කාන්තාවකගේ ජිවිතයට ගොඩක් වැදගත් වර්ණ

February 2, 2017
8,034
colours are important for woman
පොඩි කාලෙ ඉදන් අපි හැමෝම වර්ණ වලට ආසා කරනවා. ලෝකෙ හැමදෙයක්ම සංකලනය වෙලා තියෙන වර්ණ කාන්තාවකගේ ජීවිතයේ ගොඩක් තැන්වලදි වැදගත් වෙනවා. ඒක ගැන කතා කරන්නයි මේ සූදානම.

"මිසිස් රත්නායක මොනවද කල්පනා කරන්නෙ?"

කඩෙන් ගෙනාපු බේබි ඇදුම් කෑලි කිහිපය එහා මෙහා කර කර හිටිය මිසිස් රත්නායක මොකක්දෝ අවුලක වගේ.

"බලන්නකො මිසිස් පෙරේරා, හෙට මගෙ යාළුවා බියට්‍රිස්ගේ දුවගෙ පොඩි එකගේ බර්ත්ඩේ එකනෙ. ඉතින් හස්බන්ඩ්ට කියලා ගෙන්ව ගත්ත පුංචි ඇදුම් මාරු කරන්න වෙලා."

ඔය වගේ ප්‍රශ්න එදිනෙදා ජීවිතේ ඔබටත් ඇති වෙන්න පුළුවන්. සමහර විට වයස ඇඟේ ප්‍රමාණය එක්කම ඇදුම් තෝරගන්නවට අමතරව නොගැලපෙන වර්ණ හින්දත් ඇදුම් පැත්තකට දාන්නත් වෙනවා. මිසිස් රත්නායකගේ හස්බන්ඩ් අර යන්න හිටිය බර්ත්ඩේ එක සමරන පුංචි දුවට ගෙනත් තියෙන්නෙ නිල් පාට ඇදුම්. හැබැයි කෙල්ලෙක්ට හරි යන්නෙ රෝස පාට ඇදුම් කියලනෙ දන්නේ.

ඇදුම් වල‍ට කාන්තා ඔබ පාවිච්චි කරන වර්ණ එක එක කාලෙට එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. දිවාකාලයට කලු ඇදුම් ඇදගෙන අව්වෙ ගියොත් ඔබට සිද්ධවෙන්නෙ දහඩිය දාගෙනම තැවි තැවී ඉන්න.

ඒ වගේම කාර්යාලයක රැකියාවක් කරන යුවතියක් උනත් වර්ණ ගැන දැනුවත් වෙන්නම වෙනවා.

විලාසිතාව හින්දා ඇදුම් ගැනීම

අද එන විලාසිතාව තව ටික කාලෙකින් old වෙන තරමටම fashion හරි ඉක්මන්. මේ ඉක්මන්කම හින්දම ගන්න ඇදුම අප්ඩේට් කරගන්න, පිටත නොපෙන්නුවට කාන්තාවන් අතරේ තරගයක් තියෙනවා. ඉතින් ඔය තරගෙ දිනන්න කියලා අර විලාසිතාවේ ඇදුමක්ම අරගන්නවා. ඒ විලාසිතාව ජනප්‍රිය හින්දා කඩේ ඒ විදිහට තියෙන අන්තිම ඇදුම අරගෙන එන යුවතියො පස්සෙ ඒක ඇදලා අවස්ථාවකට සාභාගි වෙන්න ගියත් වර්ණය ඇගේ සමේ පැහැයට නොගැලපෙන්නක් වෙන්න ඉඩකඩ වැඩියි.

අවස්ථාවට ගැලපෙන වර්ණ

වර්ණ එක්ක තියෙන ගනුදෙනුව ඇදුම් වලදි කැපිල පේන තැනක් තමයි රාත්‍රී සාද වලට , සවස්කාලේ විශේෂ අවස්ථා වලට ආදී වර්ණ ගැලපුමක් නැති වුනොත් ඔබව සමහර විට ලොකු අපහසුතාවයන්ට ලක්වෙනවා.

"දුව ඔයා ඊයෙ පාටි එකට ඇදන් ගිය ඇදුම නම් එච්චර හරි මදි"

"ඇයි අම්මේ,ගොඩක් අය ලස්සනයි කිව්වනෙ"

විලාසිතාව ලස්සනයි කියලා ගන්න ඇදුමේ පැහැය නිසා කාන්තා ඔබේ සිරුර පිටස්තරයන්ට වෙනස් හැගීමක් දැනෙනව නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන එක ඇගට ගුණයි. ඒ වගේ අවස්ථාවකට යන්න කලින් ඇදුම කලින් ගෙදරදි ඇදලා බලනව නම් ඔය ප්‍රශ්න නෑනේ.

වර්ණ තේරීම

වර්ණ තෝරා බේරා ගන්න එක අතිශය සංකීර්ණ දෙයක් වෙන අවස්ථා ඕනෑ තරම්. ඇදුම් ගන්න එක ගෙදර බිත්ති පාට කරන්න තීන්ත ගන්න එක වගේ වර්ණ වලට සම්බන්ධ දේවල් මිලදී ගන්නකොට ඒ සදහා දවල් කාලය තෝරගන්න.

නිවෙස් පින්තාරුව

දරුවන්ගෙ කාමර, මුල්තැන්ගෙය මේ හැම තැනක්ම ඊට ආවෙණික වර්ණ යොදාගෙන පාට කරගන්න. ගෘහණියන් ගෙදර මූලිකය වෙච්ච සැමියා එක්ක එකතුවෙලා ඒ දේවල් කරන්න ඕනා.

සටහන : නදීෂ නිර්මාණ හේරත්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 31 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:50:36 AM
Script:/article/31/colours-are-important-for-woman.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:50:37 AM
Script:/article/31/colours-are-important-for-woman.html