වැනි බලපෑම් ඇති වෙන්න පුළුවන්.

4. මතකය නැතිවීමේ ප්‍රවණතාව වැඩි වීම 
හොඳ නින්දක් ලබා ගැනීමට නිදි පෙති බිවූවත් එය ඔයාගේ මොළයට බලපානවා. විශේෂයෙන් මහලු වියේ සිටින අයට ඒ බලපෑම වැඩියි. ඒ සඳහා හඳුනාගෙන ඇති ප්‍රධාන රසායනික ද්‍රව්‍යය benzodiazepine වන අතර එමගින් මතකය හා සම්බන්ධ ගැටළු ඇති කරනවා.

5. නිදි පෙති වලට ඇබ්බැහි වීම
බොහෝ වෛද්‍යවරු මිනිසුන්ට නිදි පෙති නියම කරන්නේ යම් කාලයක් සඳහා පමණයි. නින්ද නොයාම නිසා ශරීරය නැවත නින්දට යාමට පුරුදු කිරීමට නිදි පෙති අවශ්‍ය වෙනවා. කොහොම වුණත් නියමිත කාලයට වඩා වැඩි කාලයක් පානය  කළහොත් පෙති වලට ඇබ්බැහි වෙන්නට පටන් ගන්නවා. සමහර අයට ඇබ්බැහි වීමේ වැඩි අවදානමක් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නින්ද නොයාම නැවත ඇති වෙනවා. මෙය පෙරට වඩා නරක අතට හැරෙන්න පුළුවන්.

ඔයාට වෙන කිසිම විකල්පයක් නොමැති අවස්ථාවක නිදි පෙති පානය කරනවා නම් මේ උපදෙස් පිළිපදින්න.

1. ඔයා ගන්නා නිදි පෙති සති දෙකකට නොඅඩු කාලයකට සීමා කිරීමට උත්සාහ කරන්න. ඒ වගේම නැවත ස්වාභාවිකවම  නින්දකට යාමට උත්සාහ කරන්න.

2. ඔයාගේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා නිදි පෙති භාවිතා කිරීමෙන් වළකින්න. එය වඩාත් නරක අතට පත් විය හැක.

3. ඔයා අසාත්මිකතා අත්විඳින්නේ නම්, එවැනි අසාත්මිකතාවයක් ස​ඳහා ගන්නා ඖෂධ සමඟ නිදි පෙති පානය කිරීමෙන් වළකින්න.

4. නිදි පෙති වලින් කිසි බලපෑමක් ඇති නොවේ නම් හෝ ඔයා වෙනදාට වඩා කලින් අවදි වුවහොත්, නැවත නිදා ගැනීමට නිදි  පෙති ගන්න එපා.

නිදි පෙති ගැනීම වෙනුවට ඔයාට කළ හැකි දේ..

නිදා සිටියදී සන්සුන් සංගීතයකට සවන් දෙන්න.
සමබ​ල ආහාර වේලක් ගෙන නින්දට යන්න.
කාමරය අඳුරු කර නින්දා ගැනීමට සුදුසු පරිසරයක් සදා ගන්න.
මනස සන්සුන් කර ගැනීමට යෝග හෝ භාවනා ක්‍රම තෝරා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to keep your feet beautiful
   31,605
   7,577

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Reasons to falling hair too much
   2,069
   711

වැඩිපුර හිසකෙස් වැටීමට හේතු වෙන්නේ මේ කාරණා 4 යි

හිසකෙස් වලට හානි වෙන්න කලින් ඔබ සෝදිසියෙන් ඉන්න ඕනේ සාධක ටිකකුත් මේ ලැයිස්තුවේ තියනවා
5 tips to be beautiful like a bollywood actress
   46,407
   403

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
6 tips to get a good night sleep
   1,195
   394

වඩා හොඳ නින්දක් සඳහා ඔබට කළ හැකි පුංචි දේවල් හයක්

මේ දේවල් කලාම ඔබට හොඳ රාත්‍රී නින්දක් ළඟා කරගන්න පුළුවන් වෙයි...
These 7 food can glow your skin
   24,183
   294

මේ ආහාර 7න් පුළුවන් ඔබේ සමට ලොකු වෙනසක් එක් කරන්න

ඔබේ සමේ පෙනුම කියන්නේ ඔබේ ආහාර තේරීම් සමඟ යා වෙන දෙයක්. දීප්තිමත් සමක් ලබා ගන්න ඔබට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත හොඳම ප්‍රභවයන් ලැයිස්තුවක් මෙන්න...

Latest Articles

Most Viwed