සකරුවෙක් සහකාරියක් වෙනත් සම්බන්ධතාවකට යොමු වෙන්න මේ කරුණුත් බලපාන්වා

September 10, 2018
6,090
Reasons for husband or wife to go for another relationship
විවාහය කියන්නේ ඔයාගේ ජීවිතයේ සුවිශේෂිතම වගේම ලස්සන කඩකඉමක්. මේ කඩඉම ජීවිතයේ සුවිශේෂිතම සංධිස්ථානයක් බවට පත් කර ගන්න ඔයා වගේම ඔයාට ආදරය කරන ඔයාගේ පෙම්වතාත් නොකරන දෙයක් නැති තරම්. ඒත් අවාසනවකට රහුයෙන් අතැගිලි බැඳෙන ගොඩක් ආදර කතාවලට කාලයාගේ අවෑමෙන් කණකොකා හඬන්න පටන් ගන්නේ ඔයාටත් නොදැනීම. අද හැඩකාරී ඔයාට මේ කියන්න යන කතා ඇහුවම ඔයාට තේරුම් යන්න ඕන ආදර සම්බන්ධතාවක් සාර්ථකව පවත්වා ගත යුත්තේ විවාහය වන තෙක් පමණක් නෙමෙයි කියන කරුණ. පෝරු මස්තකයේ හිඳ මිය යන තුරුම සතුටු සමාදානයෙන් ජීවත් වෙන බවට එකිනෙකාට සපත කළත් සියලූ බැදීම් එකිනෙක ඔයාගෙන් වගේම ඔයාගේ සහකරුවාගෙන් ගිහිලි යන්නේ සමහර විට බිරිඳක් ස්වාමියෙක් විදිහට ඔයාගෙන් ඉටුවිය යුතුකම් ඉටු නොවෙන නිසා විය හැකියි. විවාහයෙන් පස්සේ ඔයාගේ සහකරුවා සහකාරිය වෙනත් සම්බන්ධතාවකට යොමු වෙන්නේ ඇයි? මේ ගැන ඔයා එක්ක කතා කරන්න අද Hadakari අපි තීරණය කළා.

01. විවාහයෙන් පස්සේ ඔයාගේ ලස්සන ගැනත් හිතන්න

විවාහයට කලින් ඔයා පෙම්වතියක් විදිහට ආදරය කරපු කාලය පොඩ්ඩක් මතක් කරලා බලන්නකෝ. ඔයා කොච්චරම් නම් ලස්සනට ඇඳලා කියලා හැම මොහොතක්ම සුන්දරව ගත කරන්න උත්සාහ කළාද?. විවාහයට කලින් ඔයා ඕනෑ තරම් ලස්සන වෙන්න හිතාගෙන එක එක විදියේ රූපලාවණ්‍ය කටයුතු කරන්න ඇති. නමුත් විවාහයෙන් පස්සේ ඇත්තටම වගකීම් හා කාර්යබහුල පරිසරය එක්ක ඔයාට ඔයා ගැනවත් හිතන්න කාලය නැති කතාවක් ඇත්තක් වුණත් ඉතිං හැඩකාරී අපි නම් ඔයාට කියන්නේ ඔයා විවාහයෙන් පස්සේත් ලස්සන ගැන හිතන්න ඕන කියලා.

විවාහයෙන් පස්සේ ගොඩක් කාන්තාවන් තමන්ගේ ලස්සන ගැන හිතන්නේ නැ. ඔයාට දරුවන් හා ගෙදර වැඩ එක්ක ඔට්ටු වුණාම ඇත්තටම ඔයා ගැන හිතන්න වේලාවක් නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා දන්නවාද? අද ගොඩක් විවාහ පවුල්වල මේ කාරණය නිසා සහකරුවන් සිය බිරිඳගෙන් ඈත් වෙලා වෙනත් සම්බන්ධතාවලට යොමු වෙනවා. ඇතැම් කාන්තාවන් ඉන්නවා දවස පුරාම එකම ඇඳුම ඇදගෙන දැලි කුණු පෙරාගෙන තමයි ඉන්නේ. සහකරුවන් කැමති නෑ තමන්ගේ බිරිඳ අපිරිසිදුව ඉන්නවට. ඉතිං ඔයාට ගෙදර ඉඳලා කරන්න පුළුවන් රූපලාවණ්‍ය සත්තාර ඕනෑතරම් තියෙනවා. ඉතිං ඒ නිසා ඔයා වෙනුවෙන් පුංචි කාලයක් වැය කරන්න. ඒ කාලය ඔයා වෙනුවෙන් විතරක් නෙමෙයි ඔයාගේ ආදරය, ඔයාගේ ස්වාමියා හා ඔයාගේ පවුලට කරන ලද ආයොජනයක් වේවී.

02. ඔෆිස් එකේ වැඩ ගෙදර ගෙනියන්න එපා

ඔයා රජයේ හෝ පෞද්ගලික ආයතනයක් රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට මේ කරුණ හරිම වැදගත්. ඔය මෙහෙම හිතන්නකෝ ඔයාගේ සහකරුවත් රැකියාවක් කරන කෙනෙක් නම් සවස් කාලයේ තමයි ඔයාලා දෙදෙනාටම ටිකක් නිදහසේ කාලය ගත කරන්න ලැබෙන්නේ.

ඉතිං මේ කාලයත් ඔයා ඔයාගේ ඔෆිස් එකේ වැඩ වෙනුවෙන් මිඩංගු කරන්න ගියොත් ඔයාට ඔයාගේ සහකරුවා සමඟ කතාබහ කරන්නවත් වේලාවක් නැතුව යනවා. ඉතිං මේ කාරණය දිගින් දිගටම සිදු වුණොත් ඔයාටත් නොදැනීම ඔයාගේ සහකරුවා ඔයාගෙන් ඈතට යන්න තියෙන ඉඩකඩ වැඩියි. අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතාවක් නොවන්නට කිසිදු කාර්යාලයේ වැඩක් ගෙදර ගේන්න එපා. ඒ වේලාව නිදහසේ හා සාමකාමීව ඔයාගේ ස්වාමියා සහ ගෙදර අයත් එක්ක ගත කර ගන්න වෙන් කර ගන්න.

03. අනවශ්‍ය අන්තර්ජාල මිතුරු සබඳතාවලින් දුරස් වෙන්න

මේ කාරණය නම් අද සහකාරියන්ට, සහකරුවන්ට එක වගේ ආදාල කරුණක්. අද ගොඩක් පවුල් සබඳතාවලට කණකොකා හඬන්නේ අන්තර්ජාලයෙන්. මේ සබඳතාවන් කොච්චර දුරට ඔයා විශ්වාස කරනවාද කියනවා නම් ඔයා තමන්ගේ සමීපතමන්ටත් වඩා මේ අන්තර්ජාලයේ මිතුරු හමු විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔයා මුහුණ පොතට ඇබ්බැහි වුණු කෙනෙක් නම් ඔයාට මේ ඇබ්බැහි වීම නිසාම සාර්ථක පවුල් ජීවියක් ගත කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ බිරිඳ, සහකරුවා අවිශ්වාස කරලා අන්තර්ජාලයේ මිතුරුහමු විශ්වාස කරන්න එපා. සීමාවක් තියාගෙන හැම මිතුරු සබඳතාවක්ම පවත්වා ගන්න. මොකද සයිබර් අවකාශයේ වෙස්වලාගත් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ වගේම, අසරණ වුවන්ට සරණක් වෙන්න බලාගෙන ඉන්න අය බොහෝමයි. මේ නානාප්‍රකාර උගුල්වලට ඔයා අහුවුණොත් විවාහ වුණාටත් වඩා ඉක්මනට ඔයාගේ ආදර කතාව අවසන් වෙලා යයි.

04. විවාහායෙන් පස්සේ ඔයාගේ ජීවිතය තුළ සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගන්න

විවාහයෙන් පසුව සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගැනීම දෙදෙනා සතුම වගකීමක්. විශේෂයෙන්ම විවාහ ජීවිතය තුළ සාර්ථක සම්බන්ධතවාක් පවත්වා ගන්න බැහැ කියන්නේ ඔයාලා විවාහ ජිවිතය තුළ ආසාර්ථක බවට පත්වෙන්න එය ප්‍රබල සාධකයක්. ඔයා සමාජය තුළ නිතර ගැටෙන කෙනෙක් නම් මෙවැනි අසාර්ථක අත්දැකීම් තියෙන අය ඔයා අනන්තවත් දැකලා ඇති. අන්න ඒ නිසා අන්‍යෝන්‍ය විශ්වාසය පවත්වා ගනිමින් සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගන්න. එවිට කවදාවත්ම ඔයාගේ ආදරය ඔයාගෙන් ඈතට යන එකක් නෑ වගේම ඔයාගේ සහකරුවා වෙනත් සම්බන්ධතාවකට යොමු වෙන එකකතුත් නැහැ.

05. ස්වාමියාගේ / බිරිඳගේ වැරදි අඩුපාඩු තැනින් තැන කියවන්න එපා

අද ගොඩක් ජෝඩු අතරේ තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි එකිනෙකා හඳුනා නොගැනීම. එයින් සිදුවන්නේ දොදනා තුළ විරසක වීම් වැඩි වෙලා සම්බන්ධතාව බිඳිලා යන එක. ඔයා අතින් වගේම ඔයාගේ සහකරුවා අතිනුත් විවිධ අඩුපාඩු තිබෙන්නට පුළුවන්. අතපසුවීම් ඔහු අතින් සිදු වෙන්නට පුළුවන්. හිතින් ඔයාලා දෙන්නා අතරේ මේ පුංචි පුංචි වැරදි හදා ගන්නේ නැතුව ඔයා මේ දේවල් නිවසින් පිට සමාජයට රැගෙන ගියොත් ඇති වෙන්නේ මහා විනාශයක්. තියෙනවාටත් වඩා කටකතා පැතිරිලා ඔයාගේ ආදර කතාවට තිත තියෙන තැනටම මිනිසුන් ඉඩකඩ හදලා දේවී. ඉතිං ඔයාගේ ආදරයත් රැක ගන්න ඕන නම් මේ වැරැද්ද කරන්න එපා.

06. ස්වාමියා / බිරිඳගේ ගැන තිතර හොයලා බලන්න අමතක කරන්න එපා

ගොඩක් ආදර කතා වල ආදරය රැදිලා තියෙන්නේ විවාහයේ අලුතදී පමණයි. විශේෂයෙන්ම දරුවන් ලැබුණට පස්සේ ගොඩක් බිරින්දෑවරු අවධානය යොමු කරන්නේ දරුවන්ගේ වැඩකටයුතු වලට විතරයි. ඇතැම් විට සහකරුවා ගැන සොයන්නේ ඉතාමත් අඩුවෙන්. මෙවැනි පරිසරයක් තුළ ඔයාගේ ආදරය හෝ අවධානයක් ඔහුට යොමු වෙන්නේ නෑ. ඒ වගේම ගොඩක් ස්වාමියන් අතින් වෙන වැරැද්දක් තමයි ගෙදරට වඩා රැකියාවට හා තම යහළුවන් වෙනුවෙන් කාලය වෙන් කරන එක. එවැනි තත්ත්වයකදී ස්වාමියා, බිරිඳ වෙනත් සම්බන්ධතාවකට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතිං ඔයාට පුළුවන් හැම වේලාවම ඔයාගේ ආදරය වෙනුවෙන් පොඩි කාලයක් හරි මිඩංගු කරන්න. ඔයාගේ සහකරුවාටත් අවධානය යොමු දෙන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,385
   67

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,294
   40

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,825
   26

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Weralu benefits
   23,357
   23

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…

Latest Articles

Most Viwed