ශරීරයෙන් පිට වෙන දුර්ගන්ධය ඇති වෙන්නේ මේ හේතු 7 නිසායි

June 10, 2020
9,677
7 reasons to sweat with bad odour
කාන්තා පිරිමි කියලා භේදයක් නැතුව ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටළුවක් තමයි මේ. රස්නේ නිසා ඔයාට අධික ලෙස දහඩිය දමනවා.  දහඩිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීම නිසා ඔයා වගේම වටපිටාවේ ඉන්න මිනිසුන් පවා පීඩාවට පත් වෙනවා. සමහර අවස්ථාවට මේ දුර්ගන්ධය අපිට දැනෙන්නේත් නැහැ, ඒත් අපි අවට ඉන්න අයට දැනෙනවා. අද හැඩකාරී අපි ඔයාට ශරීරයෙන් පිට වෙන දුර්ගන්ධය ඇති වෙන්න හේතු 7ක් ගැන කියලා දෙනවා.

ඔයාට දහඩිය පිට වෙන ග්‍රන්ථි වර්ග දෙකක් තියෙනවා. එනම් එක්රීන් ග්‍රන්ථි සහ ඇපොක්රින් ග්‍රන්ථියයි. එක්රින් ග්‍රන්ථිය සමේ පහළ ස්ථරයේ පිහිටා තිබෙන අතර සෘජුවම සම මතුපිටට දහඩිය මුදා හරිනවා. නමුත් මෙම ග්‍රන්ථි ඔයාගේ ශරීරය සිසිල් කිරීමට උපකාරී වනවා.
 
එක්රීන් වගේ නෙමෙයි, ඇපොක්රීන් ග්‍රන්ථි පවතින්නේ ශරීරයේ තෝරාගත් ප්‍රදේශවල පමණයි. සම මතුපිට දහඩිය ඇති කිරීම වෙනුවට ඇපොක්රීන් ග්‍රන්ථි මගින් රෝම කූපවල​ට දහඩිය මුදා හරින අතර ශරීර උෂ්ණත්වය ඉහළ යන විට ඒවා ක්‍රියාකාරී වෙනවා.මේ නිසා දුර්ගන්ධය සඳහා ඇපොක්රීන් ග්‍රන්ථිය තමයි ප්‍රධානවම බලපාන්​නේ.

දහඩිය දැමීම සාමාන්‍ය ශාරීරික කාර්යයක් වන අතර එය උෂ්ණත්වය පාලන​ය කිරීමට සහ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට හේතුවනවා. ස්වාභාවිකවම ගන්ධ රහිත දහඩිය සම මත ජීවත්වන බැක්ටීරියා සමඟ ස්පර්ශ වූ විට පමණක් සුවිශේෂී දුර්ගන්ධයක් එක් කරනවා. 

දැන් අපි බලමු මොනවාද ශරීරයෙන් ගන්ධය පිට වීමට හේතු වන කාරණා කියලා

ඔයාගේ බර වැඩිවී ඇත් නම් 
ශරීරයේ දුර්ගන්ධය ඇති වන්නේ ශරීරයේ තෙතමනය සහිත ප්‍රදේශවල ජීවත් වන බැක්ටීරියා නිසායි. ඔයාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්න බර ඉක්මවා ඇත්නම්, සම තුළ නැමුම් ඇතිවී දහඩිය රඳවා තබා ගත හැකි අතර එය බැක්ටීරියා වර්ධනය වීමට සුදුසු පරිසරයක් වනවා.

කුළුබඩු, රසකාරක සහිත ආහාර වැඩිපුර ගැනී​ම
ඔයා කන කෑම අනුව දහඩියවල ගන්ධය තීරණය වෙනවා. සුදුළූණු සහ ළූණු වැනි ආහාර ඔයාගේ මුඛයෙන් පිටවන ප්‍රාශ්වාසයට ගන්ධයක් එක් කරනවා විතරක් නෙමෙයි, ශරීරයෙන් ගන්ධයන් පිට කරන්නටත් හේතු වෙනවා. අධික කුළුබඩු සහිත ආහාර ගත් විට ශරීරයෙන් සල්ෆර් වැනි සංයෝග නිකුත් කරනවා. මෙම සංයෝග සම හරහා විනිවිද ගොස් දහඩිය සමඟ ප්‍රතික්‍රියා කර ගන්ධය වැඩි කරනවා.

සමහර එළවලු වර්​ග
ඔයාගේ ශරීරයෙන් පිට වන දුර්ගන්ධයට හේතුව ඔයා ආහාරයට ගත් හරිත පැහැති එළවළු වෙන්න පුළුවන්. කුළුබඩු මෙන්ම සමහර හරිත එළවළු එනම් ගෝවා, වට්ටක්කා, බ්රොකොලි වල සල්ෆර් අඩංගු වෙනවා. නමුත් මෙය ඔයාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්න කරනවා. එ නිසා අත්හැර දමන්න එපා. විශාල වශයෙන් ආහාරයට ගැනීම අඩු කරන්න.
 
මත්පැන් පාන​ය
ඔයා වැඩිපුර මධ්‍යසාර බොනවාද? ඔයා අධික ලෙස පානය කිරීමෙන් අයහපත් ප්‍රතිඵල දැක ගන්න ලැබෙනවා. ඔයාගේ ශරීරය ඇල්කොහොල් අවශෝෂණය කරන විට එය ඇසිටික් අම්ලයට පරිවෘත්තීය වනවා. මෙම ඇසිටික් අම්ලය දහඩිය සමේ බැක්ටීරියා සමඟ ප්‍රතික්‍රියා කර නරක ගන්ධයක් ඇති කරනවා.

ඔයා ඖෂධ භාවිත කරනවා නම් 
දියවැඩියාව සහ තයිරොයිඩ් වැනි ඇතැම් රෝගාබාධ නිසා කෙනෙකුට වැඩිපුර දහඩිය දමන්න පුළුවන්. ඔයාට දුර්ගන්ධය දැනෙනවා නම් ඔබ ලබාගන්නා ඖෂධද ඊට හේතුවක් වෙනවා. කොහොම වුණත් ඔයාගේ ශරීරයේ දුර්ගන්ධයේ  අමුතු වෙනසක් දැනුනොත්, එය වකුගඩු හෝ අක්මාව සම්බන්ධ ගැටළු වල ලකුණක් වන්නටත් හැකියි. මෙය වෛද්‍යවරයෙකුගේ අවධානයට යොමු කිරීම වඩාත් සුදුසුයි.

ඔයා ආතතියට පත්ව සිටී නම්
ඔයා මානසික ආතතිය හා කාංසාව වැනි හැඟීම් අත්විඳින විට, ඔයාගේ ඇපොක්රීන් ග්‍රන්ථි දිගටම වැඩ කරන අතර අධික ලෙස දහඩිය දමනවා.  මෙම ග්‍රන්ථිය මගින් අප්‍රසන්න ගන්ධයක් ඇති කරනවා.

ඔයා ආර්තවහරණ​ය
මෙම අදියරේදී ඊස්ට්‍රජන් මට්ටම පහත වැටෙන අතර ඔයාගේ සිරුරට අධික ලෙස දහඩිය දැමීමට තුඩු දෙනවා. මෙය ශරීර ගන්ධයට හේතු විය හැකියි. හෝමෝන වෙනස්කම් කෙනෙකුගේ මනෝභාවයට බලපාන අතර ආතතිය පිළිබඳ හැඟීම් වර්ධනය කරවනවා, එමඟින් දහඩිය තව දුරටත් නරක අතට හැරෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   45,325
   25

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
One major effect of fasting
   3,672
   21

නිරාහාරව සිටීමෙන් උදරයට ඇතිවන අති විශාල බලපෑමක්

බර අඩුකර ගැනීමේ වුවමනාව, කාර්‍යබහුලත්වය ආදී නොයෙකුත් හේතූන් නිසා බොහෝ දෙනා ආහාරවේල් මගහරිනවා. එමගින් ඔබගේ බඩවැල් ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් පිළිබද බොහෝදෙනා දැනුවත් නැහැ.. අද හැඩකාරි අප ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ නිරාහාරව සිටියහොත් ඔබට ලැබෙන ප්‍රයෝජනයක් පිළිබදවයි..
Food to regulate your menstrual circle
   42,051
   18

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Dress patterns for flower prints
   61,646
   17

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Fruits to eat during pregnancy and why
   11,274
   13

ගර්භණී සමයේදී අනුභව කරන්න සුදුසුම පළතුරු සහ ඒවා ගත යුතු හේතු

ඔබේ සෞඛ්‍යය සහ දරුවාගේ සෞඛ්‍යය වෙනුවෙන් ඔබට පහසුවෙන්ම කරන්න පුලුවන් එක දෙයක් තමයි පලතුරු ආහාරයට ගැනීම. ගර්භණී සමයේදී ආහාරයට ගන්න සුදුසු පළතුරු ගැන වැඩි විස්තර දැනගැනීමට මේ ලිපිය කියවන්න...

Latest Articles

Most Viwed