බැක්ටීරියා, වෛරස් වැනි බාහිර බලවේගයන්ගෙන් අපව ආරක්ෂා කරන ශරීරයේ ආරක්ෂණ පද්ධතිය වන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි.. ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යම් බිඳ වැටීමක් එසේ නැතිනම් දුර්වලවීමක් සිදුවූ විට ඔබ නිතර නිතර රෝගාබාධ වලට ගොදුරුවනවා.. විශේෂයෙන් කොවිඩ් 19 රෝගයෙන් මුළු ලෝකයම පීඩාවට පත්ව සිටින මෙම කාල සීමාවේදි සිරැරේ ප්‍රතිශක්තිය වැඩිකරගන්නේ කෙසේද සහ එහි වැදගත්කම සහ ප්‍රතිශක්තිය වැඩිකර ගැනීම සඳහා කලයුතු පිළියම් පිළිබඳ වන සටහන් මගින් මේ දිනවල සමාජ මාධ්‍ය පිරී පවතිනවා.. ඒවායින් ඇතැම් කරුණු සත්‍ය වන අතර ඇතැම් කරුණු එතරම් සාර්ථක වන්නේ නැහැ..
නමුත් ඔබ දන්නවාද දෛනික ජීවිතයේ ඔබගේ ඇතැම් පුරුදු මගින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණෙන බව..
1. අධික ලෙස මත්පැන් පානය කිරීම
වසර ගණනාවක් පුරාවට විශේෂඥයින් මත්පැන් පානය මගින් ශරීරයට වන හානිය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන අතර එමගින් හෘද රෝග, ශ්වසන ආසාදන, පිළිකා, ලේ විෂවීම, අක්මා රෝග ආදි විවිධ රෝග අවධානම වැඩිකරන බවට කරුණු ඉදිරිපත් කරනවා. එමෙන්ම නවතම අනාවරණය වන්නේ එමගින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එල්ලවන බලපෑමයි. එමනිසා හැකි සෑම විටම ඇල්කොහොල් අඩංගු පානයෙන් වැළකීම හෝ මධ්‍යස්ථ භාවිතයට හුරුවීම වැදගත් කාරණාවක්.. විශේෂයෙන් කොරෝනා රෝගය දැඩිව ව්‍යාප්ත වන මෙම කාලසීමාවේ ඔබ වඩාත් ප්‍රවේශම් වීම වැදගත් වනවා.
2. ප්‍රමාණවත් නින්දක් නොලැබීම
නින්දේදි අපගේ සිරැරේ ප්‍රධාන පද්ධති සියල්ලේම අලුත්වැඩියාව සිදුවනවා.. විශේෂයෙන් මොළයේ ක්‍රියාකාරිත්වයට, හෘදයේ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සඳහා ප්‍රමාණවත් විවේකයක් අවශ්‍ය අතර එම පද්ධති නඩත්තුව සඳහා ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්.. ඇතැම් පිළිකා ඇතිවීම, හෘද රෝග සහ ඩිමෙන්ශියා ඇතුළු බරපතල රෝගාබාධ ගණනාවකටම ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවනවා. එමනිසා වෛද්‍ය නිර්දේශයට අනුව වැඩිහිටි පුද්ගලයකු දිනකට පැය 7 ත් 9 ත් අතර සුව නින්දක් ලැබිය යුතුයි.
3. සිරැරට ප්‍රමාණවත් පරිදි විටමින් D නොලැබීම
ඔබගේ රුධිර ක්‍රියාකාරිත්වයට ප්‍රමාණවත් පරිදි විටමින් D නොලැබීම ඔබගේ සිරැරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා. විටමින් D වයස් භේදයකින් තොරව ශරීරයට ඉතා අත්‍යවශ්‍ය විටමින් වර්ගයක් වන අතර ශරීරයේ වැඩීම සහ සංවර්ධනය උදෙසා වැදගත් කාර්‍යභාරයක් ඉන් ඉටුවනවා. සතියකට දින කිහිපයක් විනාඩි 10 සිට 20 දක්වා කාලයක් හිරු එළියට නිරාවරණය වීම, කිරි, බිත්තර සහ ටූනා, සැමන් වැනි විටමින් D අඩංගු ආහාර ගැනීම මගින් ස්වභාවිකව විටමින් D ලබාගත හැකි අතර එසේ නොමැතිනම් වෛද්‍ය නිර්දේශය අනුව විටමින් D අතිරේකයක් ලබාගත හැකියි.
4. හුදකලාව කාලය ගත කිරීම
තනිකම මගින් ඔබව ආතතියට ලක්කරන අතර එමගින් ඔබගේ සිරැරේ හදවත, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ මොළය දුර්වල කරනු ලබනවා. විශේෂයෙන් ඔබ තනිකම දැනෙන තනිකමින් පීඩා විදින පුද්ගලයකු නම් ඔබට පිළිකා, හෘද වාහිනී රෝග සහ ඩිමෙන්ශියා වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවධානම ගෙන එනු ලබනවා.. විශේෂයෙන් කොරෝනා වෛරස ව්‍යාප්තියේ බලපෑම බොහෝ පුද්ගලයන්ගේ මානසික මට්ටම දුර්වල කිරීමට බලපා තිබෙනවා.. එමනිසා සෑම විටම අන් අය සමග හැකිතාක් සම්බන්ධ වන්න.. ශාරිරික දුරස්ථභාවය තබාගෙන අන් අය හා සම්බන්ධ වීමට ඔබට ඕනෑ තරම් ක්‍රමයන් මෙම යුගයේ තිබෙනවා..
5. නිතර ආතතියෙන් පීඩා විදීම
බොහෝ දෙනා මෙම කාලයේ ගතකරනු ලබන්නේ නිවසටම කොටුවූ ජීවිතයක්.. පෙර පරිදි නිදහසේ කාලය ගත කිරීමට නොහැකියි.. රැකියා කටයුතු, ආර්ථික අපහසුතා, දරුවන්ගේ හෝ පවුලේ කටයුතු ආදී නොයෙකුත් හේතුන් නිසාවෙන් නිරතුරු ආතතියට පත්වීම සාමාන්‍යකරණය වී තිබෙනවා. නමුත් නිරතුරු මානසික ආතතියෙන් පීඩාවිදීම කෝටිසෝල් හෝමෝන ශ්‍රාවය වේගවත් කිරීමට හේතුවනවා. එමෙන්ම නිදන්ගත ආතතියෙන් පෙළෙන පුද්ගලයන් නිතර උණ සෙම්ප්‍රතික්ෂා වැනි රෝග සඳහා ගොදුරුවීමෙ අවධානමද වැඩි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.. එමනිසා ආතතිය මගහරවා ගැනීම සඳහා සමබර ආහාර වේලක් ගැණීම, ප්‍රමාණවත් පරිදි විවේකය, නින්ද සහ ව්‍යායාම් ලබාගැනීම, මත්පැන් භාවිතය අවම කිරීම, සෑමවිටම සතුටින් සිටීමට උත්සාහ කිරීම වැනිදෑ කල යුතුයි.. එමෙන්ම දිගින් දිගටම පවතින මානසික ආතතිය සඳහා වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීමද කලයුතු වනවා..