ඔයාගේ ඇස් පිහාටු දිගුව හා හැඩට තියා ගන්න කැමතිද? එහෙනම් මේ ලිපිය ඔයාට වැදගත්

July 25, 2018
13,270
Want to have long eyelashes?
ඔයාව ඔයාට වගේම ඔයාව තවත් කෙනෙක් දකින කැඩපත තමයි ඔයාගේ මුහුණ. ලස්සනට ඉන්න කැමති ඔයා මේ නිසා මුහුණේ සුන්දරත්වය ගැන හිතන්න අමතක කරන්නේ නෑ. ඕනෑම කෙනෙක් ඔයාව මුලින්ම දකින්නේ ඔයාගේ ඇස් දෙකින්. ඉතිං ඔයාගේ ඇස් පිහාටු දිගුව, හැඩැතිව තිබුණම ඔයාගේ ඇස් දෙකට අමුතුම ආකරයේ සුන්දරත්වයක් පෙන්නුම් කරනවා. තවත් කෙනෙක්ගේ නෙත් සිත් වසග කර ගන්න ඔයාගේ ඇස්වලට පුළුවන්. ඉතිං ඒ නිසා ඔයාගේ ඇස් පිහාටු ලස්සනට තියා ගන්නේ කොහොමද කියලා ඔයාට කියන්න අද hadakari.com වෙතින් ඔයා දැනුවත් කරන්න කරන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ ඔයාගේ ඇස් පිහාටු ලස්සනට තියා ගන්න ඔයා මොනවද කරන්න ඕන කියලා.

ඇස් පිහාටුවල රාත්‍රී කාලයේදී තෙල් ආලේප කරන්න

ඔයාගේ මුහුණට වගේම ඔයාගේ ඇස් පිහාටුවල ලස්සන පවත්වා ගන්නත් යම් ප්‍රමාණයකට සත්කාර කිරීම ඉතා වැදගත්. ඇස් පිහාටු ලස්සනට තියා ගන්න ඔයාට පුළුවන් පිරිපහදු නොකරන ලද මර්ලා, කැස්ටර් වැනි තෙල් වර්ග භාවිත කරන්න පුළුවන්. මේ තෙල් මගින් ඔයාගේ ඇස් පිහාටු ලස්සනට තියා ගන්න අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබා දෙනවා. විශේෂයෙන්ම කැස්ටර් තෙල් ඔයාගේ ඇහි පිහාටු දිගුව වර්ධනය වීමට උපකාරී වෙනවා. ඔයාගේ පිරිසිදු ඇගිලි තුඩුවලින් මෘදුව කෙදි සහිත කුඩා බුරුසුවකින් තෙල් ආලේප කිරීම කළ යුතුයි. ඔයා දවස් කීපයක් ඔයා මේ සත්කාරය කළාම ඔයාට ඔයාගේ ඇස් පිහාටු ලස්සනට වගේම දිගුව වර්ධන කරගන්න පුළුවන්.

ඇස් පිහාටු මත Growth Serum එකක් ආලේප කරන්න

ඔයාගේ මුහුණේ සම වගේම ඔයාගේ ඇස් පිහාටුත් ඉක්මනින් වියළීමට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඇස් පිහාටු නිරෝගීමත් නොවුණම ඇස් පිහාටු එක දෙක වැටෙන්න පටන් ගන්නවා. ඔයාගේ ඇස් පිහාටුවලට එහෙම වෙන්නේ අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබුණාම. මේකට විකල්පයක් විදිහට ඔයාට පුළුවන් ඇස් පිහාටුවලට Growth Serum එකක් භාවිතා කරන්න. එතකොට ඔයාගේ ඇස් පිහාටුවලට අවශ්‍ය පෝෂණය ලබා දී අස් පිහාටු වර්ධනය වෙන්න පටන් ගන්නවා.

බයොටින් ගන්න

බයොටින්වල විටමින් B අන්තර්ගතයි. බයොටින් ලබා ගැනීමෙන් ඔයාට ඔයාගේ හිසකෙස් හා නියපොතුවල ශක්තිමත් බව වර්ධනය කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සමට අවශ්‍ය පෝෂණය ලබා ගන් පුළුවන්. වෛද්‍ය උපදෙස් මත භාවිත කිරීම වඩාත් යෝග්‍ය වන අතර මේ මගින් ඔයාගේ ඇස් පිහාටු දිගුව හා නිරෝගීතමත්ව තියා ගන්නත් උපකාරී වෙනවා.

මස්කාරා ආලේප කරන්න කලින් ඇස් පිහාටු ඉහළට පිරිමදින්න

දෙනෙත්වල සුන්දරත්වය ආරක්ෂා කර ගන්න ඔයා නොයෙක් රූපලාවණ්‍ය සත්කාර කරනවා. ඒ අතරින් ඇස් පිහාටුවල මස්කාරා ආලේප කිරිම ඉතා වැදගත්. ඉතිං මස්කාර ආලේප කරාම කොච්චර ලස්සන වුණත් ඔයා මස්කාර ආලේප කරන්න ඕන හරි පරිස්සමට. කවදාවත් ඇස්පිහාටුවල මස්කාරා තවරමින් ඇස් පිහාටු ඉහළට කරකවන්න එපා. එතකොට ඇස් පිහාටු හැලී යන්න තියෙන ඉඩකඩ වැඩියි. අන්න ඒ නිසා කවදාවත් මස්කාරා ආලේප කරමින් ඇස් පිහාටු ඉහළට කරකවන්න එපා.

ඒ වගේම ඔයා මස්කාර ආලේප කරාට පස්සේ හැකි ඉක්මනින් ඉවත් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි. විශේෂයෙන්ම ඔයා නිදාගන්න යනකොට මස්කරා ඉවත් කරන්න අමතක කරන්න එපා. මස්කාරා ආලේප නොකරන විට ඔයාට පුළුවන් නම් ඇස් පිහාටු ඉහළට පිරිමදින්න පුළුවන්න. එවිට ඔයාට දිගටි වගේම හැඩැති ඇස් පිහාටු ලබා ගන්න පුළුවන්.

Blow Dryer එකක් මගින් ඇස් පිහාටු කරකවනය උණුසුම් කරන්න

මෙමගින් සිදුවෙන්නේ ඇහි පිහාටු ඉහළට කර කැවීම පහසු කර ඒවායේ හැඩය දීර්ඝ වේලාවක් පවත්වා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමයි.

ඇස් පිහාටු කර කැවීමේදී කරකවනයේ දිශාව වෙනස් කර ඇස් පිහාටු කරකවන්න

ඇස් පිහාටු කර කැවීමේදී කරකවනයේ දිශාව වෙනස් කර ඇස් පිහාටු කර කැවීම කළ යුතුයි. කරකවනයක් භාවිත කරන විට ඇහි පිහාටු අග ප්‍රදේශයේ එය තප්පර කිහිපයක් තද කරගෙන ඉඳලා එක පාරම අත්හැරීම කළ යුතුයි. ඒ මගින් ඇහි පිහාටුවල වක්‍රාකාර ස්වභාවය වැඩි වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,058
   71

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,780
   28

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 remedies for dry skin
   28,272
   26

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed