අවශ්‍ය ද්‍රව්‍ය :
නෙළුම් අල ග්‍රෑම් 250
සුදු ළුණු බික් 3 (සිහින්ව කපාගත්)
ඉඟුරු තේ හැඳි 1 (සිහින්ව කපාගත්)
කෑලි මිරිස් මේස හැඳි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කරපිංචා ස්වල්පයක්
තක්කාලි සෝස් ස්වල්පයක්
තක්කාලි 4 ට කපාගත් ගෙඩි 1
ළුණු 4 ට කපාගත් ගෙඩි 1
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය :
1. පළමුව නෙළුම් අල හොඳින් සෝදා තම්බා ගෙන පොතු ඉවත් කර රවුම් ආකාරයට කපා ගන්න.
2. භාජනයට තෙල් ස්වල්පයක් එකතු කර ගෙන එය රත් වු පසු සුදු ළුණු, ඉඟුරු, රම්පේ කරපිංචා දමා හොඳින් පිසගන්න.
3. පසුව එයට නෙළුම් අල හොඳින් මිශ්‍ර කර පිසගන්න. එයට ලුණු ද එක් කර ගන්න.
4. ඉන් පසු කෑලි මිරිස්, ලුණු, ගම්මිරිස් ටොමැටෝ සෝස්, තක්කාලි එකතු කර හොඳින් පිසගන්න.