Smart Phone එකක් පාවිච්චි කළාට වැඩක් නෑ Phone Manners දන්නේ නැත්තම්

August 25, 2018
10,063
If you use a smart phone you have to know phone manners
ෆෝන් එකක් භාවිත නොකරන කෙනෙක් අද හොයා ගන්නවා කියන්නේ හරියට කළුනික හොයා ගන්නවාටත් වඩා අමාරු වැඩක්. මොකද අද පොඩි, වැඩිමහල් හැම දෙනා ගාවම ජංගම දුරකථයක් නැති වෙන්නේ නෑ. ඔයා අද තාක්ෂණයට කොච්චර සමීපද කියනවා නම් ෆෝන් එකකට වඩා වැඩියෙන් ගොඩක් දෙනෙනක් පාවිච්චි කරනවා. ඔයා ඉහළ brand එකක ෆෝන් එකක් භාවිත කළත් වැඩක් වෙන්නේ නෑ ඔයා phone manners දන්නේ නැත්තම්. අද අපි ඔයාට Hadakari වෙතින් කියලා දෙන්න තීරණය කළා smart phone එකක් භාවිත කරන ඔයා ළඟ තිබිය යුතුම manners කිහිපයක් ගැන. Smart phone එකක් පාවිච්චි කරන ඔයත් මේ ලිපිය කියවලාම බලන්නකෝ මේ phone manners ඔයා ළඟ තියෙනවාද කියලා.

නොනත්වා කෝල් කරන්න එපා

ඔයා යම් කෙනෙක්ට කෝල් එකක් ගන්නවා නම් නොනවත්වා කෝල් ගන්න එපා. ගොඩක් දෙනෙක් කරන්නේ පළමු කෝල් එකෙන් උත්තර දුන්නේ නැති වුණොත් උත්තර දෙනකම් කෝල් ගන්නවා. ඇත්තටම ඔයා කතා කරන්නේ කාට වුණත් ඒ කෙනා අත්‍යාවශ්‍ය හා හදිසි රාජකාරී වැඩකටයුත්තක ඉන්නවා නම් ඇත්තටම ඔයාගේ කෝල් එකට පිළිතුරු දෙන්න විදිහක් නෑ. ඉතිං මේ වගේ වේලාවක ඔයා එක දිගට කෝල් ගන්න එක ඒ කෙනාට කරදරයක් වෙන්න පුළුවන්. මේ වගේම අත්දැකීමකට ඔයාට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා හිතන්නකෝ. ඔයාට කාගේන් හරි කෝල් එකක් එක දිගට එනවා නම් ඔයා ඉක්මනින් ඒ කෙනාට කෙටි පණිවිඩයක් (SMS) යවන්න අමතක කරන්න එපා. එතකොට නොනවත්වා ඔයාට කෝල් කරන එකක් නෑ වගේම ඔයා අපහසුතාවට පත් වෙන එකකතුත් නෑ.

ඔයාගේ කෝල් එක කට් කළොත් ආපහු සැරයක් ගන්න එපා

ඔයා කාටහරි කෝල් එකක් ගන්නකොට ඒ කෙනා ඔයාගේ කෝල් එකට උත්තර දෙන්නේ නැතුව කට් කරනවා කියලා හිතන්නකෝ. මෙවැනි අවස්ථාවක ඔයා තේරුම්ගත යුතු වැදගත්ම දේ වෙන්නේ ඒ අදාළ කෙනාට ඔයාට උත්තර දෙන්න නොහැකි පරිසරයක ඉන්න බව. ඔයා යම් හදිසි අවශ්‍යථාවක් වෙනුවෙන් නම් කෝල් කරන්නේ ඔයාට පුළුවන් ආදාළ කාරණය මැසේජ් එකකින් දන්වන්න.

