ඔබත් දරුවාත් අනතුරේ හෙලන මේ ආසාත්මිකතා වලක්වා ගන්න

July 18, 2018
6,327
Are you aware of the infections while you are pregnant?
මාතෘත්වය අපේක්ෂාවෙන් සිටින ඔබ ගර්භණී අවධිය තුළ ශරීර සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුයි. අපිට ජීවිත කාලය පුරාම වගේම කාන්තාවකට ගර්භණී සමයේදීත් ආසාදන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ගර්භණී අවධිය තුළ ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම විවිධ හේතුන් මත සීමා වන බැවින් අසාදන තත්ත්වයක් ඇති වීමට පූර්වයෙන් දැනුවත්ව සිටීම ඉතා වැදගත්. එය ඔබට වගේම ඔබ තුළ වැඩෙන දරුවාගේ රැකවරණයටද මනා පිටුවහලක් බවට පත් වේවී. ඒ නිසාම අද www.hadakari.lk  තුළින් ගර්භණී සමයේදී ඔබට ඇතිවිය හැකි ආසාධණ තත්ත්වයන් පිළිබදව දැනුම්වත් කරන්න අපි තීරණය කළා.

පැපොල රෝගය

ගර්භණී අවධිය තුළ පැපොල රෝගය ඇති වීම මවටත් දරුවාටත් බරපතල තත්ත්වයක්. එහි ප්‍රබලත්වය කොතරම්ද කියනවා නම් එමගින් දරුවාට විවිධ සංකූලතා ද ඇති විය හැකියි. කාන්තාවන්ට කුඩා කාලයේදී පැපොල රෝගය සදහා ප්‍රතිශක්තිකරණය ශරීරය තුළ ගැබ්වී තිබෙනවා. කෙසේ නමුත් ඔබට මෙම රෝගය වැළදී නැත්තම් පැපොල රෝගය වැළදුණු දරුවකු හෝ වැඩිහිටියෙකු සමග සම්බන්ධ වීමට සිදු වුවහොත් ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍යය නිළධාරිනිය හමුවිම ඉතා වැදගත්. රුධිර පරීක්ෂාවකින් අනතුරුව ඔබ ආසාදනයට ලක් වී ඇත්දැයි හදුනා ගත හැකියි.

සයිටෝමෙගලෝ වෛරසය

සයිටෝමෙගලෝ වයිරසය සාමාන්‍ය හර්පිස් වයිරස් මාදිලියේම වයිරසයක්. මේ වයිරසය මගින් සෙම්ප්‍රතික්ෂාව, තුවාල, පැපොල ආදී ආසාදන තත්ත්වයන් ඇති විය හැකියි. සයිටෝමෙගලෝ වයිරසය ආසාදනය වීම ඔබේ දරුවාට අහිතකර අයුරෙන් බලපෑ හැකියි. මෙම වයිරසය පෙර අසාදනය වී නොමැති නම්, මෙම වෛරසය ආසාදනය වීම මගින් ඇස් පෙනීම දුර්වල වීම, ශ්‍රවණාබාධ, ඉගෙනීමේ දුර්වලතා, අපස්මාරය වැනි රෝග දරුවාට ඇති විය හැකියි. ඒ නිසා මෙවැනි තත්ත්වයක් මගහරවා ගැනීම ඔබට මෙන්ම ඔබගේ දරුවාටද ඉතාමත් වැදගත්.

01. මෙම වයිරසය කුඩා දරුවන් අතර බහුලව තිබෙන බැවින් ඔවුන්ගේ මුහුණ සිප ගැනීමෙන් වළකින්න

02. ඔබේ දෙඅත් නිතරම සබන් යොදා පිරිසිදු කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් සමග ගනදෙනු කිරීමේදී වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන්න

03. ඔබගේ ආහාර, කෑම, බීම සදහා භාවිත භාජන, උපකරණ පොදුවේ භාවිත නොකරන්න


ස්ට්‍රේ‍ප්ටෝකොකොස් බැක්ටීරියාව

මෙම බැක්ටීරියාව කාන්තාවන්ගේ අන්තරය හා යෝනී මාර්ගය තුළ නිතරම දක්නට ලැබෙනවා. ඉතා කලාතුරකින් හානීකර තත්ත්වයන් මෙමගින් ඇති විය හැකියි. කෙසේ වුවත් දරු ප්‍රසුතියට ආසන්නයේදී හෝ දරු උපත සිදු වීමේදී මෙම බැක්ටීරියාව දරුවාට ආසාදනය වී දරුණු රෝග තත්ත්වයක් ඇති විය හැකියි. මෙම බැක්ටීරියාව අසාදනය වු මව්වරුන්ට දරු උපත සිදු කිරීමේදී ප්‍රතිජීවක ඖෂධ ලබාදී දරුවාට අසාදනය වීම අවම කරනවා.

