කොච්චර හම්බකරත් ඉතිරියක් නැද්ද? මේ ක්‍රම ටික කරල බලන්නකෝ

September 25, 2018
8,101
How to save money
අද අපේ සමාජය අතිශය කාර්යබහුල සාමාජයක්. මේ සමාජය ඇතුළේ ජිවත් වෙන එක ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙමෙයි. බැදීම්, අවශ්‍යතාවන්, යුතුකම්, වගකීම් යන සියල්ල මොහොතින් මොහොත වෙනස් වෙනවා. එහෙම කියලා කවදාවත් ඔයාට මට වගේම අපි හැමෝටම ජීවිතයෙන් පලා යන්න නම් හැකියාවක් ලැබෙන්නේ නෑ. මිනිසුන් වන අපි හැමෝටම ආදරය, රැකවරණය, සෙනෙහස වගේම ජිවත් වෙන්න තවත් ඕනෑම කරන දෙයක් තියෙනවා. ඒ තමයි මුදල්. මුදල් ඉපයීමෙන් තොරව අද ජීවත් වෙන එක ගැන හිතන්නත් අමාරුයි. මේ කාරණය නිසාම තමයි අද අපේ සමාජය අතිශය තරඟකාරී වෙළා තියෙන්නේ. සමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ඉතිරියක් නෑ කියන එක. මේ වගේ කතා අද ඕනෑ තරම් කියනවා ඔයාට අන්නත්වත් ඇහැලා ඇති. සමහර විට ඔයාත් මෙහෙම හිතපු, මෙහෙම කියන්න වුණු වාර අනන්තවත් ඇති. මොනයම් හෝ අවස්ථාවක ඔයා පොඩ්ඩක් හරි හිතලා බැලුවද ඔයාට එහෙම කියන්න වුණේ ඇයිද කියලා.

අරපිරිමැස්ම ජීවිතයට ඉතාමත් වටිනා දෙයක්. සමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕන දෙයක්. අපේ සමාජයේ තියෙන එක සංකල්පයක් තමයි අරපිරිමැස්ම ගැන වැඩියෙන්ම හිතන්න ඕන බිරිඳ කියන එක. හැඩකාරී අපිට අනුව නම් අරපිරිමැස්ම කියන්නේ ලොකු, කුඩා, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සියළු දෙනා පුරුදු පුහුණු කළ යුතු දෙයක්. අද හැඩකාරී අපි ඔයාට කියලා දෙන්න තීරණය කළා ඔයාගේ ගෙදර වියදම අඩු කරගෙන අරපිරිමැස්මෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා.

දකින දකින දේවල් පස්සේ දුවන්න එපා

සමාන්‍යයෙන් පවුල් ජීවිතයක් ගත කරනකොට මේ අරපිරිමැස්ම ගැන හිතන එක හරිම වැදගත්. ගෙදරක බිරිඳට වගේම ස්වාමීපුරුෂයාටත්, දරුවන්ටත් වගකීමක් තියෙනවා අරපිරිමැස්මෙන් කටයතු කරන්න. යම් කිසි අවශ්‍යතාවක් වෙනුවෙන් ඔයා එළියට යනවා කියලා හිතන්නකෝ. සමහර විට ඒ කුමන හෝ දෙයක් මිලදී ගැනීමට විය හැකියි. ඉතිං ගොඩක් වේලාවට ඔයා ගන්න ගිය දේ නෙමෙයි අරගෙන එන්නේ. මොකද ඔයාගේ හිතේ තියෙන, ඔයා ආස කරන දේවල් තියෙනවා දැක්කම තමන් ආව කාරණයත් අමතක කරලා ඒ දේවල් මිලදී ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ අවශ්‍යතාව වෙනුවෙන් තවත් අමතර මුදලක් වැය කරන්න වෙනවා. සමහර විට ඔයා ළඟ මුදල් ඒ වෙනුවෙන් නැති නම් වෙනත් විකල්ප ක්‍රම අනුගමනය කරනවා. ඔයාට දැන් හොඳින්ම අවබෝධ වෙනවා ඇති අමතරව මුදල් වැය කරන එක අඩු කර ගත්තොත් ඔයාගේ වියදම ටිකක් අඩු කරගත හැකියි කියලා.

අතේ තියෙන ගානට සැලසුම් කරන්න

සැලසුම් කරන එක නම් ඔයා කොච්චරවත් කරලා ඇති නේ. හැඩකාරී අපි නම් කියන්නේ මාසකට ඔයාට ලැබෙන මුලද අනුව සැලසුම් කරන්න කියලා. අවශ්‍යතාවට මුලිකත්වය දෙන්න. සමාන්‍යයෙන් නම් පවුලක විවිධ වැඩකටයුතු වලට වෙන් වෙන් වශයෙන් මුදල් වියදම් කරන්න වෙනවා. ඉතිං පුංචි සැලසුමක් පාවිච්චි කරන්න. මෙහිදි තමන් සතුව තියෙන මුල්‍ය ගැන හිතන්න. මොකද ඒ ගැන නොහිතා කටුයුතු නොකළොත් ඔයා මුදල් මදි වීම නිසා ණයට අරගෙන හරි ඒ අවශ්‍යතාවන් පියවා ගන්නවා. එතකොට මොකද වෙන්නේ ඉදිරියේදී ඔයාව තවත් අපහසුතාවට පත් වෙනවා. කළ යුතු හා අත්‍යාවශ්‍ය්‍ය කාරණාවලට මුලිකත්වය දෙමින් සැලැස්මක් හදා ගන්න. එතකොට ඔයාටත් නොදැනීම අනවශ්‍ය දේවල් සැලසුමෙන් ඉවත් වෙලා යනවා. එතකොට අනවශ්‍ය වියදම් සිදු වෙන එකක් නෑ.

ලාභ දේවල් පස්සේ දුවන්න එපා

ගොඩක් වේලාවට අපි හිතන්නේ අද ගැන විතරයිනේ. ඔයා කතාවටත් අහලා ඇතිනේ අද කාලානේ හෙට කන්නේ කියාලා. මෙන්න මේ තියරිය නම් ඔයා කවදාවත් අනුගමනය කරන්න එපා. මෙහෙම වුණොත් ඔයාට හැමදාම සිදුවෙන්නේ ඔහේ අරමුණක් නැති ගමණක් යන්න. සමාන්‍යයෙන් අපි අතේ කීයක් හරි තියෙනකොට ගෙදරට ඕන දේවල් මිලදී ගන්නවානේ. ඉතිං ගණන් අඩු ලාබේට තියෙන දේවල් ඔයා මිලදී ගන්නවා කියලා හිතන්නකෝ. ටික කාලයක් යනකොට හොඳින් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ වගේ ලාභ දෙයකට වියදම් කරපු සුළු මුදලත් එතකොට අපතේ යාමක්. ඉතිං ඒ නිසා ඔයා කීයක් හරි වියදම් කරනවා නම් තව පුංචි ගාණක් ඒකට එකතු කරලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් මිලදී ගන්න.

ඉතිරි කරන එක පුරුද්දක් කර ගන්න

ඔයා උපයන සේසතම වියදම් කරන පුරුද්ද ඔයා ළඟ කවදාවත් තියා ගන්න එපා. සමාන්‍යයෙන් ඔයා මාසිකව මුදලක් උපයන කෙනෙක් නම් ඔයාට මාසයකට ලැබෙන මුදලින් කොටසක් ඉතිරි කරන්න පුරුදු වෙන්න. යම් අවස්ථාවක ඔයාට අත්‍යාවශ්‍ය කාර්යයක් වෙනුවෙන් මුදල් වැය කරන්න අවශ්‍ය වුණොත් මේ මුදල ප්‍රයෝජනයට ගත හැකියි. අන්න ඒ නිසා ඔයා උපයන මුදලින් පුංචි කොටසක් හෝ ඉතිරි කරන පුරුද්ද නැති කර ගන්න එපා.

අනුකරණය කරන්න එපා

දකින දකින දේවල් වගේම තවත් කෙනෙක් කරන කියන දේවල් ඔයා අනුකරණය කරන්න ගියොතින් ඔයාගේ ළඟ තියෙන සේසතම නැති වෙලා යන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. අද සමාජයේ මේ තත්ත්වය හොඳින්ම තියෙනවා. අහළ පහළ නිවෙස්වල අය කරන කියන දේවල්වලට වඩා ඉහළින් ඉන්න තමයි හැම විටම උත්සාහ කරන්නේ. අල්ලපු ගෙදර වාහනයක් ගෙනාවොත් සමහරවිට ණය වෙලා හරි ඊටත් වැඩිපුර හොඳ එකක් තමයි ගන්න හදන්නේ. කතාවටත් අහලා ඇතිනේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕන කියලා. තමන්ගේ තත්ත්වය හොඳින්ම දන්නේ තමන්. ඉතිං අනුන් දිහා බලලා තමන්ගේ ජීවන රටාව වෙනස් කරන්න එපා කවදාවත්ම.

නිවස ඇතුලේ පුංචි පුංචි දේවල් කළමණාකරණය කර ගන්න

ඔයා ඔයාගේ ගෙදරට හරි අවධානය දුන්නොත් ඔයාට ගේ ඇතුළෙන්ම වියදම් අඩු කර ගන්න පුළුවන්. පුංචි පුංචි දේවල් කියලා හිතලා ඔයා මිස් කරන දේවල්වලින් ඔයාට ඉතිරි කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකෝ ලයිට් බිල, වතුර බිල අඩු කර ගන්න ඔයාට මොනවද කරන්න පුළුවන්. ඔයා නිසි ලෙස මේ පුංචි දේවල් කළමණාකරණය කළොත් ලොකු ඉතිරියක් කළ හැකියි. ඔයාට නිවෙස අවට තියෙන පුංචි ඉඩ ප්‍රමාණයක එදිනෙදා ආහාරයට ගත හැකි එළවලුවක් දෙකක් වගා කර ගත හැකියි. පුංචි ගෙවත්තක් කියන්නේම ඔයාට හොඳ ආයෝජනයක්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සැමියාගේ, දරුවන්ගේ අනවශ්‍ය ක්‍රියාකාරම් නතර කළොත් සෑහෙන ප්‍රමාණයේ ඉතිරියක් කළ හැකියි. මෙහෙම හිතන්නකෝ ගෙදරක මත්පැන් දිනපතා බොන කෙනෙක්, බුලත්විට කන කෙනෙක්, දුම්වැටි පානය කරන කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතිං මේ අනවශ්‍ය විදයම් අඩු කර ගත්තොත් ඔයාගේ ගෙදර වියදම සෑහේන ප්‍රමාණයකින් අඩු කර ගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Dress patterns for flower prints
   52,252
   20

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Changes in your body if you consume cod-liver oil daily
   83,600
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Milk Toffee Recipe
   112,553
   15

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed