ගර්භණී සමය තුළ ගමන් බිමන් යනකොට මේ ගැනත් හිතන්න

July 5, 2018
6,835
Consider these when travelling while pregnant
මාතෘත්වය ලබන එක හිතන තරම් පහසු ක්‍රියාවක් නොවන බව කොයි කවුරුත් දන්නා කරුණක්. ඒ වගේම තමයි දරු සුරතල් බලන්න හැමොටම වාසනාව ලැබෙන්නෙත් නැති තරම්. ඉතිං කාන්තාවක් ගැබනියක වූ අවස්ථවේ ඉදලා දරු ප්‍රසූතිය දක්වා ඉතා සුපරීක්ෂාකාරී ජීවන රටාවකට හුරු විය යුතුයි. මොකද ඔයා අම්මා කෙනෙක් වෙන්න යනවා කියන්නේ ඔබ තවදුරටත් තනි පුද්ගලයෙක් නොවන බව තරයේ මතක තබා ගත යුතුයි. ඔබගේ ශරීරයේ තවත් ජීවයක් වැඩෙමින් පවතින නිසා ඔයාගේ සෑම චලනයක්ම ඔයාගේ දරු පැටියගේ පැවැත්මට අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. ගර්භණී සමය තුළ ඔබ ගමන් බිමන් යාමෙන් වළකින්න කියලා අපිට කොහෙත්ම කියන්න බැහැ. මොකද අද තියෙන සමාජ වටපිටාව එක්ක ගර්භණී සමයෙදි වුණත් ඔබට ඔබේ වැඩකටයුතු තනියම සිදුකර ගන්න වෙන අවස්ථා කොතෙකුත් තියෙනවා. ඒ නිසා මේ කාලය තුළ ගමනක් යනවා නම් මේ ගැනත් හිතන්න. එය ඔයාගේ වගේම ඔබ තුළ වැඩෙන දරුවාගේ පැවැත්මටද ඉතා වැදගත් වේවී.

ගමනක් යන්න ඔබට සුදුසු කාලය

විශේෂයෙන්ම ඔබ දරු ගැබට මාස තුනක් ඉකුත් වීමෙන් පසු ගමන් බිමන් යාම වඩාත් උචිතයි. මාස තුනක් ඇතුළත කළලය ගබ්සා වීමට ඇති අවධානම වැඩියි. මේ කාලය තුළ දුර ගමන් යාම අවම කළ යුතුයි. මේ කාල පරාසය තුළ ඔබේ ශාරීරික ක්‍රියාකාරිත්වය මදක් දුර්වලයි. ඉක්මනින් ශරීරය වෙහෙසට පත් වෙනවා. ඒ නිසා අඩුම මාස තුනක කාලයක් තුළවත් ඔබ ප්‍රවේශම් විය යුතුයි. ගමන් බිමන් යාමට සුදුසු කාලය වෙන්නේ මාස 04 ත් 06 ත් කාල පරාසයයි. ඒ නිසා ඔබ චාරිකාවක් හෝ වෙනත් ගමනක් යාමට කටයුතු සැලසුම් කරන්නේ නම් මෙම කාළය තුළ සැලසුම් කිරීමට කටයුතු කරන්න.

ගමනාන්තය පිළිබදව අවබෝධයක් ලබා ගන්න

ඔබ විනෝද චාරිකාවක් හෝ වෙනත් ගමනක් යාමට සැලසුම් කරන්නේ නම් ගමනාන්තය පිළිබදව දැනුම්වත් වීම ඉතා වැදගත්. ඇතැම් විට ඔබට නිවසින් පිට බොහෝ දුරක් ගමන් කිරීමට හෝ පිට රටක යනවා වෙන්න පුළුවන්. හදිසි අවස්ථාවකදි වෛද්‍ය ප්‍රතිකාර වුවද ලබා ගැනීමට හැකි ස්ථාන පිළිබදව දැනුම්වත්ව යෑම ඉතා වැදගත්.

වෛද්‍ය වාර්තා සහ ඖෂධ රැගෙන යන්න

නිවසෙන් බැහැරව ඔබ දිර්ඝ ගමනකට සම්බන්ධ වෙන්නේ නම් කිසි විටෙක ඔබගේ වෛද්‍ය වාර්තා රැගෙන යන්න අමතක කරන්න එපා. ඇතැම් විට ඔබට යම් අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර කිරීමට මෙම වාර්තා සියල්ල අත්‍යාවශ්‍ය වෙනවා. එසේම ඔබේ වෛද්‍යාවරයා නියම කළ සියලූ ඖෂධ වර්ග හා විටමින් වර්ග සහ අවශ්‍ය අනෙකුත් සියලූ ද්‍රව්‍ය රැගෙන යන්න අමතක කරන්න එපා. ඔබ යෑමට බලාපොරොත්තු වන ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබදව යම් අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්. විශේෂයෙන්ම බෝවන රෝග ව්‍යාප්තිය, පානීය ජලය, ස්වභාවික ආපදා වගේම කාලගුණය යහපත් කාලයක් ඔබේ සංචාරය සදහා වෙන් නකර ගැනීම අත්‍යාවශ්‍යයි.

