දවස් හතෙන් බඩ අඩු කරගන්න පුළුවන් විශ්මිත පාන වර්ග 05 ක්

September 29, 2018
34,489
5 super drinks to reduce your stomach in 7 days
අද ගැහැණු, පිරිමි භේදයකින් තොරව හැමෝටම තියෙන එක් ගැටළුවක් තමයි අදික තරබාරු බව. අක්‍රමවත් ආහාර රටාව, සෞඛ්‍ය සම්පන්න හා පෝෂ්‍යදායී ආහාර රටාවක් අනුගමනය නොකරීම වගේම ව්‍යායාම්වලින් තොර ජීවන රටාව නිසා අද ගොඩක් දෙනෙක් ශාරීරික වශයෙන් දුර්වල තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ගොඩක් දෙනෙක්ට අද තියෙන ප්‍රශ්ණයක් තමයි සිරුර තරබාරු බවට පත්වී උදරය ඉදිරියට නෙරා ඒම. ඔයත් සමහර විට මේ ගැටළුව නිසා අපහසුතාවට පත් වෙලා ඇති. පමණට වඩා ඔයාගේ සිරුර මහත් වුණාම ඔයා කොචච්ර ලස්සනට ඇඳුමක් ඇන්දත් වැඩක් නම් නෑ. ගොඩක් වෙලාවට සිරුර අධික ලෙස තාරබාරු වීමෙන් පපුව, උදරය සහ කලවා වැනි ස්ථානවල තමයි වැඩිපුර මේදය තැන්පත් වෙන්නේ. මේ නිසා ඔයාගේ සිරුරේ හැඩය නැති වෙලා ඔයාගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අද හැඩකාරී ඔයාට ඔයාගේ උදරය ඉදිරියට නෙරා ඒම එහෙමත් නැතිනම් ඔයාගේ බඩ අඩු කර ගන්න පුළුවන් විශ්මිත පාන වර්ග කිහිපයක් ගැන කියලා දෙන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ බඩ අඩු කරන්න පුළුවන් ඒ පාන වර්ග මොනවාද කියලා.

ලෙමන් සහ සව්

ලෙමන් මගින් මේදය දහනය කරනවා කියලා ඔයා දන්නවානේ. ඒ විතරක් නෙමෙයි වෛරස් හා විෂබීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙනවා. ලෙමන්වල අන්තර්ගත වන තන්තුමය ගුණය නිසා ඔයාගේ සිරුරේ තියෙන අනවශ්‍ය මේදය දිය කිරීමට ලෙමන් උදව් වෙනවා. විශේෂයෙන්ම උදරයේ අනවශ්‍ය මේදය ඉවත් කර උදරය ඉදිරියට එන එක නවත්තන්න ලෙමන්වලට පුළුවන්. සව් කියන්නෙත් තන්තුමය හා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ ආහාරයක්. ඉතිං දැන් ඔයාට ලෙමන් සහ සව් භාවිත කරලා ඔයාගේ බඩ අඩු කර ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඉතාම පුංචි දෙයක්. මුලින්ම සව් හැඳි කිහිපයක් අරගෙන වතුරේ දියකර ගන්න. පැයක් පමණ තිබෙන්නට හැර වතුර වීදුරුවක් සමග ලෙමන් යුෂ මිශ්‍ර කර ගන්න. ඉන්න පසුව මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර සෑම දිනකම උදෑසන පානය කරන්න. එවිට ඔයාගේ උදරයේ අනවශ්‍ය මේදය ඉවත් වෙලා යනවා.

ඉඟුරු පානය

පොඩි ඉඟුරු කැබැල්ලක් අරගෙන කුඩා ප්‍රමාණයේ කැබලිවලට කපා ගන්න. මෙහි යුෂ හොඳින් ලබා ගන්න ඔයාට බ්ලෙන්ඩර් කරන්න පුළුවන්. ඉන්පසුව මැටි බඳුනකට වතුර වීදුරු 02 ක් පමණ එකතු කර ඉඟුරු යුෂ සමග රත් කළ යුතුයි. විනාඩි 20 ක් විතර මද ගින්නේ රත් කර ගන්න. එවිට ඔයාට ලා කහ පැහැයෙන් යුතු මිශ්‍රණයක් දැක ගත හැකියි. ඉතිං තවම ඔයාට මේ පානය බොන්න සුදුසු තත්ත්වයේ නම් නැහැ. තව විනාඩි 10 ක් විතර ඔයා මේ මිශ්‍රණය තියෙන බඳුන හොඳින් වහලා තියන්න ඕන. ඉන් පසුව මේ ඉඟුරු මිශ්‍රණයට මී පැණි ස්වල්පයක් එකතු කරන්න. දිනකට දෙවතාවක් පමණ ආහාර ගැනීමෙන් පසුව මේ පානය බොන්න පුළුවන්. සතියක් වගේ ගත වෙනකොට සිරුරේ අනවශ්‍ය මේදය සහ කැලරි දහනය වෙලා ඔයාගේ උදරය ඉදිරියට නෙරා ඒම අඩු කරනවා.

