කාන්තාවන්ට පාලනය කර ගන්නම බැරි දේ. ඔයාටත් මෙහෙමද බලන්න

June 18, 2018
11,289
Thing that women cannot control
කාන්තාවන් විශේෂයෙන් තරුණියන් ගෙදරින් එළියට බැස්සම කරන ලොකු වැරද්දක් ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි අනවශ්‍ය විදියට කරන වියදම්. අද කාලේ වියදම් නම් කොහොමත් සැරයි තමයි. කොච්චර හම්බ කරත් නෑ. ඒක තමයි ඇත්ත කතාව. මොකද අපි හම්බකරන ප්‍රමාණයට වඩා වියදම් වන ප්‍රමාණය වැඩියි.

හැබැයි ඉතින් කාන්තා පාර්ශවය පාරට බැස්සම මේ කියන දේවල් මොකුත් මතක නැහැ. තමන් ගෙදරින් එලියට බැස්සේ ඇයි කියලා වත් සමහර අයට මතක නැහැ. ගන්න ගිය දේ නෙවෙයි අන්තිමට අරන් තියෙන්නේ. දකින දකින දේවල් ගන්න හිතෙන එක අපේ ස්වභාවය තමයි. හොඳින් කල්පනා කරලා ඒ දේවල් පාලනය කර ගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙන්න ඕන. නැත්තන් මාසේ අන්තිම වෙන්නත් කලින් පඩියත් ඉවර වෙලා හතර වටේටම ණයකාරයෙකුත් වෙලා තමයි නවතින්නේ.

ඔන්න ඔහොම තමයි කාන්තාවන් පාරට බැස්සම පාලනයක් නැතිව වියදම් කරන්නේ.  කොහොම හරි කමක් නෑ මේ කියන්නේ මුදල් පරිහරණය කරද්දී ඔයා කොහොමද ඒක බුද්ධිමත් විදියට කරන්න ඕන කියලා. 

1. ඔක්කොටම කිලින් ඔයාගේ මාසික පඩිය කියද කියලා මතක තියා ගන්න. එයට අනුව ඔබට අවශ්‍ය දේවල් හා වියදම් පාලනය කර ගන්න. විශේෂයෙන් කාන්තා පාර්ශවයට අවශ්‍යතා එමටයිනේ. පඩිය අතට ගත්තට පස්සේ හම්බකරාටත් වඩා වියදම් කරලා, මාසේ අන්තිමට බලද්දී  ණයත් වෙලා.  බුද්ධිමත් කාන්තාවක්, තරුණියක් විදියට ඔයා කරන්න ඕන උපයන මුදලට වඩා වියදම් නොකරන එක. හොඳම දේ තමයි වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනුව සියලූ‍ වියදම් කිරීම.

2. තේරුමක් නැති, ප්‍රයෝජනයක් නැති දේවල් මිලදී ගන්න එපා. තරුණ, වැඩිහිටි කියලා භේදයක් නැතුව කාන්තාවන් කරන තවත් දෙයක් තමයි මේක. ලස්සනට, අසාවට දේවල් මිලදී ගත්තට ඔයාට ඇත්තටම ඒවායින් ප්‍රයෝජනයක් නැත්තන්.. අයි අමාරුවෙන් හොයා ගන්න කිය හරි නිකරුනේ නාස්ති කරලා දාන්නේ. ඒ නිසා දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න. එක ඔයාට අත්‍යාවශ්‍යමද නැද්ද කියලා.

3. ඔයාටත් දකින දකින දේ මිලදී ගන්න ඕන වෙන පුරුද්දක් තියෙනවා නම් එක දැන්ම අත් හරින්න. අතේ තියෙන සල්ලි ටික වියදම් වෙන්න මේකත් එක හේතුවක්. විශේෂයෙන් සේල් මඟහරින්න. නැත්තන් ගෙදරින් එනකොට අරගෙන ආව සල්ලි වලට මොකද වුනේ කියලා හිත හිතා ඉන්න වෙයි.

4. ඒ වගේම පුළුවන් හැම වෙලාවකම ඔයාට සහ අනිත් අයට අවශ්‍ය ආහාර පාන ගෙදරම සකස් කර ගන්න. කන බොන දේවලුත් එළියෙන් ගන්න ගියහම වියදම නොදැනිම තවත් වැඩි වෙනවා. ඒ වගේම වෙන වෙන අවශ්‍යතා වලට එලියට යද්දී බඩගින්නේ ගෙදරින් එලියට බහින්න එපා. එහෙම උනොත් අතර මඟදී තව වියදම් එකතු වෙනවා.

5. ක්‍රෙඩිටි කාඩ් භාවිතය ඔබව ලොකු ණය ගොඩක හිර කරන්න හේතු වෙනවා. ඒ නිසා එය හැකි තරම් සීමා කරන්න. ඒ වගේම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මුදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔයාට අනවශ්‍ය කරදර ඇති වෙනවා. ගෙවා ගන්න බැරි නම් එය තව දුරටත් භාවිතා කරන්න එපා.

6. හම්බ කරන මුදලින් පොඩි හරි මුදලක් ඉතිරි කරන්න. සල්ලි අද තියෙනවා, හෙට නෑ . ඒ නිසා අමාරු කාලේදී ප්‍රයෝජනයට ගන්න යමක් ඉතිරි කරන එක ගොඩාක් වටිනවා. සමහර අයට ලොකු ගානක් අතේ නැතුව බැංකුවට යන්නත් නිකන් ලැජ්ජයි වගේ. කවදාවත් ඒ මෝඩ සිතුවිල්ල නම් ඇති කර ගන්න එපා. ඔයාට මේ මාසේ ඉතුරු කරන්න පුළුවන් රුපියල් 1000ද?, 500ද?, 100ද? මුදල ඒකට ප්‍රශ්නයක් කර ගන්න එපා. ඒ නිසා වියදම් කරන අතරේ ඉතිරියකුත් කරන්න.

තවත් දෙයක් කියන්න තියෙනවා. මේක නම් පාරට බැස්සම කරන වැරද්දක් ගැන නෙවෙයි. කෝකටත් කියන එක හොඳයි කියලා හිතුණා. විදුලිය, ජලය භාවිතා කරද්දී අනවශ්‍ය ලෙස ඒ දේවල් වැය කරන්න එපා. අපතේ යවන්න එපා. ඒකෙන් විදුලිය, ජලය විතරක් නෙවෙයි ඔයාගේ මුදලුත් නාස්ති වෙනවා. තවත් දෙයක් තමයි ජල බිල්, විදුලි බිල් නිසි වෙලාවට ගෙවා නිම කරන්න. ඒවා එකතු වෙනකන්  හිටියම තියෙන කරදරේ ඔයා දන්නවා ඇතිනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,783
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,708
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
chore lists for kids
   53,304
   14

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන

Latest Articles

Most Viwed