මිනිසුන්ගෙන් සුරතලාට හෝ සුරතලාගෙන් මිනිසුන්ට කොවිඩ් 19 සම්ප්‍රෂණය විය හැකිද?

May 9, 2020
2,527
Do you have be scared of your pet over corona virus?
අද නිවැසි සුරතල් සතුන් ඇති දැඩි කිරීම අපේ විනෝදාංශයක්. ඒත් කොවිඩ් 19 වෛරසයේ පිබිදීමත් සමග බොහෝ දෙනාගේ හිතේ නිවැසි සතුන් ගැනත් සැක ඇති වෙන්න පටන් ගත්තා. අපේ හැඩකාරියන්ටත් මේ සාධාරණ බිය දැන් ඇති වෙලා තිබෙන්න පුලුවන්.

මිනිසුන්ගෙන් සතුන්ට සම්ප්‍රේෂණය වෙන්න ඉඩ තිබෙනවා..

ගොරිල්ලන් ඇතුළු වේගයෙන් වඳ වෙමින් පවතින ජීවීන් රැකගැනීම සඳහා වෙහෙසෙන පරිසරවේදීහු කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමඟ එම සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටිති. මිනිසුන්ගේ ආශ්වාස- ප්‍රශ්වාස කිරීමේ ක්‍රියාවලියේ දී වාතයට එක්වෙන වෛරස් අංශු ගොරිල්ලන්, චිම්පන්සින් සහ ඔරන්උටන් වැනි දියුණු වානර කුලයේ ජීවීන්ට ආසාදනය විය හැකි බවට සාක්ෂි තිබෙනවා.

මෙම සියලු සිද්ධීන් මගින් පෙන්නුම් කෙරෙන්නේ, වෛරසය ආසාදිත මිනිසුන් සත්ව වර්ගයාට තර්ජනයක් එල්ල කරන බවය ගෘහාශ්‍රිත සුරතල් සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් ඇති බවට සාක්ෂි නැති වුනත් මිනිසුන්ගේ කැස්ස හෝ කිවිසුම් පිට කරනු ලැබීම සහ ප්‍රශ්වාස කරනු ලබන විට වාතයට එක්වන වෛරස් අංශු බළලුන්ට ආසාදනය විය හැකි යි.

නිවැසි බළලුන් ආසාදනය වෙලා..

බෙල්ජියමෙන් ලැබුණ වාර්තාවකට අනුව බළලෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වීමෙන් සතියකට පසු එම සුරතලාගේ අයිතිකරු තුළත් රෝග ලක්ෂණ පහළ විය.

එම සිදුවීමෙන් පසු චීනයේ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද විද්‍යාගාර පරීක්ෂණවලින්, බළලෙකුගෙන් තවත් බළලුන්ට වෛරසය බෝවිය හැකි බවට සාක්ෂි ලැබුණි.

කොරෝනාවෛරසය (කොවිඩ්-19) සතුන් අතර පැතිර යාම වළක්වා ගැනීමට සහයෝගය දීමක් වශයෙන් සිය සුරතල් සතුන් ගෙදර ම රඳවා තබන ලෙස පශු වෛද්‍ය විශේෂඥයෝ බළලුන් ඇති කරන්නන්ට උපදෙස් දෙති. මේ අතර පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, බළලුන්ගෙන් තවත් බළලුන්ට වෛරසය පැතිරයාමේ හැකියාවක් පැවතිය හැකි බවය.

සතුන්ගේ අයිතිකරුවන් බිය වෙන්න එපා..

එහෙත් බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමය පවසන්නේ සුරතල් සතුන්ගෙන් තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වනු ඇත් දැයි යන්න පිළිබඳ "සුරතල් සතුන් හිමියන් බියපත් විය යුතු නැති" බවය.

හොංකොංහි සිටි සරසවියේ (City University)) වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් (Dr Angel Almendros) බීබීසියට ප්‍රකාශයක් කරමින්, "සුරතල් බල්ලෙකු හෝ බළලෙකුගෙන් මිනිසෙකුට කොරෝනාවෛරසය ආසාදනය වීමක් පිළිබඳව එකම සිද්ධියක් හෝ මෙතෙක් වාර්තා වී නැතැයි" සඳහන් කළේය.

ආරක්ෂාව නම් වැදගත්

කෙසේවුවද, වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින කාලයක - ආරක්‍ෂිත පියවරක් වශයෙන් - කළ හැකි නම්, බළලුන් නිවස තුළ රඳවා තබා ගැනීම යෝග්‍ය බව වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් පෙන්වා දෙයි. එම උපදේශය සමඟ තමා එකඟ වන බව බ්‍රිතාන්‍ය පශුවෛද්‍ය සංගමයේ (BVA) සභාපතිනි ඩැනියෙලා ඩොස් සැන්ටෝස් බීබීසිය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළාය නමුත් සුරතල් සතුන් ඇති කරන සියලු දෙනාම සනීපාරක්‍ෂාව සඳහා දෑත් පිරිසිදු කර ගැනීම පුරුද්දක් ලෙස පවත්වා ගත යුතුයි'' ඇය සඳහන් කරයි. "සතෙක් වෛරසය ආසාදනය වී සිටින පුද්ගලයකු සමඟ ගැවසුනොත්, එම සතාගේ ඇඟේ ලොම් මගින් වෛරසය හුවමාරු වීමේ ඉඩක් තිබෙනවා" ඒ නිසා පූර්ව ආරක්ෂාව ඉතාම වැදගත්.

බිබිසි පුවත්

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1589 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:21:27 PM
Script:/article/1589/do-you-have-be-scared-of-your-pet-over-corona-virus.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:21:27 PM
Script:/article/1589/do-you-have-be-scared-of-your-pet-over-corona-virus.html