බඩේ ඇසිඩ් නිසා හැමදාම විඳවන අයට මේක තමයි හොඳම විසඳුම

March 9, 2018
12,244
Solution for acid in the stomach
උදරයේ ඇති වන ඇසිඩ් නිසා විඳවන පිරිස ඉතාමත් සුලබයි. වැරදි ආහාර පාන හා වැරදි ආහාර රටා නිසා අහන අහන කෙනා මේ තත්ත්වය නිසා අපහසුතාවයට පත් වෙලා. ඒ තත්ත්වය ඔබේ ආහාර ජීර්ණ පද්දතියට බලපෑම් කරනවා වගේම ඔක්කාරය ඇති වීම හා උදරයේ වේදනාව, දැවිල්ල ඇති කරන්නත් ඉඩ තියෙනවා ඒ වගේම මුවට දැනෙන ඇඹුල් රසය මේ තත්ත්වයේ තවත් රෝග ලක්ෂණයක්.

උෂ්ණාධික ආහාර, තෙල් සහිත ආහාර, කාබන්ඩයොක්සයිඩ් අඩංගු පාන වර්ග, තේ හා කෝපි, වැනි ආහාර පාන අනවශ්‍ය ලෙස වැඩි පුර පානය කිරීමෙන් මේ තත්ත්වය වැඩි වෙන්න හේතුවක් වෙනවා. කොහොම හරි දැන් දා ගත්ත ලෙඩ සනීප කර ගන්න විදියක් ගැන බලමුකෝ. ඔබට ඉතාමත් පහසුවෙන් කර ගන්න පුළුවන් ප්‍රතිකර්ම කිහිපයක්ම මෙතන තියෙනවා. එයින් ඔබට වඩාත් පහසු දේවල් try කරන්න.

1. ඇපල් විනාකිරි

ඇපල් විනාකිරි කියන්නේ ලෙඩ රෝග රැසකට සුවය දෙන ඖෂධයක් කිව්වොත් නිවැරදියි. උදරයේ ඇති වෙන ඇසිඩ් ගතිය නිසා තව දුරටත් දැවෙන්න අවශ්‍ය නැහැ. කරන්න ඕන මෙච්චරයි. මද උණුසුම් වතුර වීදුරුවකට ඇපල් විනාකිරි තේ හැඳි 1ක් මිශ්‍ර කර පානය කරන්න. ඇපල් විනාකිරි වෙනුවට ඔබට මෙයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරන්නත් පුළුවන්.

2. තැඹිලි වතුර

තැඹිලි වතුර හෝ වෑවර වතුරට ග්ලුකෝස් ස්වල්පයක් හෝ සීනි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීමත් මේ තත්ත්වයට හොඳ විසඳුමක්.

3. කෝමාරිකා යුෂ

ඇසිඩ් ගතිය නිසා උදරයේ ඇති වන දැවිල්ල හා වේදනාවට ඉක්මන් සහනය දෙන්න කෝමාරිකා වලට පුළුවන්. කෝමාරිකා මදය සුරා ගෙන පිරිසිදු වතුර ස්වල්පයක් එක කර හොඳින් බ්ලෙන්ඩර් කර පානය කරන්න. සාර්ථක ප්‍රතිපල අනිවාර්යයි.

4. ඉඟුරු යුෂ.

ඉඟුරු යුෂ තේ හැන්දක් මද උණුසුම් වතුර වීදුරුවකට එකතු කර විනාඩි 15ක් පමණ තියෙන්නට හැර ආහාර වේලට පෙර පානය කරන්න. ඉඟුරු වලින් තියෙන තවත් විකල්පයක් වන්නේ ඉඟුරු යුෂ තේ හැඳි 2 ක් සහ මී පැණි තේ හැඳි 1ක් උණුසුම් වතුර කෝප්පයකට එකතු කර දිනකට දෙවරක් පානය කිරීමයි.

5. බේකින් සෝඩා

මේ අපහසුතාවයෙන් මිදෙන්න ඔබට තියෙන තවත් සාර්ථක හා පහසුම ප්‍රතිකර්මයක් තමයි බේකින් සෝඩා. වතුර වීදුරුවකට බේකින් සෝඩා තේ හැඳි 1/2 ක් මිශ්‍ර කර පානය කරන්න. දිනකට දෙවරක් හෝ තුන් වරක් පානය ප්‍රමාණවත්. එත් ඔබට අධි රුධිර පීඩනය ඇත්නම් මේ ප්‍රතිකර්මය කිරීමෙන් වලකින්න. හේතුව බේකින් සෝඩා වල සෝඩියම් අඩංගු වන නිසා එය ඔබට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

මේ පොඩි පොඩි ප්‍රතිකර්ම වලට අමතරව කෙසෙල්, යෝගට් කියන්න්තේ මේ තත්ත්වයට ගුණ දෙන ආහාර. ඊට අමතරව තෙල් සහිත හා මිරිස් අධික ආහාර වලින් හැකි තරම් වළකින්න. ඒ වගේම ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමත් උෂ්ණාධික ආහාර වලින් වැළකීමත් ඔබ අනිවාර්යෙන් කල යුත්තක්. ඒ වගේම ක්ෂණික ආහාර, සකස් කල ආහාර වර්ග පරිභෝජනය අවම කරන්න. ප්‍රධාන ආහාර වෙල් මඟ හැරිම කිසි විටක නොකළ යුත්තක්. විශේෂයෙන් උදෑසන ආහාර වේල අමතක කරන්නම එපා. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. ඇල්කොහොල් භාවිතය අවම කරන්න, මානසික ආතතියෙන් මිදෙන්න උත්සාහ කරන්න. ඒ වගේම හැමදාම කියනවා වගේ වැදගත්ම කාරණාව තමයි, වැඩිපුර වතුර බොන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 692 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:31:38 PM
Script:/article/692/solution-for-acid-in-the-stomach.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:31:39 PM
Script:/article/692/solution-for-acid-in-the-stomach.html