හිස්හොරි මර්දනය කරගන්න හොඳම විසඳුමක් මෙන්න

May 24, 2020
2,291
Aloe Vera for dandruff and for beauty
මේ දවස් වල හැමෝම ගෙවතු වගාවන් කරන නිසා කෝමාරිකා කියන සුන්දර ශාකයත් අනිවාර්‍යෙන්ම ඔබේ ගෙවත්තේ තිබෙන්නම ඕනේ. ඔබ ශාක වලට ආදරය කරනවා නම් කෝමාරිකා වවන එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි. හැබැයි කෝමාරිකා පොළවේ වවනවාට වඩා පෝච්චියක වවන එක තමා වඩාත් සුදුසු. එපමණක් නෙමෙයි මෙම බහුකාර්ය ශාකය තරමක් මිල අඩු නිසා මිල දී ගන්නත් පුළුවන්. කෝමාරිකා ඔබේ නිවසේ අභ්‍යන්තර අලංකරණ සඳහා සුදුසුයි වගේම මෙම ශාකයට ඔබේ සෞඛ්‍යය සඳහාත් බොහෝ දේවල් කරන්න පුළුවන්. කෝමාරිකා ‘‘miracle plant’’ ලෙසත් හැඳින්වෙනවා. ඒ නිසා අද අපි ඔබට කියන්නම් තරුණියන්ගේ රූපලාවණ්‍යය අවශ්‍යතා සඳහා කෝමාරිකා ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා...

කෝමාරිකා කියන්නේ සැබෑ ආශ්චර්යමත් ශාකයක්. උදාහරණයක් විදිහට ඒක වාතය පිරිසිදු කරන ගෘහාශ්‍රිත ශාකයක් නිසා ගේ ඇතුළේදී වාතයෙන් එන හානිකර ද්‍රව්‍ය පෙරහන් කරන්න කෝමාරිකා වලට පුළුවන්. අද වෙද්දී කෝමාරිකා විවිධ ඖෂධ හා ආලේපන සඳහා අමුද්‍රව්‍යයක් විදිහට ද යොදා ගනන්වා. එමනිසා කෝමාරිකා පැළයක් ඔබේ නිවසේ ප්‍රමාදයකින් තොරව වවන්න. ඊට පස්සේ පහත දේවල් සඳහා ඒක යොදා ගන්න පුළුවන්.

1. හිස්හොරි වලට ප්‍රතිකාර කරන්න
ඔබ හිස්හොරි වලින් පෙළෙනවාද? ගෙදරදී ම හදපු කෝමාරිකා හෙයා මාස්ක් එකක් හදා ගන්න. කෝමාරිකා දිග පත්‍රයක් අරන් දෙකට කපා හැන්දකින් ශාකයේ ජෙල් කොටස සූරා බඳුනකට දමා ගන්න. ඒකට කන්ඩිෂනර් මේස හැඳි දෙකක්, ඔලිව් තෙල් මේස හැන්දක් සහ පොල්තෙල් මේස හැන්දක් එක් කරන්න. පේස්ට් එකක් විදිහට මිශ්‍ර කරලා ඔබේ හිස්කබලේ තවරන්න. ටික වේලාවක් හිසේ තියලා ඔබේ හිසකෙස් සෝදන්න. ඔබේ හිස්හොරි සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙයි.

2. අව් රශ්මියෙන් පසු ක්‍රියා කරයි
කෝමාරිකා ඔබේ සමට ආලේප කළාම සමේ තෙතමනය රැකදී සමට සිසිලක් ගෙන දෙනවා. එමනිසා ශාකයේ ජෙල් කොටස අව් රශ්මියෙන් පිළිස්සුන සම මත හොඳින් ක්‍රියා කරනවා. බොහෝ සන්ස්ක්‍රීන් නිෂ්පාදන වල කෝමාරිකා අඩංගු වීම පුදුමයක් නොවෙන්නේ ඒ නිසායි.

3. කුරුලෑ වලට එරෙහිව
කෝමාරිකා වල බොහෝ ඛනිජ ප්‍රමාණයක් අඩංගු වන අතර ප්‍රතිබැක්ටීරීය බලපෑමක්ද එහි තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශාකයේ ජෙල් කොටස කුරුලෑ අඩු කර ගැනීමට ෆේස් වොශ් එකක් ආකාරයට උපකාරී කරගන්න පුළුවන්. කෝමාරිකා ජෙල් කොටසින් මේස හැඳි දෙකක් අරගෙන බඳුනකට දමා ආමන්ඩ් කිරි මේස හැඳි දෙකක් සහ ලෙමන් යුෂ හැඳි දෙකක් ඒකට එක් කරන්න. ඊට පස්සේ බීට් කරන්න. දැන් ඔබේ ෆේස් වොශ් එක සූදානම්. මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ සම මත මෘදු ලෙස සම්බාහනය කර මිනිත්තු කිහිපයකට පසුව ලා රස්නය ඇති ජලයෙන් සෝදා හරින්න.

4. තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා එය භාවිතා කරන්න
කෝමාරිකා මගින් තුවාල වේගයෙන් සුව කරන්න පුළුවන් වගේම කැළැල් අඩු කර ගන්නත් පුළුවන්. පර්යේෂණයන්ට අනුව කුඩා තුවාල වේගයෙන් සුව කිරීමට ද කෝමාරිකා යුෂ සමත් වෙනවා. ඒ ආකාරයේ ඖෂධ දියරයක් නිර්මාණය කිරීම සඳහා කෝමාරිකා ශාකයේ ජෙල් කොටස බ්ලෙන්ඩරයකට දමා සකසා ගෙන ආලේප කරන්න.

 5. මේක්අප් රිමූවර් එකක්
ඔබට සංවේදී සමක් නම් තියෙන්නේ ගැලපෙන මේක්අප් රිමූවර් එකක් සොයා ගැනීම ඉතා අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා අහිතකර දේවල් තවදුරටත් මුහුණට යොදන්න එපා. කපු පුළුන් කැබැල්ලකට මතට කෝමාරිකා ජෙල් ටිකක් දමලා ඔබේ සම මත මෘදු ලෙස සම්බාහනය කරන්න. එතකොට ඔබට පහසුවෙන් ඔබේ මේක්අප් එක ඉවත් කරගන්න පුළුවන්.

6. ස්ක්‍රබ් කරන්න
ඔබ ඔබේ සම ගැන සැලකිලිමත් වෙනකොට ඔබට කෝමාරිකා ජෙල් භාවිතා කරලා මුහුණේ ස්ක්‍රබ් කරන්න පුළුවන්. බේකිං සෝඩා සමඟ ජෙල් ටිකක් මිශ්‍ර කරලා ගන්න.

7. මවුත් වොශ්
අධ්‍යයන වලින් සොයාගෙන තිබෙනවා කෝමාරිකා මවුත් වොශ් එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන් කියලා. මෙම ශාකය තුළ විටමින් සී හොඳ මාත්‍රාවක් අඩංගු වන අතර එමඟින් මුඛ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඇති වීම වළක්වයි. ඔබ ඉදිමුණු විදුරුමස් වලින් පීඩා විඳිනවා නම් කෝමාරිකා වලින් සහනයක් ලබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

2020 fashion trends
   5,070
   2,503

2020 වසරේ හිට් වුණු ෆැෂන් ට්‍රෙන්ඩ්ස්

අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන මේ විලාසිතා ප්‍රවණතාවය සමඟ ඔයාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය 2020 අවුරුද්දට ගැලපෙන්න අප්ඩේට් කරගන්න
Tops goes with denims (part 01)
   11,514
   712

ඩෙනිමට මේ වගේ top එකක් ඇන්දොත් ඔයාව තවත් ලස්සනට පෙනේවී (01 කොටස)

විලාසිතාවක් විදිහට ඩෙනිම අඳින්න පුරුදු වුණොත් ඔයාට තවත් පිරිසක් අතරේ කැපි පෙනෙන විදිහට ලස්සනට ඉන්න පුළුවන්
Face packs for mix face skins
   7,264
   500

මිශ්‍ර සමක් සහිත යුවතියකගේ පෙනුම ඔප් නංව​න යෝගට් ෆේස් පැක්

සමේ පෙනුම ඔප් නංවන්න හැකි අමුද්‍රව්‍යයක් තමයි යෝගට් ෆේස් පැක් කීපයක් ගැන අපි කියන්නම්
4 things to fight about before getting married
   1,039
   190

විවාහ වීමට පෙර ඔබ සටන් කළ යුතු කරුණු 4 ක්

උපදේශකයින් පවසන්නේ ඔබ විවාහ වීමට පෙර යම් යම් දේ ගැන සටන් කරන තරමට, එකිනෙකාගේ පෞද්ගලික දෘෂ්ටිකෝණයන් පිළිබඳව ඔබ දෙදෙනාගේම අවබෝධය වඩා හොඳ වෙනවා කියලයි. ඉතින් අද අපි ඔබට කියන්නම් පෙම්වතියක් විදිහට ඔබ විවාහ වීමට පෙර සටන් කරන්න අවශ්‍ය කරුණු 4 ක් ගැන...
Be beautiful with veniwalgeta
   473
   154

වෙනිවැල් ගැට වලින් ලස්සන වෙමු

ගෙදර තියෙන වෙනිවැල්ගැට කෑල්ලෙන් ලස්සන වෙන්න.. මේ දවස්වල සැලෝන් යන්නත් නැහැ. . වැඩි මහන්සියක් නැතුව ෆේෂල් එකක් කරගනිමුද..?

Latest Articles

Most Viwed