ගතවන කාලය 45
10 දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :
හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 10
කිතුල් හකුරු ග්‍රෑම් 50
කිතුල් පැණි තේ හැඳි 1 1/2
කුරුඳු කුඩු තේ හැඳි 1
බටර් හෝ මාගරින් තේ හැඳි 1 1/2
සාදන ක්‍රමය :
1. උදුන සෙල්සියස් අංශක 160ට රත් වෙන්න හරිඅන්න. පැතැලි ඇළුමිනියම් ට්‍රේ එකක් ගෙන බටර් හෝ මාගරින් ආලේප කරන්න.
2. කෙසෙල් ගෙඩිවල ලෙලි අයින් කර දික් අතට දෙකට කපා ට්‍රේ එක මත අතුරන්න.
3. පෑන් එකක් ලිපේ තබා කිතුල් හකුරු, කුරුඳු කුඩු, කිතුල් පැණි විනාඩි 10ක් පමණ පිස ගන්න.
4. තැටියේ අතුරා ගත් කෙසෙල් ගෙඩි උඩින් පිස ගත් පැණි ටික වත් කරන්න.
5. අංශක 160 උෂ්ණත්වයේ විනාඩි 10ක් පමණ කෙසෙල් ගෙඩි රන්වන් පැහැයට හැරෙන තෙක් බේක් කරගන්න.
ආයුර්වේදීය ගුණ :
විටමින්, ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්රේට් අඩංගුය. අර්ශස් රෝගීන්ට ඉතා ගුණදායකය. දියවැඩියා රෝගීන්ට සුදුසු නොවේ.