ජර්මන් සරම්ප

ගර්භණී කාලයේදී විශේෂයෙන්ම පළමු මාස 03 දි රුබෙල්ලා ආසාදනය වීමෙන් උපදින්න සිටින දරුවාගේ දෘෂ්ටිය, ශ්‍රවණය හා හදවතේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මොලයේ වර්ධනයටද ඉතා හානිදායක ලෙස බලපා හැකියි. බොහෝ පුද්ගලයින් ළමා කාලයේදීම රුබෙල්ලා සදහා ප්‍රතිශක්තිකරණය එන්නත් ලබාගැනීම සිදු කරනවා. ගර්භණී සමයේ පසුවන ඔබට රුබෙල්ලා ආසාදනය සිදු වුවහොත්  හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත්. රුධිර පරීක්ෂණ මගින් ඔබට රුබෙල්ලා අසාදනය වී ඇත්දැයි වෛද්‍යවරයාට දැනගත හැකියි.

පැරුවෝ වයිරසය

මෙම වයිරසය කුඩා ළමුන්ට බහුලව ආසාදනය වන රෝගි තත්ත්වයක්. එහි බලපෑම මගින් මුහුණේ රතු පාට ස්වරූපයක් ගන්නවා. ගර්භණී සමයේ පසුවන කාන්තාවන්ට මේ සදහා ප්‍රතිශක්තිය ලබාදීම අත්‍යාවශ්‍යයි. මෙම වෛරසය ඉතා තදින් අසාදනය වී ගර්භයේ සිටින දරුවා කෙරෙහිද අහිතකර බලපෑම් ඇති විය හැකියි. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍යය නිළධාරිනිය දැනුවත් කරන්න.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්ත්වයන්

ලිංගිකව සම්ප්‍රේ‍රෂණය වන ආසාදන තත්ත්වයන් වලදී බොහෝ විට රෝගී ලක්ෂණ නොපෙන්වන බැවින් ඔබ නොදැනුවත්ම ඔබට එවැනි තත්ත්වයක් ඇති වී තිබිය හැකියි. ලිංගික සම්ප්‍රේ‍රෂණය වන ආසාදන මගින් ගර්භණී කාලයේදී දරු උපතෙන් පසුවද දරුවට බලපෑම් ඇති කිරීමේ අවධානමක් තිබෙනවා. එවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්.

HIV ඒඞ්ස්

බොහෝ විට HIV ආසාදනය වී තිබුණත් රෝගී ලක්ෂණ නොපෙන්වා යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පෙන්නුම් කළ හැකියි. නමුත් ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍යය නිලධාරිනියගේ උපදෙස් ලබා ගෙන ඔබගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය වීමට අති අවදානම අඩු කර ගත හැකියි.

හෙපටයිටීස් බී

හෙපටයිටීස් බී වයිසරය මගින්  බලපෑම් කරන්නේ අක්මාවට. මෙය සම්ප්‍රේ‍රෂණය වෙන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් මගින් හේ ආසාදිත රුධිරය මගින්. බොහෝ රෝග ලක්ෂණ පෙන්නුම් නොකර මෙම රෝගය අසාදිතව සිටින පිරිස ඉතාමත් වැඩියි. මෙම වෛරසය අසාදනය වි ඇත්නම් දරු උපත සිදු කිරීමේදී ඔබේ දරුවාට එය සම්ප්‍රේෂණය විය හැකියි. ඔබේ දරුවාට එවැනි අවධානමක් ඇත්නම් උපතෙන් පසු පැය 24 ක් ඇතුළත හෙපටයිටීස් බී එන්නත ලබා දෙනු ලැබේ.

හර්පීස්

හර්පීස් රෝගය සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණය වෙන්නේ ලිංගික සංසර්ගයෙන්. මේ රෝගී තත්ත්වය ඔබගේ අලූත උපදින දරුවාට ඉතාමත් අහිතකරයි. ගර්භණී සමය මුල් කාලයේදී මෙය අසාදනය වුවහොත් සිසේරියන් සැත්කමක් සිදු කිරීමෙන් දරුවාට සම්ප්‍රේ‍රෂණය වී වළක්වාගත හැකියි. ඔබට හෝ ඔබේ සහකරුවාට මෙවැනි රෝගී තත්ත්වයක් පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රකාර වෙත යොමු වීම ඉතා වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   71,408
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
5 skin care tips for your neck
   67,493
   19

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed