නිළියක් වගේ ලස්සන වෙන්න මී කිරිවලින් මුහුණට සත්කාර කරන්නේ මෙහෙමයි

August 6, 2018
20,064
How to treat your face with curd
ඇත්තමට ගැහැණු, පිරිමි දෙපාර්ශ්වයටම ලස්සන වෙන්න තියෙන්නේ පුදුමාකාර කැමැත්තක්. විශේෂයෙන්ම කාන්තාවන්ට. ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න හිතාගෙන මුහුණට නොකරන දෙයක් නොමැති තරම්. ඉතිං ඔයාට ඔයාගේ සියලු වැඩ රාජකාරී අතරේ ඔයාට සරල වගේමස ස්වභාවික ප්‍රතිකර්ම මගින් පුළුවන් ලස්සන පෙනුමක් හදා ගන්න. එහෙමත් නැතිනම් ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු කර ගන්න. අද අපි ඔයාට කියලා දෙන්නේ මී කිරි වලින් මුහුණට සත්කාර කරන්නේ කොහොමද කියලා. මී කිරිවල විටමින් C සහ කැල්සියම් යහමින් අඩුංගු වෙනවා. මේ පෝෂණ සංඝකවල රසායනික සංයෝග අන්තර්ගත වෙන්නේ නෑ. ඒ නිසා ඔයාට කිසිම බයක් සැකයක් නොමැතිව ඔයාගේ සමට සත්කාර කිරීමේ හැකියාව තියෙනවා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ මී කිරිවලින් ඔයාගේ සමට සත්කාර කරන්නේ කොහොමද කියලා.

දුර්වර්ණ වු සමේ පැහැය නැවත ලබා ගන්න

ඌෂ්ණාධික දේශගුණය, නිරන්තරයෙන් හිරු එළියට නිරාවරණය වීම, කුරුළෑ අසාදන වැනි විවිධ හේතු සාධක නිසා ඔයාගේ සමේ පැහැය ඉක්මනින් දුර්වර්ණ විය හැකියි. මෙකී ගැටලුවට ඔයාට පහසුවෙන්ම මී කිරිවලින් විසඳුම් සොයන්න පුළුවන්. මී කිරි මේස තේ හැන්දකට පිපිඤ්ඤා යුෂ තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. පසුව විනාඩි 20 ක් විතර මද රස්නය සහිත වතුරින් සෝදා ඉවත් කරන්න. සතියකට දෙවරක් පමණ මෙය කිරීමෙන් ඔයාගේ සමේ අඳුරු පැහැය ඉවත් කර ගන්න පුළුවන්.

කුරුළෑ අසාදන තත්ත්වයන් අඩු කර ගන්න

අද ගොඩක් දෙනෙක් පීඩා විදින ගැටලුවක් තමයි කුරුළෑ ආසාදන. ඇත්තටම මේක හිසරදයක්. ඔයාටත් මෙවැනි ගැටලුවක් තියෙනවා නම් මී කිරිවලින් පුළුවන් ඊට සත්කාර කරන්න. සහල් පිටි තේ හැන්දකට මී කිරි මේස තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. මේ මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 20 කින් පසුව මුහුණ සෝදා ඉවත් කරන්න. සතියකට එක් වරක් මේ සත්කාරය කිරීමෙන් ඔයාට සුන්දර සමක් ලබාගත හැකියි.

මුහුණේ තෙල් ගතිය පාලනය කරන්න

ඔයාගේ මුහුණේ තෙල් අධික නම් ඉක්මනින් මුහුණ වියළීමට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මුහුණේ ඉක්මනින් කුරුලෑ අසාදන තත්ත්වයන්ද ඇති වෙනවා. ඉතිං මී කිරි මගින් ඔයාගේ මුහණේ තෙල් ගතිය අවම කරගත හැකියි. මී කිරි මේස හැන්දකට දෙහි යුෂ තේ හැන්දක් එකතු කර මුහණේ අලේප කරන්න. පසුව මුහුණේ විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර සොදා ඉවත් කරන්න. සතියකට එක් වරක් හෝ මෙවැනි සත්කාරයක් ඔයාගේ මුහුණට සිදු කිරීම ඉතා වැදගත්.

මුහුණේ කැළැල් ඉවත් කර ගන්න

ඔයා මොන වර්ගයේ ක්‍රීම් එකක් ෆේෂ්වොෂ් එකක් භාවිත කළත් මුහුණේ කැළැල් ඉවත් වෙන්නේ නෑ නේද? තවත් ඒ ගැන හිත හිත දුක් වෙන්න ඕන වෙන්නේ නෑ. මොකද ඔයාට දැන් නිවසේ ඉඳන්ම මුහුණේ කැළැල් ඉවත් කර ගන්න පුළුවන් මී කිරි මගින්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. මී කිරි මේස හැන්දකට කඩල පිටි තේ හැඳි භාගයක් පමණ එකතු කර ගන්න. මිශ්‍රණය කැළැල් සහිත සමේ ආලේප කර විනාඩි 20 ක් පමණ පසු තෙත් කළ රෙදි කැබැල්ලකින් පිස දමන්න. සතියකට එක් වතාවක් මෙය සිදු කිරීමෙන් ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු කර ගන්න පුළුවන්.

සමේ පොතු ගැලවී යාම වළක්වා ගන්න

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි සම පොතු විදිහට ගැලවී යාම. මෙවැනි තත්ත්වයක් මගහරවා ගන්න පුළුවන් මී කිරි මගින්. මී කිරි තේ හැන්දකට කෝමාරිකා යුෂ තේ හැදි දෙකක් මිශ්‍ර කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. විනාඩි 10 කට පසුව සෝදා ඉවත් කරන්න. මෙය දවසක් ඇර දවසක් සිදු කිරීමෙන් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

කළු ලප සදහා

ඔයාගේ මුහුණේ තියෙන කළු ලප ඉවත් කරන්න මී කිරි හොඳ සත්කාරයක්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. කහ කුඩු ස්වල්පයක් ගෙන මී කිරි තේ හැන්දකට හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කට පසුව සෝදා ඉවත් කරන්න. සතියකට එක් වතාවක් මේ සත්කාරය කිරීම ප්‍රමාණවත්.

බ්ලැක්හෙඩ්ස් ඉවත් කර ගන්න

ඔයාගේ මුහුණේ දුහුවිලි හා කුණු නිතර රැඳීම සහ තවත් බොහෝ හේතු සාධක නිසා බ්ලැක්හෙඩ්ස් වැඩිපුර ඔයාගේ මුහුණේ තියෙන්න පුළුවන්. මේක ඔයාගේ මුහුණේ පෙනුමට බාධාවක්. ඉතිං ඔයාට බ්ලැක්හෙඩ්ස් කරදරයෙන් මිදෙන්න මී කිරි භාවිත කරන්න පුළුවන්. මී කිරි හැන්දකට පිසින ලද ඕට්ස් තේ හැන්දක් මිශ්‍ර කර ගන්න. පසුව මුහුණේ බ්ලැක්හෙඩ්ස් ඇති ස්ථානවල හොඳින් ආලේප කරන්න. විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න. සතියකට එක් වතාවක් මේ සත්කාරය කිරීම මගින් ඔයාට බ්ලැක්හෙඩ්ස් කරදරයෙන් මිදෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1002 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:33:16 PM
Script:/article/1002/how-to-treat-your-face-with-curd.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:33:17 PM
Script:/article/1002/how-to-treat-your-face-with-curd.html