දරුවන්ගේ නින්දේ වටිනාකම දෙමාපියන් වටහාගත යුත්තේ මේ හේතු නිසායි

June 5, 2020
1,838
The importance of children’s sleep
සාමාන්‍යයෙන් ළමයින්ගේ හිත් වල ප්‍රශ්න නැති නිසා ඇඳට වැටුණු සැනින් නින්ද යනවා. බියකරු සිහින නැති සුවපත් නින්දක් දරුවන්ට ලබා දීම අපි කාගේත් බලාපොරොත්තුවක්. නින්දට යාමේදී නිදහසට කරුණු මවා පා නින්ද මග හැරීම සෑම වයස් කාණ්ඩයකම ළමයින් අතර බහුලව දක්නට ලැබෙන අතර එමගින් දෙමාපියන්ට බොහෝ කලකිරීමට පත් වෙනවා. නින්ද දරුවන්ට කොතරම් වටිනවද කියලා ඔයා දැනටමත් දන්නවා. ඉතිං අද හැඩකාරී අපි ඔයාට ළමයින්ට නින්ද මග හැරෙන්න බලපාන හේතු ගැනයි කියන්න හිතුවේ.

කාංසාව, මානසික අවපීඩනය සහ වෙනත් විවිධ රෝග දරුවන්ගේ නින්දට බාධා ඇති කරනවා. මෙය ළමුන් අතර දැකිය හැකි පොදු ලක්ෂණයක්. අද ළමයින් අධික ලෙස මානසික ආතතියෙන් පෙළෙන අතර නිදා සිටිය යුතු ප්‍රමාණයට වඩා අඩු නින්දක් තමයි ලබන්නේ. ඇත්ත වශයෙන්ම දරුවන්ට නින්ද අහිමි වෙනවා. ළමයින්ට වැඩි නින්දක් අවශ්‍ය බව විශේෂඥයින් පවා පවසා තියෙනවා.

“නින්දට ප්‍රමාණවත් කාලයක් වෙන් කිරීම යනු දරුවෙකුගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ හොඳම ක්‍රමයකි.” මෙය කුඩා දරුවන්ට මෙන්ම යොවුන් වියට පැමිණි අයටද අදාළ වෙනවා.

වයස අනුව (සෑම පැය 24 කට වරක්) ඔයාගේ දරුවාට කොපමණ නින්දක් අවශ්‍යද යන්න තීරණය කරන්න.
ළදරුවන් (මාස 4-12): පැය 12-16 නින්දක් 
කුඩා දරුවන් (අවුරුදු 1-2): පැය 11-14 අතර නින්දක්
පෙර පාසල් දරුවන් (අවුරුදු 3-5):  පැය 10-13 නින්දක්
පාසල් වයස (අවුරුදු 6-12): පැය 9-12 නින්දක්
යෞවනයන් (අවුරුදු 13-18): පැය 8-12 නින්දක්

ළමයින් නිදා නොගන්නේ නම් කුමක් සිදුවේද?

ප්‍රමාණවත් නින්දක් ලබන්නේ නැති ළමයින්ට පුළුල් පරාසයක ශාරීරික හා මානසික ගැටළු ඇතිවීමේ අවදානමක් පවතිනවා.

නිතර තුවාල කර ගැනීම
අවධානය මද බව
මනෝභාවයන් වෙනස් වීම
දුර්වල පාසල් කාර්ය සාධනය
තරබාරුකම
දියවැඩියාව
අධි රුධිර පීඩනය
මානසික අවපීඩනය
කාංසාව
සියදිවි නසාගැනීමේ සිතුවිලි

යෞවනයන් හට නින්ද නොලැබීම නිසා මානසික අවපීඩනය හා සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති වෙන බව පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා. මධ්‍යම රාත්‍රියෙන් පසුව නින්දට යන යෞවනයන් මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීමට 20% ප්‍රතිශතයක් ඇති බවත් එම පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා.

යෞවනයන් තුළ නින්ද නොයෑම නිසා ඔවුන්ගේ මනෝභාවයන්, හැසිරීම, පාසලේ ක්‍රියාකාරීත්වය සහ සබඳතාවලට බලපෑම් කළ හැකි අතර මානසික අවපීඩනයට හේතු වෙනවා. අපගේ දරුවන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට නින්ද අත්‍යවශ්‍ය වෙන්නේ මේ නිසයි. 

නින්දේ ඇති වාසි මොනවාද?

නින්දට ප්‍රමුඛතාවය දීමට දෙමාපියන් විසින් ළමයින් සහ යෞවනයන් බලගන්වන විට, එයින් ලැබෙන ප්‍රතිලාභ බොහෝමයි.  ළමයින්ට වයසට ප්‍රමාණවත් නින්දක් ලැබෙන විට, ඔවුන් ඉගෙනීමට වැඩි අවධානයක්, වඩා හොඳ හැසිරීමක්, යහපත් සබඳතා ඇති කර ගැනීමක්, චිත්තවේගයන් පාලනය කිරීම්, විෂය කරුණු මතක තබා ගැනීම් සහ වැඩි දියුණු කිරීම් තුළින් හොඳ සමස්ත ජීවන තත්ත්වයක් ලබමින් සතුටුදායක ජීවිතයක් ගත කරනවා.

ළමයින් විවිධ හේතූන් මත නින්ද සමඟ පොරබදින අතර, එම ගැටලු විසඳීමට දෙමාපියන්ට ඉවසීම අවශ්‍ය වෙනවා. නින්දේ ගැටලු මග හැර ප්‍රමාණවත් පැය ගණනක් නිදා ගැනීමට ඉගෙන ගත් පසු, ඔවුන් කාංසාව සහ ආතතිය වැනි රෝග ලක්ෂණ අඩුවෙන් අත්විඳින අතර වඩා හොඳ නින්දකට මග පාදනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

7 hair styles for day-to-day use
   16,598
   628

ඔයාගේ හැඩ වැඩි කරන කොණ්ඩා මෝස්තර 07 ක්

ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් එකම විදිහේ කොණ්ඩා විලාසිතාවකට කොටු වෙන්නේ නැතුව එක එක විදිහේ කොණ්ඩා විලාසිතාවක් කරලා බලන්න. ඒක ඔයාට වෙනසක් වගේම ඔයාව දකින අයටත් වෙනසක් වෙයි
Benefits to have a banana and warm water in the morning
   1,063
   247

දවස උණුසුම් වතුර වීදුරුවක් සහ කෙසෙල් ගෙඩියක් සමඟ ආරම්භ කිරීමේ ප්‍රතිලාභ

අදින් පසු සෑම උදෑසනකම උණුසුම් වතුර වීදුරුවක් සමග කෙසෙල් ගෙඩියක් ආහාරයට ගෙන දවස ආරම්භ කිරීමට උත්සාහ කරන්න. එයට හේතුව එමගින් ඔයාගේ ශරීරයට මෙන්න මේ වගේ ධනාත්මක බලපෑමක් ඇති කරන නිසයි..
At last love come in another form - Story
   225
   168

අවසානයේදී ආදරය වෙනත් ආකාරයකින් නැවත ඔබ වෙතට පැමිණෙනවා-Story

ඔහු ඒ පුංචි ගැහැණු ළමයාට කියනවා පහුවෙදාට උද්‍යානයට ආවම නැවතත් ඔහුව හමු වෙන්න කියලා. කිව්ව විදිහටම ගැහැණු ළමයා ඊට පහුවදා ඔහුව හමු වෙන්න ඇවිල්ලා හිටියා…. cont..
Changes in a girl when she starts to live solo
   7,304
   160

ගැහැණු ළමයෙක් ඇගේ තනිකඩ ජීවිතය භුක්ති විඳින්න පටන් ගත්තාම වෙන දේවල්

නොගැලපෙන ආදරයකින් හෙම්බත්වී ඔබ ඔබවම තෝරා ගන්න දිනයක් එනවා. තනිකඩව සිටීමෙන් සතුටක් ලැබීමට පටන් ගත්තාට පස්සේ බොහෝ ගැහැනු ළමයින්ට දැනෙන ආකාරය ගැන අද අපි ඔබට කියන්නම්...
5 beauty secrets Kareena Kapoor shared
   870
   114

කරීනා කපූර්ගේ තරුණ පෙනුම ගැන ඇය කියූ රූපලාවන්‍ය රහස් 5 ක් මේ

කරීනාගේ සම ලස්සනට තියා ගන්න මේ උපක්‍රම ලොකු බලපෑමක් ඇති කරනවාලු. අපි දැන් බලමු ඒ රූපලාවණ්‍ය රහස් මොනවද කියලා. මොකද අපිත් ආසයිනේ ලස්සනට හැඩට ඉන්න...

Latest Articles

Most Viwed