ගුවන් සේවිකාවක් වෙන්න ලස්සන විතරක් තිබ්බම ඇතිද?

August 21, 2020
11,711
Is beauty enough to be a air hostess
අපේ හැඩකාරියෝ තමන්ගේ වෘත්තිය විදිහට ගුවන් සේවිකාවක් වෙන්න කැමැත්තක් දක්වනවාද..? ඔබ හැඩකාර නිසා ඒ වෙනුවෙන් සුදුසුකම් සපුරා ඇතැයි කිව්වත් ගුවන් සේවිකාවකගේ බහු කාර්ය භුමිකාව ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්.

වේටර් කෙනෙක් නොවෙයි..

ඔබ හිතන්නේ ගුවන් ගමනක් යද්දී ආසනය සමීපයටම ආහාරපාන සපයා දෙන ගුවන් සේවිකාව වේටර් රාජකාරියේ නිරත අයෙකු බව නම් ඒ ආකල්පය අදින් ඉවත් කර ගන්න වෙනවා. ඒ මොකද කිව්වොත් ඇය ඇත්තටම ඔබට ආහාරපාන සපයන වේටර් මහත්මියකට කෙනෙකුට වඩා ඔබ්බට ගිය රාජකාරි ඉටු කරන සුවිශේෂී චරිතයක්.

ලස්සන විතරක් නොවෙයි

අපි සාමාන්‍යයෙන් ගුවන් සේවිකාවක් ගැන හිතන්නේ අනේ ලස්සනයි. ලස්සන තිබුනොත් ගුවන් සේවිකාවක් වීමට සුදුසුකම් ලබන බවයි. නමුත් ඒ එක් සුදුසුකමක් පමණයි. ආකර්ශණීය පෙනුම වගේම අදයාපන සුදුසුකම්,උස,බර, ඇස් පෙනීමේ හැකියාව ආදි සියලු අංඟ ඇතුලත් වෙනවා. කිලෝග්‍රෑම් 47 සිට 61 අතර බරක්, අඩි පහයි අඟල් දෙකක සිට අඩි පහයි අඟල් නවයක් දක්වා වූ ස පරාසයක සිටීම, කණ්ණාඩි නොමැතිව 20-40 අතර ඇස් පෙනුමේ හැකියාවක් තිබීම ඉතාම වැදගත්.

ආත්මාරක්ෂාව ගැනත් දන්නවා

ගුවන්සේවිකාවන් ආත්මාරක්ෂාව පිළිබඳ විවිධ සටන් සහ උපායන් ගැනත් හොඳින් පුහුණුව ලබා ගත් පිරිසක්.ඒ වගේම ගුවන්යානය තුළ යම් ගැටලුවක් ඇති වුනොත් එය ගුවන් සේවිකාවට හැකියාව තිබෙනවා.

අනපේක්ෂිත ගොඩ බෑමකදී

ගුවන්ගමන අවසාන වීමට නියමිතව තිබෙන ගුවන්තොටුපොලට පෙරාතුව හදිසි ගොඩ බැස්වීමක් සිදු වුනොත් ඒ ස්ථානය වනාන්තරය, ගංගාවක් හෝ හුදෙකලා කලාපයක් වෙන්න පුලුවනි. මේ ආගන්තුක පරිසරයේදී මගීන්ට ඇති වෙන ආහාරපාන අවශ්‍යතාවයන් වගේම මානසික ව්‍යාකූලතාවයටත් පිලියම් යොදන්න ගුවන් සේවිකාව සූදානමින් සිටිනවා.

පොළිස් නිළධාරියෙකු වගෙයි

ගුවන්ගමනක් පැය කීපයක් පුරා යද්දී අපි හිතමු හදිසියේවත් මගීන් අතර ආරවුලක් ඇති වුනා කියලා. මිනිසුන්ගේ ආවේග, කෝපය , සහ වෙනත් හැසිරීම් වෙනුවෙන් වෙලාවක් කලාවක් නැහැ. ඒ වගේ අවස්ථාවලදී අපේ ආරක්ෂක හමුදාවන්ගේ පිහිට පතන්නයැ. ඔන්න ගුවන් සේවිකාව එතැනදී පොළිස් නිළධාරීයෙකුගේ කාර්ය භාරය ඉටු කරන්න සූදානම්.

ගිනි නිවන පුහුණුවත්

හදිසියේවත් ගුවන්යානයේ ගින්නක් ඇති වුනොත් එය නිවා දමන්න වගේම මගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමටත් ගුවන් සේවිකාවට පුහුණුව ලබා දී තිබෙනවා. ඒ කියන්නේ ගිනි භටයෙක් විතරක් නොවෙයි,වෛද්‍යවරයෙකුගේ භුමිකාවත් ඇයට තිබෙනවා.

වින්නඹු අම්මා වගෙයි

දරු ප්‍රසුතියට ආසන්නව ඉන්න අම්මා කෙනෙකුට නම් ගුවන් ගමන්වලට අවසර නැහැ.ඒත් අනපේක්ෂිත විදිහට දරුවෙකු කාලයට කලින් ප්‍රසුත වෙන්නත් පුලුවනි.ඒ වගේ අවස්ථාවකදී ගුවන් සේවිකාව වින්නඹු අම්මාගේ රාජකාරියත් ඉටු කරනවා නිරෝගි දරු උපතක් විතරක් නොවෙයි, ගැබිණි මවකට මේ ගමනේදී විවිධ සංකුලතාවයන් ඇති වුනොත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර කිරීමටත් ඔවුන් සූදානම්.. තවත් විශේෂයක් තිබෙනවා. ඒ වගේම මේ උපත දැණුම් දෙන්නෙත් ගුවන් සේවිකාවන් විසිනුයි. එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියට අනුව උපත ලබන දරුවා ලංකාවේ මව්පියන්ට දාව වුනත් අපි කියමු මහාබ්‍රිතාන්‍ය ගුවන් සීමාවේදී ප්‍රසුත වුනා නම් ඒ දරුවාට බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා දීමත් අහසේ නීතියයි.

හැමදාම එකම රටකට යන්නෙත් නැහැ

අපි හිතන්නේ ගුවන් සේවිකාවක් කිව්වොත් ඇගේ සේවය සපයන ගුවන්යානයක් ඇති. ඒ අනුව ගුවන්වාර ගණනාවක්ම ඒ රටට පියාසර කරන්න පුලුවන් වේවි. නමුත් අපේ උපකල්පනය වැරදිය. ඇයට එකම රටකට යන්න ලැබෙන්නේ නැහැ. එක් එක් ගුවන්වාර එක් එක් රටවල් වෙනුවෙන් පවරනවා.ඒ වගේම ආයතනයක වගේ එකම කණ්ඩායමක් සමග සේවයටත් ඉඩක් ලැබෙන්නේ නැහැ. විවිධ ගුවන්වාරවලදී ඇයට එකතු වේනනේ විවිධ නිළධාරී කණ්ඩායම්. ඉතින් මේ විවිධ පිරිස් සමග වවිධ රටවල්වලට අහස සරමින් ඇය මගීන්ගේ සත්කාර සේවාව ඉතාම අපුරුව්ට ඉටු කිරීමට සූදානම්.

ටිකට් කවුන්ටරයේත් සේවය කරනවා

සාමාන්‍යයෙන් කාන්තාවන් අතර තවත් කාන්තාවක් වෙනුවෙන් පුංචි ඉරසියාවකුත් ඇති වෙනවා. ඒ හින්දා ගුවන් සමාගම් අතරත් මේ පුංචි චෝදනා ඇති වුනා. අපි විතරක් හැමදාම ටිකට් කවුන්ටරයේ ගුවන් සේවිකාවන් ගුවන්යානයේ සවාරි යනවා.. මේ නිසා ගුවන් සේවිකාවන්ට ටිකට් කවුන්ටරයේත් සේවය කිරීමට සිදු වී තිබෙනවා.

මේ අයටත් මහන්සිය දැනෙනවා

ගුවන් ස්විකාවන් කියන්නේත් අපි වගේම ඇට, ලේ, මස් සහ නහරවලින් සැදුන මිනිස් රූපයක්. ඒ නිසා පැය ගණනාවක් ගුවන්ගමනය යද්දී ගුවන් සේවිකාවන්ටත් වෙහෙස දැනෙනවා. එය වලක්වන්නත් බැහැ.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1785 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:39:58 PM
Script:/article/1785/is-beauty-enough-to-be-a-air-hostess.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:39:58 PM
Script:/article/1785/is-beauty-enough-to-be-a-air-hostess.html