ඔයා busy නම් මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා

ඔයාට එක දිගට කාගෙන් හෝ ඇමතුමක් ලැබෙනවා කියලා හිතන්නකෝ. ඔයාට එක දිගට කෝල් එන්නේ අත්‍යාවශ්‍ය කාරණයක් නිසා විය හැකියි. ඔයාට ඒ කෝල් එකට උත්තර දෙන්න බැරි නම් ඔයා ඉක්මනින් මැසේජ් එකක් දාන්න. එවිට ඔයාට කතා කරන කෙනා අපහසුතාවට පත් වෙන එකක් නෑ. ඔයා මැසේජ් එකක් සමාන්‍යයෙන් යවන විට අනිත් කෙනාට තේරුම් ගන්න පුළුවන් විදිහට යවන්න. මොකද අද ගොඩක් දෙනෙක් කෙටි සහ ලඝු කළ වචන තමයි මැසේජ්වලට භාවිත කරන්නේ. ඉතිං මේ යවන පණිවිඩය අනිත් කෙනාට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි යැවිය යුතු වෙන්නේ.

අනිත් කෙනාටත් සවන් දෙන්න අමතක කරන්න එපා

එදිනෙදා ජීවිතයේදී අපි අනිත් කෙනාට සවන් දෙන ආකාරය ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔයා දුරකථන ඇමතුමකට උත්තර දෙනකොට ආදාළ අනිත් පුද්ගලයාටත් කතා කරන්න ඉඩ දෙන්න. එක දිගට තොර තෝංචියක් නැතුව වේගයෙන් කියවගෙන යන්න එපා. අනිත් කෙනා කියන්නේ මොනවද කියලා ඇහලා බලලා උත්තර දෙන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ඔයා හොඳින් මතක තබා ගත යුතු කරුණ තමයි ඔයා අනිත් කෙනා කියන දේට ඇහුම්කම් දෙන විදිහට තමයි ඔයාටත් අවධානය ලැබෙන්නේ. ආක්‍රමණශීලි බවෙන් තොරව සියුම් කටහඬකින් දුරකථන ඇමතුකට සවන් දෙන එක කමයි වඩාත් හොඳ.

ඔයා free වුණු ගමන් නැවත කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා

ඔයාගේ මොබයිල් එකට ඔයාගේ හිතමිතුරන්, නැදැයින් වගේම ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් රැකියා ස්ථානයෙනුත් කෝල් එන්න පුළුවන්. ඔයා කුමන කාර්යබහුල කටයුත්තක ඉන්න අතරේ ඔයාට මගහැරුණු ඇමතුම් තියෙනවා කියලා හිතන්නකෝ. ඉතිං උවමනාවක් තියෙන කෙනෙක් නම් ආපහු ගනියි කියලා ඔයා මගහැරුණු ඇමතුම්වලට උත්තර දෙන්නේ නැතුව ඉන්න එපා. සමහර විට ඒ ඇමතුම ඔයාට අත්‍යාවශ්‍ය තීරණාත්මක ඇමතුමක් විය හැකියි. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම ඔයාට මගහැරුණු ඇමතුම්වලට කෝල් එකකින් හරි මැසේජ් එකකින් උත්තර දෙන්න අමතක කරන්න එපා.

වැදගත් රාජකාරීයක ඔයා ඉන්නවා නම් phone එක silent කරගන්න

ගොඩක් දෙනෙක් අතින් වෙන වැරැද්දක් තමයි ඉතා වැදගත් රාජකාරී කටයුත්තකදී phone එක silent කරන්න අමතක වෙන එක. ඔයා මෙහෙම හිතන්නකෝ ඔයා meeting එකක ඉන්නවා කියලා. යම් අවස්ථාවක ඔයාට ඇමතුක් ලැබෙනවා. ඔයා විතරක් නෙමෙයි ඒ අවස්ථාවේ ඔයා එක්ක ඉන්න අනිත් අයත් අපහසුතාවට පත් වෙනවා. ඒ නිසා වැදගත් වැඩකටයුතුවලට යනකොට phone එක silent කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ඔයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් ඔයා භාවිත කරන Ringing tone එක තරමක් ශබ්දය අඩුව භාවිත කළ යුතුයි. මොකද අනිත් අයගේ වැඩ රාජකාරී වලට ඔබ බාධාවක් නොවිය යුතුයි.

මැසේජ් එක යවන්න කලින් දෙවතාවක් කියවලා බලන්න

ඔයා මෙහෙම හිතන්නකෝ ඔයා ඉන්නේ අතිශය කාර්යබහුල වටපිටාවක කියලා. ඉතිං මේ කලබලකාරී බවත් එක්ක මැසේජ් එක ටයිප් කරන විට වැරදියට ටයිප් විය හැකියි. ඒක ඔයා සමාන්‍ය විදිහට හිතුවත් තවත් කෙනෙක් ඒ පණිවිඩය වැරදියට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයා අත්‍යාවශ්‍ය දෙයකට මැසේජ් එකක් යවනවා නම් ඔයා කියන දේ නිවැරදිව සන්නිවේදනය වෙන්නේත් නෑ. ඒ නිසා ඔයා මැසේජ් එක ටයිප් කළාට පස්සේ නැවත හොඳින් කියවලා බලන්න. එතකොට මේ වගේ වැරැද්දක් ඔයා අතින් කවදාවත් සිදු වෙන එකක් නෑ.

ඇමතුම්වලට සුහදශිලිව කතා කරන්න

ඔයාට සෑම අවස්ථාවකම එකම පුද්ගලයාගෙන් ඇමතුම් ලැබෙන්නේ නැහැනේ. ඔයාට ලැබෙන අමතුමට උත්තර දෙන්න කලින් කෝල් එක ලැබුණේ කාගෙන්ද කියලා පෝඩ්ඩක් සෝදිසියෙන් ඉන්න වෙනවා. ඕනම කෙනෙක් ඇමතුමක් ලැබෙන මුල්ම අවස්ථාවේ කරන්නේ දුරකථනය අංකය හඳුනා ගන්න එකයි. පසුව තමයි ආදාළ පුද්ගලයාව ආමන්ත්‍රණය කරන්නේ. නිතරම සුහදශීලී හඬකින් උත්තර දෙන එක ඉතාමත් වැදගත්. මොකද කුමන පරිසරයක හා මානසික මට්ටමක ඉඳලා ඔයාට කතා කරන කෙනා ඉන්නවාද කියලා ඔයා දන්නේ නෑ. ඒ නිසා හොඳම දේ තමයි ඔයා සුහදශීලීව පිළිතුර දෙන එක. සමහර වේලාවට ඔයාට එන කොල් නම්බර් එක වැරදිලා ඇමතුම් ලැබිය හැකියි. මෙවැනි අවස්ථාවක උස් හඩින් ඇමතුම් වලට පිළිතුරු දෙන්න එපා. මගහැරුණු ඇමතුමක් බව වටහා දෙන්න අමතක කරන්න එපා.

ඔයා රාජකාරී වැඩකට නම් කතා කරන්නේ ආචාරිශිලී වෙන්න

ඔයා දුරකථනයට පිළිතුර දෙන සහ ඔයා ගන්න ඇමතුමක් හා සම්බන්ධ වීමේදී ආචාරශීලිව කතා කරීම ඔයාගේ ආයතනයට වගේම ඔයාගේ පෞර්ෂ්‍යත්වයටද එක ලෙස බලපානවා. ඉතිං ඒ නිසා ඔයාගේ නම, තනතුර කියලා සුහදශීලිව ආදාල පුද්ගලයා හා කතා කිරීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම රාජකාරී වැඩකටයුතු වලදි ඔව්, නෑ, බෑ වැනි වචන භාවිත කරන්න එපා.

රිය පැදවීමේදී ජංගම දුරකථනය භාවිත කරන්න එපා

අද ගොඩක් දෙනෙක් අතින් රිය අනතුරු සිදු වෙන්නේ දුරකථන සංවාදවල නිරත වෙලා රිය පදවන නිසා. ඒ නිසා ඔයා කවදාවත් මේ වැරැද්ද නම් කරන්න එපා. රියපදවන අතරතුර ඔයාට එන අත්‍යාවශ්‍ය හා හදිසිම කෝල් එකක් නම් ඔයාට පුළුවන් කෙටි පණිවිඩයක් යවන්න. එහෙමත් නැතිනම් වාහනය නවත්තලා දුරකථන ඇමතුමට සවන් දෙන්න අමතක කරන්න එපා.

