සිප ගැනීමක් නිසා ඔබටත් මේ දේවල් වෙන්න පුළුවන්

August 22, 2017
11,034
Amazing Health Benefits of Kissing Your Loved Ones
සිප ගැනීමක් කියන්නේ සුන්දර දෙයක් විතරක් නෙවෙයි. මේ නිසා කෙනෙක්ට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ ප්‍රමාණයත් ඉතා ඉහළයි. මේ නිසා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන විදිහට සිප ගැනීම් කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතේට අවශ්‍ය වැදගත්ම දෙයක්. සිප ගැනීමට ඇත්තටම මුලික වෙන්නේ ආදරේ. ඉතින් අපි ආදරේ පෙන්නන්න ආදරේ දැනෙන්න කරන දෙයක් තමයි සිප ගැනීම්. අද අපි ඔබට ඒ නිසා කියන්න හිතුවා සිප ගැනීමක් කෙනෙක්ගේ නිරෝගී බවට හේතු වෙන්නේ කොහොමද කියලා.

1. එක් සිප ගැනීමකදී මුහුණේ මාංශ පේෂීන් 30 කට වඩා ක්‍රියාකාරී වෙනවා

මේ නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිපගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්.

2. විනාඩි දෙකක සිපගැනීමක් කැලරි 6 ක් දහනය කරනවා

කෙට්ටු වෙන්න කැමති කාන්තාවන්ට මේක හොද ආරංචියක්. ඒ වගේම තමයි සිපගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එය කාන්තාවන් මහත් වීම පාලනය කරනවා.

3. නින්ද පිළිබද ගැටළු තියෙන කාන්තාවන්ට සහනයක් ගෙන දෙනවා

සිප ගැනීම් කාන්තාවන්ගේ මානසික ගැටළු පාලනය කරමින් ඔවුන්ට තිබෙන නිදා ගැනීමේ අපහසු තාවයන්ට සහනය ලබා දෙනවා.

4. ඔබ ජිවත් වෙන කාලය වැඩි කරනවා

සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා නිරෝගිව වැඩි කාලයක් ජිවත් වෙන්න. ඒ නිසා තමයි කියන්නේ සිපගැනීම් නිසා ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා.

5. උදෑසන සිදුකරන විනාඩි 2 ක සිපගැනීමක් ඔබව දවසම ප්‍රබෝධයෙන් තියෙනවා

උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතු වලට බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Like to have attractive hair?
   14,121
   831

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Mom must dos after a c-section
   21,973
   688

මේ සිසේරියන් සැත්කමකින් පසුව මවක් අමතක නොකර කළ යුතුම දේවල්

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කළ මවක් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දුන් මවකට වඩා වැඩියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම
Are you lost in your dreams?
   572
   392

ඔයත් ඔයාගේ සිහින අතර අතරමන් වෙලාද?

ඔයාගේ තිබ්බ සිහින නැති වෙලා යන්න, මේ හේතුද බලපෑවේ කියලා අද හැඩකාරි එක්ක හොයලා බලමු
How to control your arrogant child
   1,005
   263

කේන්ති ගන්න පොඩ්ඩොන්ව මට්ටු කරන්න tips 05 ක්

ඔයාට මේ කියන කතාව ඇහුවට පස්සේ ඔයාටම තේරුම් යයි ඔයාගේ දරුවාගේ තරහව පාලනය කරන්න ඔයා හරියටම කළ යුතු දේවල් මොනවාද කියලා
Jack fruit to prevent cancer
   818
   174

පිළිකාව කියන වචනයටත් බය ඔයාට වරකා වලින් විසඳුම

පිළිකා වර්ග අතරේ සුව කරන්න අමාරු මහා බඩවැලේ ඇති වෙන පිළිකාව, වාසනාවකට මෙන් වරකා වල ඇති සුවිශේෂි ගුණයන්ගෙන් සුව කර ගන්න පුලුවන්. අද හැඩකාරි අපි කියන්න යන්නේ වරකා වලින් පිලිකා නසන්නේ කොහොමද කියලා

Latest Articles

Most Viwed