කස කසා ඇටවල ගුණ අපේ හැඩකාරියෝ දන්නවා නම් කිසිම විය පැහැදමක් නැතුව ඔවුන්ගේ බොහෝ රෝග සුව කර ගන්න ලැබේවි.
අපි පානය කරන සරුවත්ල එහෙම නැත්නම් ෆලුඩා වැනි පාන වර්ග වල දක්නට ලැබෙන කස කසා ඇට ග්රෑම් 100 කින් ඔබට ලබා ගත හැකි පෝෂණ ගුණ බොහොමයක් තිබෙනවා.
• ශක්තිය කිලෝ කැලරි 525
• කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 28.13
• ප්‍රෝටීන් ග්‍රෑම් 17.99
• මේදය ග්‍රෑම් 41.56
• තන්තු19.5
• ෆෝලේට් මයිකෝ ග්‍රෑම් 82
• නියසීන් මිලිග්‍රෑම් 89
ඉතින් මේ පෝෂණ ගුණයන්ගෙන් හැඩකාරියන්ට ලැබෙන වාසි මොනවාද..?
සාමාන්‍යයෙන් අද අප අතර කාන්තාවන්ගේ දරුවන් ලැබීමේ හැකියාව ගැන විවිධ ගැටළු ඇති වෙනවා. ඒ වෙනුවෙන් හේතු කාරක බොහොමයක් තිබෙනවා. එයිනුත් පැලෝපීය නාල වල ඇති ගැටලු නිසා මේ තත්වය ඇති වෙනවා. නමුත් කස කසා ඇට පානය කිරීමෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස් දිය කර හැරීමේ හැකියාව කිබෙනවා. ඒ විතරක් නොවෙයිල ලිංගික උත්තේජනයත් වැඩි දියුණු වෙනවා.
හොස්ස අගින් මැස්සා ගියත් කේන්ති යන හැඩකාරියන්ගේ මේ කේන්තියට හේතු වෙන කෝටිසෝල් හෝර්මෝනය පහළ බැසීමටත් කස කසා ඇට පානයෙන් විශේෂ ගුණයක් ලැබෙනවා. ඒ වගේම සුවදායක නින්දකුත් ලබා ගත හැකියි.
මුඛයේ ඇති වෙන තුවාල වගේම අස්ථි සම්බන්ධ බොහෝ රෝග වලක්වන කස කසා ඇටවල තන්තු අඩංගු නිසා දියවැඩියා රෝගින්ටත් ඉතා ගුණ දායකයි.
සම පැහැපත් කරන අතර හිසකෙස්වලටත් ගුණදායකයි. උදරයේ ඇති ආම්ලිකතාවයන්ටත් ගුණයි. ඇස් පෙනුම දියුණු කරන අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයටත් හේතු වෙනවා. ඒ වගේම හමේ තෙතමනය ආරක්ෂා කරනවා. සිරුර සිසිල් කරනවා.
එකම විදිහට නැතුව විවිධ විදිහට කස කසා හදමු..
වතුර වීදුරුවකට කස කසා ඇට තේ හැන්දක් එකතු කරලා විනාඩි විස්සකට පසුව පානය කරන්න.
කස කසා ඇට මේස හැන්දකට වතුර වීදුරු තුනක් එකතු කරන්න. මෙයට දෙහි හෝ ලෙමන් යුෂ ගෙඩියකින් බාගයක් මිරිකා ගන්න. ග්‍රීන් ටී බෑග් දෙකක් එකතු කරලා පැයක් පමණ තබන්න. දැන් ග්‍රීන් ටී බෑග් දෙක මිරිකා ඉවත් කරලා මේ කස කසා පානය කරන්න.
කිරි කෝප්ප දෙකකට කස කසා ඇට මේස හැන්දක් එකතු කරලා හොඳින් කලවම් කරන්න. එම භාජනය වසා පැය හතරක් ශීතකරණයේ තබන්න. දැන් මේ මිශ්‍රණය වෙනත් භාජනයකට දමා එයට වියලි මිදි, රට ඉදි සහ චෙරි ටිකකුත් එකතු කරලා නැවත පැය බාගයක් පමණ වේලා ශීතකරණයේ තබා පිටතට ගන්න. මෙය ශිතකරණයේ තබමින් දින දෙක තුනක් වුනත් ආහාරයට ගන්න පුලුවනි.
මේ මොන ක්‍රමයට සකස් කළත් සතියකට දින හතරක් විතර මේ කස කසා ඇට පානය කිරීම ප්‍රමාණවත්. මොන දෙයක වුනත් සීමාව පනින්න හොඳ නැහැනේ…
එන්.ඒ.පි.සි