ප්‍රසිද්ධ ස්ථානයක කතා කරනකොට හඬ ටිකක් බාල කරන්න

ඔයාට අනන්තවත් මේ අත්දැකිම නම් ඇති. බස්වල යන ගොඩක් දෙනෙක් හරිම ශබ්දයෙන් තමයි දුරකථනවලට උත්තර දෙන්නේ. ඒ ශබ්දය කොච්චරද කියලා කියනවා නම් ඇමතුම අවසන් වෙන කොට එයා කතා කළ හැමදේම අනිත් අය දැනගෙන ඉවරයි. ඔයා කොච්චර ලස්සනට ඇඳලා මේකප් එකක් දාලා ගියාට වැඩක් නෑ ඔයාගේ සමස්ත පෞර්ෂත්වම මෙවැනි දෙයකින් බිඳ වැටෙනවා. සමාන්‍යයෙන් ඇමතුමක් අතිශය පෞද්ගලිකයි කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැනේ. ඉතිං ප්‍රසිද්ධ ස්ථානවල කෝල් එකක් ගන්නවා නම් හඬ ටිකක් බාල වෙන විදිහට කතා කරන්න. තවත් කෙනෙක්ගේ අවධානය ඔයා වෙතට නොලැබෙන විදිහට කතා කරන්න. විශේෂයෙන්ම තවත් කෙනෙක්ට බාධාවක් වෙන විදිහට ඇමතුම් වලට උත්තර දෙන්න එපා.

මීට අමතරව මේ කරුණු පිළිබදව අවධානයෙන් සිටීම ඉතා වැදගත්

01. අවසරයකින් තොරව තවත් කෙනෙක්ගේ දුරකථයක් භාවිත කරනන්න එපා. විශේෂයෙන්ම තවත් කෙනෙක්ගේ දුරකථනයකට එබිකම් කරන්න එපා.

02. ඔයාට යම් කෙනෙක් කතා කරන භාෂාව තේරුම් ගන්න අපහසු නම් ටෙක්ස්ට් එකකින් හෝ උත්තර දෙන්න.

03. ඔයාට අදාළ නැති දුරකථන අංකවලට ඇමතුම් හිතු මනාපෙට ගන්න එපා.

04. අතිශය පෞද්ගලික හා රහසිගත දේවල් ගැන පොදු ස්ථානවල කතා කරන්න එපා.

05. දුරකථන ඇමතුම් ලබා ගත නොහැකි ස්ථානවල දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   136,442
   60

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
Cashews that nourish your beauty, protect your skin and protect your health
   11,208
   55

ඔබගේ රූ සපුව වඩවන, සම රැකදෙන, සෞඛ්‍ය ආරක්ෂා කරන කජු

රූ සපුවට, හොඳ සෞඛ්‍යයට කජු වල තියෙන මේ වාසි ඔබව පුදුම කරාවි..
Health benefits of onions
   5,749
   47

ලූණු ආහාරයට ගැනීමෙන් ඔබට අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ

රස පමණක් නොවේ ළුණුවල ඇති ඔබගේ ශරීරයට වැදගත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගැනයි අද හැඩකාරි සටහන..
how to make over your health and look in 10 days
   6,332
   47

දින 10කින් ඔබේ සෞඛ්‍යය සහ පෙනුම වැඩි දියුණු කරගැනීමට ඔබත් කැමතිද? ඒ සඳහා පහසු පියවර 10ක්

මේ විනෝදජනක ටාස්ක් 10 ඔයාගේ ශාරීරික සහ මානසික තත්වය ඉහල නන්වන්න හොඳ ආරභයක් ලබා දෙන බව සහතිකයි..
How neem oil can help to have full healthy hair
   25,896
   43

පිරිපුන් නිරෝගී කෙස් කළඹක් සඳහා ස්වභාවික රහසක්

ඔබ කොතරම් උත්සාහ කලත් පිරිපුන් නීරෝගි කෙස් කළඹක් තවමත් සිහිනයක් පමණක්ද.. එසේනම් මෙන්න කොහොඹ තෙල් භාවිතයෙන් පහසුවෙන් දිගු නීරෝගී පිරිපුන් කෙස් කළඹක් ලබාගැනීමට උපදෙස්

Latest Articles

Most Viwed