ලෙමන් සහ උණු වතුර

ලෙමන් සහ උණුවතුර කියන්නෙත් ඔයාගේ උදරයේ අනවශ්‍ය මේදය දහනය කරන්න පුළුවන් වටිනා සංඝටක දෙකක්. මුලින් කිව්වා වගේ ලෙමන් මගින් ඔයාගේ උදරයේ තැම්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදය ඉවත් කරලා දානවා. ඉතිං මේ පානය සතියක පමණ කාලයක් ඔයාට එක දිගටම පානය කරන්න වෙනවා. මේ පානය සකස් කර ගන්න ඔයාට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. මද උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් බිංදු කිහිපයක් එකතු කරලා සෑම දිනකම උදේට හිස්බඩ බොන්න. දින කිහිපයක් යනකොට ඔයාටම දැනේවී ඔයාගේ උදරයේ මහත අඩු වෙලා කියලා.

මී පැණි සහ සුදු ළුණු

මී පැණි කියන්නේ ඔයාගේ සම පැහැපත් කරන වටිනා ඖෂධයක් කියලා මීට පෙර ලිපියකින් හැඩකාරී අපි ඔයාව දැනුවත් කළා. ඔන්න දැන් මී පැණි සමග අපි මේ කියන සංඝටක කිහිපයම භාවිත කළොත් ඔයාගේ උදරය ඉදිරියට නෙරා ඒම ඉක්මනින් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. කුඩා මී පැණි බෝතලයකට සුදු ළුණු බික් කිහිපයක් දාලා තියන්න. කොපමණ කාලයක් මීපැණිවල සුදු ළුණු දාලා තිබ්බත් නරක් නොවෙන බව ඔයා දන්නවානේ. ඊට පස්සේ සෑම උදය කාලයකදීම මද උණුසුම් වතුර වීදුරුවකට අර මී පැණි බෝතලයෙන් හැන්දක් සහ ලෙමන් යුෂ මේස තේ හැන්දක් එකතු කරලා පානය කරන්න. මී පැණිවලට සුදුළුණු වල ගුණය හොඳින් උරා ගන්නවා. මේ විදිහට දවස් කිහිපයක් මේ පානය බිව්වාම උදරයේ අනවශ්‍ය ලෙස ඉදිරියට එන එක අඩු වෙලා යනවා.

05. කොත්තමල්ලි, මා දුරු සහ සූදුරු

කොත්තමල්ලි, මාදුරු වගේම සූදුරු කියනනේ ආහාරවල රසය වගේම සුවඳ වැඩි කරන කුළු බඩු කියලා ඔයා හොඳින්ම දන්නවානේ. දැන් ඔයාගේ සිරුරේ තියෙන අනවශ්‍ය මේදය අඩු කරලා ඔයාගේ සිරුරේ අනවශ්‍ය කැලරි දහනය කරන්න මේ සංඝටකවලට හැකියාව තියෙනවා. අද හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා මේ කුළුබඩු පාවිච්චි කරලා බඩ අඩු කර ගන්න පුළුවන් පානයක් සකස් කර ගන්න විදිහ. සූදුරු, මාදුරු සහ කොත්තමල්ලි මේස තේ හැන්ද බැගින් පළමුව වෙන් කර ගන්න. මේ පානය සකස් කර ගන්න ඔයාට ඉඟුරු ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. මේ සියලූ ද්‍රව්‍ය එකතු කරලා වතුර භාජනයක් ලිපේ තියලා හොඳින් තැම්බෙන්න දෙන්න. විනාඩි 20 ක් විතර ගියාම මේ අමුද්‍රව්‍ය සියල්ල හොඳින් තැම්බෙනවා. ඉන්පසුව පෙරා ඉවත් කර ගන්න. තවම ඔයාට බොන්න පුළුවන් විදිහට මේ පානය සකස් කරගෙන අවසන් නෑ. මේ පානය මදක් නිවුණට පස්සේ මීපැණි හා ලෙමන් මේස තේ හැන්දක් බැගින් එකතු කර මිශ්‍ර කර ගත යුතුයි. මේ විදිහට සකස් කරගත්ත පානය දැන් ඔයාට දිනකට එක් වරක් පමණ පානය කළ හැකියි. අමතක කරන්න එපා ඔයා කෑමෙන් පසුව තමයි මේක පානය කරන්න ඕන වෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-14 00:00:00' and A.id <> 1098 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 15, 2025 at 2:05:11 AM
Script:/article/1098/5-super-drinks-to-reduce-your-stomach-in-7-days.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 15, 2025 at 2:05:11 AM
Script:/article/1098/5-super-drinks-to-reduce-your-stomach-in-7-days.html