සැහැල්ලු ඇසුරුම්

ඔයාට අත්‍යාවශ්‍ය වගේම රැගෙන යාම අපහසු නොවන ද්‍රව්‍ය රැගෙන යාමෙන් වැළකීම වඩාත් හොදයි. විශේෂයෙන්ම ඔබ තනිවම ගමන් කරයි නම් ඔබට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් ඇතුළත් සැහැල්ලූ සහ කුඩා ගමන් බෑගයක් පමණක් රැගෙන යාම ප්‍රමාණවත්.

පොදු වාහනයක ගමන් කිරීමේදී සැළකිලිමත් වෙන්න

ඔබ පොදු වාහනයක ගමන් කරන්නේ නම් වඩා සැළකිලිමත් විය යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය තුළ ගර්භණී කාන්තාවකට සුවපහසු ආකාරයෙන් යා හැකි පරිසරයක් නැහැ. ගර්භණී කාන්තාවන්ට ඉතා අසිරු කාර්යයක් පොදු වාහන තුළ ගමන් කිරීම. පෞද්ගලික වාහනයක යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් වාහන තදබදව අවම කාර්යබහුල නොවූ කාලයක් වෙන් කර ගැනීම වඩාත් ආරක්ෂිතයි. එසේත් නොමැති නම් තදබදය අඩු බස් රථයක හෝ දුම්රියක ගමන් කිරීමෙන්ද ඔබට අදාළ ගමනාන්තය වෙත ළගා වීය හැකියි. කෙසේ වුවත් බස් රථයක හෝ ඔබ ගමන් ගන්නා ඕනෑම වාහනයක අසුනක් ඉල්ලන්න පසුබට වෙන්න එපා. සමහර අවස්ථාවල ගර්භණී කාන්තාවන්ටම වෙන් වු ආසන දක්නට ලැබෙනවා. ඒ වගේම ධාවනය වෙමින් පවතින බස් රථයකට හෝ දුම්රියකට නගින්න උත්සාහ කරන්න එපා. යම් අවස්ථාවක ඔබ ගමන් කරන වාහනයේ රියදුරු නොසැළකිලිමත් ලෙස රිය ධාවනය කරන්නේ නම් පරිස්සමෙන් රිය පදවන ලෙස රියදුරු මහතාගෙන් ඉල්ලා සිටින්න.

ගර්භණී සමය තුළ ගුවනින් ගමන් කිරීම

ගර්භණී අවධිය තුළ අහස්යානයකින් ගමන් කීරිම කිසිදු වරදක් නැහැ. නමුත් ඔබ ඔබේ වෛද්‍යවරයාගේ හා වින්නඹු මාතාව සමග සාකච්ජා කර අවවාද උපදෙස් ලබා ගැනීම අනතුරුවයි මෙවැනි ගමනක් සදහා පිටත්ව යා යුත්තේ. ඇතැම් ගුවන් සමාගම් ගර්භණී සමයේ පසුවන මව්වරුන්ට අහස්යානයෙන් ගමන් කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ. අවශ්‍ය විධිමත් නියාමනයන් යටතේ ඔබට අවශ්‍ය නම් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක ඔබ නිතරම ජලය පානය කිරීම ඉතා වැදගත්. සෑම විනාඩි 30 කට වරක් වත් යානය තුළ ඇවිදිය යුතුයි. එවිට රුධිරය කැටි ගැසීම මගහරවා ගත හැකියි. එමෙන්ම ඔබේ කකුලේ නහර ගැටසුණු ස්වභායක් ඔබට දැනෙන්නේ නම් ඔබ ළග තිබෙන හිස්වැසුම්, මේස් වගේම ජැකට් ආදීය භාවිත කළ හැකියි.

ගර්භණී අවස්ථාවේදී මුහුදු ගමන් යාම

ගර්භණී අවස්ථාවේදී මුහුදු ගමන් යාමට, ඔබ ගර්භණී භාවයට පත් වී සති 32 ක් සම්පූර්ණ වූ අවස්ථාවන් වලදී බොහෝ නැව් සමාගම් ඔබට මුහුදු ගමන් නොයන ලෙස උපදෙස් දෙනු ලබනවා. ඔබ දිගු ගමනාන්තයක් බලාපොරොත්තු වන්නේ නම් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගෙන මුහුදේ යාත්‍රා කිරීමේ හැකියාව ලැබෙනවා. එවැනි අවස්ථාවක යාත්‍රාවේ ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු වාතාවරණයක් තිබෙන්නේද යන්න සොයා බැලීම අත්‍යාවශ්‍යයි.

ආහාර ගැනීමේදී වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන්න

ඔබ චාරිකාවේ යෙදෙන විට ආහාර ගැනීමේදී වඩාත් සෞඛයය සම්පන්න ආහාර පමණක් ලබා ගැනීමට කටයුතු කරන්න. ඇතැම් ස්ථානවලින් මිළදී ගන්නා ආහාර සුරක්ෂිත නොවිය හැකියි. හැකි සෑම විටම ඔබට අවශ්‍ය ආහාර වර්ග හා බීම වර්ග ඔබේ නිවසින් රැගෙන යා හැකි නම් වඩාත් ආරක්ෂාකාරීයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Food to regulate your menstrual circle
   41,654
   27

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
10 symptoms shows you are pregnant
   44,766
   26

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Changes in your body if you consume cod-liver oil daily
   91,644
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
5 skin care tips for your neck
   28,122
   24

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
How to reduce under arm sweating
   4,798
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed