ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

September 19, 2018
71,457
Must have frocks for woman (Part 01)
කාන්තා ඇඳුම් විලාසිතා මෙපමණයි කියලා නිම කරන්න බැරි තරම්. ඒ තරමට අද කාන්තා ඇඳුම් විලාසිතාවන් දවසින් දවස වෙනස් වෙනවා. කාන්තාවන් අතර ජනප්‍රිය ඇඳුම් විලාසිතාවක් තමයි ගවුම් විලාසිතාව. සමාන්‍යයෙන් ගැමි වහරෙත් කතාවක් තියෙනවා ඔයා අහලා ඇතිනේ යුවතියකගේ සුන්දරත්වය වඩාත් හොඳින් පේනේනේ චීත්ත මල් ගවුමක් ඇන්දම කියලා. හැබැයි ඉතිං අද තත්ත්වය නම් මීට හාත්පසින්ම වෙනස්. අද තියෙන ගවුම් විලාසිතාවන් අපේ අඳුම් සංස්කෘතියෙන්ම නිර්මාණය වු ඒවා නෙමෙයි. කොහොම වුණත් අද කාන්තාවන් සමාන්‍ය ගමනට වගේම පාටියකට වැනි විශේෂ අවස්ථාවන් සඳහා විවිධාකාරයේ ගවුම් මෝස්තර අඳින්න පුරුදු වෙලා තියෙනවා. ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා.

01. High-low Dress (උස කොට ගවුම)










හැඩට වැඩට ගවුම් අඳින්න කැමති ඔයා ළඟ තිබිය යුතුම ගවුම් විලාසිතාවක් තමයිHigh-low Dress එක කියන්නේ. මේ ගවුමේ තියෙන විශේෂත්වය වෙන්නේ ගවුමේ ඉදිරිපස කෙටස තරමක් දිගින් අඩු වෙන අතර පිටුපස කොටස ඉදිරිපසට වඩා දිගින් වැඩි වීමයි. ඔයාගේ රුචිකත්වයට අනුව මේ ගවුම තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. අත් දිග (long sleeve) , අත් රහිත (sleeve less), සහ off shoulder ආදී ඕනෑම ආකාරයෙන් දැන් මෙවැනි ගවුමක් තෝරා ගත හැකියි. මේ වර්ගයේ ගවුමක් ඔයාට ඕනෑම උත්සව අවස්ථාවකට අඳින්න පුළුවන්.

02. Pinafore Dress (පිනපෝ ගවුම)











ඔයා ගවුම් අඳින්න වඩාත් රුචිකත්වයක් දක්වන යුවතියක් නම්, ඔයා ළඟ තිබිය යුතුම ගවුම් වර්ගයක් තමයි පිනපෝ ගවුම. මෙවැනි ගවුමක් මධ්‍යස්ථ සිරුරක් තියෙන කෙනෙක්ට වගේම උඩුකය සහ උකුළ පුළුල්ව තියෙන යුවතියකට වුණත් හොඳින්ම ගැළපෙනවා. ඔයා ටෙනිස්, බැටිමින්ටන් වැනි ගෘහස්ථ ක්‍රීඩා කරන යුවතියක් නම් ඔයාට මෙවැනි ගවුමක් ඉතාමත් ප්‍රයෝජනවත් වේවී. ඒ විතරක් නෙමෙයි ගර්භණී අවධියේ ඉන්න කාන්තාවන් අතර ජනප්‍රිය ගවුමක් ගමයි පිනපෝ ගවුම. ඉතිං හැඩට වැඩට වගේම හුරු බුහුටි පෙනුමක් ලබා ගන්නත් මෙවැනි ඇඳුමක් ඔයාට උපකාරී වෙනවා.

03. Skater Dress (ස්කේටර් ගවුම)











ගවුම් අඳින්න කැමති යුවතියන් අතර වඩාත් ජනප්‍රිය ගවුමක් තමයිSkater Dress එක කියන්නෙත්. මේ ගවුම දිග හෝ කෙටි වශයෙන් අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම කෙට්ටු කෙනෙක් මෙවැනි ගවුමක් ඇන්දොත් සිරුරේ කෙට්ටු බව අඩු කර ගැනීමේ හැකියාවත් තියෙනවා. මේ ගවුම් වර්ගයේ ඉණෙන් උඩ කොටස සිරුරේ ගානට තියෙන නිසා ෂේප් එක හොඳින් ඉස්මතු වෙලා පේන්න ගන්නවා. Skater Dress එකක ඉණෙන් පහළ කොට රැළි ස්වභාවයකින් තමයි යුක්ත වෙන්නේ. ඇතැම් විට ෆ්ලෙයාඩ් ස්වරූපයකුත් එයින් ඉස්මතු කරනවා. ඉතිං ඔයත් ගවුම් විලාසිතාවට ඇබ්බැහිවුණු කෙනෙක් නම් දැන් මෙවැනි ගවුමක් ඔයා ළඟ තියා ගන්න එක හරිම වැදගත්. සමාන්‍ය උත්සව අවස්ථාවකට මෙවැනි ගවුමක් හොඳින්ම ගැළපෙනවා.

04. Sheath Dress (ෂීත් ගවුම)











මේ ගවුම් වර්ගය ගවුම් අඳින්න කැමති ඔයා ළඟ තිබිය යුතුම ගවුම් වර්ගයක්. මේවැනි ගවුමක් තිබුණා කියලා ඔයාට කවදාවත් පාඩුවක් නම් වෙන්නේ නෑ. සමාන්‍යයෙන් ඔයාට ජිවිතයේ විවිධ අවස්ථාවලට සහභාගි වෙන්න සිදු වෙනවා කියලා ඔයා දන්නවානේ. පාටි වලට වගේම සම්මුඛ පරීක්ෂණ වගේ වැදගත් අවස්ථාවලටත් මේ ගවුම ඔයාට අඳින්න පුළුවන්. ඉතාමත් චාම් අඳුමක් වෙන මේSheath Dress එකට ඔයා කැමති නම් එහි විචිත්‍රවත් බව පොඩ්ඩක් වැඩි කරගත හැකියි. ඔයාට අවශ්‍ය නම් මෙවැනි ගවුමකට බ්ලෙස්ර් එකක් භාවිත කළ හැකියි. එයින් අලංකාර පෙනුම වගේම වැදගත් බවත් එකතු වෙනවා. මේ ගවුම් වර්ගය බොහෝ යුවතියන් අතර ඉතාමත් ජනප්‍රියයි වගේම ගොඩක් දෙනෙක් වැදගත් අවස්ථාවලට මෙවැනි ගවුම් අඳිනවා.

05. Lace-up Detail Dress (ලේස් ගවුම)











යුවතියකගේ සුන්දරත්වය වැඩි කරන ගවුම් වර්ගයක් තමයි මෙම ගවුම් වර්ගයත්. මෙවැනි ගවුමක් නිර්මාණය කිරීමේදී මුලිකත්වය දීලා තියෙන්නේ ලේස් මැටිරීයල් එකට. මෙවැනි ගවුමක සිරුරේ උඩ කොටසට හෝ ඉණෙන් පහළ කොටසට ලේස් මැටීරියල් එක භාවිත කළ හැකියි. විශේෂයෙන්ම අද මනාලියන්ගේ ඇඳුම් අතර මේ ගවුමට සුවිශේෂි ස්ථානයක් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ රුචිකත්වයට වගේම සිරුරේ හැඩය ඉස්මතු වෙන විදිහට මේ ගවුම තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ලේස් පටි යොදාගෙන ගවුම් නිර්මාණය කිරීමත් මේ ගවුම් වර්ගයටම තමයි අයත් වෙන්නේ. අත්, කර පෙදෙස සහ පිට පෙදෙසට ලේස් පටි යොදාගෙන මෝස්තර කිරීම වඩාත් ජනප්‍රියයි අද වෙනකොට.

06. Fit and Flare Dress (ෆිට් අන්ඩ් ෆ්ලෙයා ගවුම)











පාටියකට එහෙමත් නැතිනම් උත්සවයකට යනවිට ඔයා ගවුම් අඳින්න ඉතාමත් කැමති යුවතියක් නම් ඔයාට ගැළපෙනම ගවුම් වර්ගයක් තමයි Fit and Flare Dress එක කියන්නේ. මේ ගවුම් වර්ගය සිහින් සිරුරක් වගේම මධ්‍යස්ථ සිරුරක් තියෙන යුවතියන්ටත් ඉතා හොඳින් ගැළපෙනවා. තමන්ගේ රුචිකත්වය අනුව තෝරා ගැනීමේ හැකියාව ඉහළින්ම තියෙනවා. මොකද Fit and Flare Dress එක ගොඩක් වේලාවට දිගින් අඩු වගේම තරමක් දිගින් වුණත් අඳින්න පුළුවන් හැකියාව නොඅඩුව තියෙනවා. විශේෂයෙන්ම අත් සහිත වගේම අත් රහිතවත් අඳින්න පුළුවන්. මේ ගවුමේ විශේෂත්වය තමයි සිරුරේ උඩ කොටස සිරුරේ ගානටත් ඉණෙන් පහළ කොටස ලිහිල්ව පැතිරුණු ස්වභාවයකින් යුතු වීම.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1082 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:19:40 PM
Script:/article/1082/must-have-frocks-for-woman-part-01.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:19:40 PM
Script:/article/1082/must-have-frocks-for-woman-part-01.html