කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ආදරයක්

October 5, 2018
21,568
What kind of love a boy looking from a girl
ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් කියලා ඔයාට අමුතුවෙන් හැඩකාරී අපි කියලා දෙන්න ඕන වෙන්නේ නෑ. මොකද ආදරය ඔයාගේ ජීවිතයේ මිහිරිතම අත්දැකීමක් කියලා දැනටමත් ආදරය කරන ඔයා වගේම කාලයක් ආදරය කරලා විවාහ වුණු ඔයත් හොඳින්ම දන්නවා. ආදරය කරද්දී මිහිරි, අමිහිරි තැන් ගළපාගෙන ආදර කතාවක් පවත්වාගෙන ගියොත් තමයි ඔයාට ගොඩක් දුර යන්න පුළුවන් වෙන්නේ. ඕනෑම කෙනෙක් තමන් ආදරය කරන ඔහුගෙන් හෝ ඇයගෙන් බලාපොරොත්තු වෙන විදිහේ ආදරයක් තියෙනවා. ඉතිං ඔහු හෝ ඇය බලාපොරොත්තු වෙන විදිහේ ආදරය ඔහුට හෝ ඇයට නොලැබුණොත් ඔයාගේ ආදර කතාව ඉස්සරහට ලියාගෙන යන්න ටිකක් විතර අසීරුයි. ඉතිං හැමදාම හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා ඔයාගේ ආදර කථාව සාර්ථකව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. ඔන්න අදත් හැඩකාරී අපි ඔයාට කියලා දෙන්න තීරණය කළා විශේෂයෙන්ම කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරනකොට බලාපොරොත්තු වෙන්නේ කුමන ආකාරයේ ආදරයක්ද කියලා. විශේෂයෙන්ම හැඩකාරී මේ කියන කරුණු තියෙන ආදරවන්තියන් බොහොම ඉක්මනින් ආදරවන්තයින්ගෙන් ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි.

සැක කරනවාට නම් චුට්ටක්වත් කැමති නෑ

ගොඩක් ආදරවන්තයින්ගේ ආදර කතාවලට කණකොට අඬන්න පටන් ගන්නේ මේ සැකය කියන තැනින්. ආදර කතාවකට සැකය ගෑවුණොත් ඒ ආදර කතාව ගොඩක් දුර ගෙනියන්න නම් හැකියාවක් ලැබෙන්නේ නෑ. සමාන්‍යයෙන් ආදරය කරනකොට සමහර තැන්වලදී සැක කරන එක, සැක හිතෙන එක සමාන්‍ය දෙයක්. ඉතිං ආදරය කරද්දි හේතුවක් නැතුව ඔයාගේ ප්‍රේමවන්තයාව සැක කරනවාට නම් පෙම්වතුන් ගොඩක් දෙනෙක් කැමති නෑ. සාමාන්‍යයෙන් ගොඩක් තරුණයින්ට වගේම සහකරුවන්ට රැකියාවක් කරන්න වෙනවානේ. ඉතිං රැකියා ස්ථානයේ තියෙන කාර්යබහුල බව එක්ක ඔයාගේ ආදරවන්තයා කාර්යබහුල විය හැකියි. ඉතිං මේ වගේ පසුබිමක ඔයා ඔහුව තේරුම් ගත්තේ නැති වුණොත් ඇත්තටම ඔයාලා දෙන්නා අතර සැකය, අවිශ්වාසය කියන හතුරා ප්‍රබලව ගැටුම් ඇති කරනවා. එහි අවසන් ප්‍රතිඵලය ඔයාගේ ආදර කථාව දෙදරා යාම විය හැකියි.

කෝල් කරලා මැසේජ් කරලා වද දෙන්න එපා

මේ කරුණ නම් තරුණයාගෙන් තරුණයාට සාපේක්ෂව වෙනස් විය හැකියි. මුලිනුත් හැඩකාරී අපි ඔයාට මතක් කළානේ පිරිමි පාර්ශ්වයේ ගොඩක් දෙනෙක්ට කුමන හෝ රැකියාවක් කරන්න වෙනවා කියලා. ඉතිං මේ වැඩ රාජකාරී එක්ක ඉන්නකොට ඔයා එක දිගටම කෝල් කරලා මැසේජ් කරලා කරදර කරනවාට ගොඩක් පෙම්වතුන් එච්චර කැමති නෑ. ඇත්තටම ඒ ඔයාට ආදරය නැති නිසා නෙමෙයි. ඇතැම් විට ඔහුට වැඩරාජකාරී එක්ක එය කරදරයක් විය හැකියි. ඉතිං ඔයා ඔයා ආදරය කරන කෙනාට එක දිගට කෝල් කරලා, මැසේජ් කරලා කරදර කරන්න කලින් දෙපාරක් හිතලා බලන්න. මොකද නිතරම කෝල් කරලා මැසේජ් කරන එකෙන් විතරක් ආදරය මනින්න හැකියාවක් නෑ.

විවෘත වෙන්න

ගොඩක් ආදරවන්තයෝ කැමතියි තමන්ගේ පෙම්වතිය ඔහුට විවෘත වෙනවාට. විශේෂයෙන්ම ඔයා ඔහුගේ ජීවිතයේ කොටසක් කරගෙන ආදරය කරන්න ගොඩක් පෙම්වතුන් කැමතියි. ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු, පවුලේ විස්තර, ඔයාට තියෙන ප්‍රශ්ණ, ඔයා දුකින් හිටයොත් ඒවාට හේතු, ඔයාගේ බලාපොරොත්තු, අනාගත සැලසුම් මේ ආදී ඔයාගේ නොයෙක් තොරතුරු දැන ගන්න පෙම්වතුන් ගොඩක් කැමතියි. ඒත් මේවා සමහර ආදරවන්තියන් තමන්ගේ පෙම්වතාට එක හෙළා කියන්න චුට්ටක් විතර මැලි වෙනවා. මොකද සමහර වේලාවට ඔයාට හිතෙන්න පුළුවන් ඒක ඔයාට මදි පුංචි කමක් කියලා. ඒ නිසා ඔයා ඔයාගේ ජීවිතයේ සමහර දේවල් හංගාගෙන හිත ඇතුළේ තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඇත්තටම මෙන්න මේ දෙයට ගොඩක් පිරිමි කැමති නෑ. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා ආදරය කරන කෙනා ඔයාට නොකියපු දෙයක් ඔයා කිසියම් ක්‍රමයකින් දැන ගන්නවා කියලා. එතකොට ඔයාට එක පාරටම අවුල් යන්න පුළුවන් ඔයාට මේ දේ ඔයාට කිව්වේ නැත්තේ ඇයි කියලා. අන්න ඒ වගේ තමයි ඔයාගේ ප්‍රේමවන්තයාටත්. ඉතිං ඔයාගේ ආදරය ඇත්තක් නම් ඔයාලා දෙන්නා ආදරය කරන්නේ ගොඩක් දුර යන්න හිතාගෙන නම් ඔහුට විවෘත වෙන්න අමතක කරන්න එපා.

ව්‍යාජ රඟපෑවලට එච්චර කැමති නෑ

මේ කරුණත් එක් තරුණයෙක්ගෙන් තවත් තරුණයෙක්ට සාපේක්ෂව වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ගොඩක් පිරිමි එතරම් කැමැත්තක් නෑ වෙස් මුහුණු දාගෙන ඉන්න තරුණියන්ට. විශේෂයෙන්ම ඔයා ඔයාට බොරු කියන පෙම්වතෙක්ට ඔයා කැමති නැහැනේ. අන්න ඒ වගේ බොරු මවාපෑම්වලට පිරිමි එතරම් කැමැත්තක් නෑ. ආදරය කරනකොට කෙල්ලෝ ටිකක් විතර බොළඳයි තමයි. ඒත් කොල්ලෝ මේ බොලද බව එක්ක එකඟ වුණාට ඇත්තටම ඔවුන් කැමති යථාර්ථයේ ජීවත් වෙන්න. පෙම්වතුන්ට හීන නැතුව නෙමෙයි. හැබැයි ඔවුන් ඒ හින ඇතුළේ ජීවත් වෙන්න එච්චර කැමති නෑ. ගොඩක් වේලාවට පෙම්වතුන් කියන කථාවක් තමයි මහපොළොවේ පෙය ගහලා ජීවත් වෙන්න කියන එක. හැඩකාරී අපිට අනුවත් ඔයාට සාර්ථක ජීවතයක් ගත කරන්න නම් යථාර්ථයේ ජීවත් වෙන්නම සිදු වෙනවා.

බොරු කියන එක පෙන්නන්න බෑ

බෞද්ධ අබෞද්ධ අපි හැමෝටම මුසාවාදා ශික්ෂාපාදය විවිධ අවස්ථාවල විවිධ හේතු සාධක නිසා කඩ කරන්න සිද්ධ වෙනවා කියලා ඔයා අත්දැකීමෙන්ම දන්නවානේ. ආදරය කරනකොටත් අඩු වැඩි වශයෙන් ඔයාටත් බොරු කියන්න වෙලා ඇති. ඒත් සාර්ථක වගේම අවංක ආදර කථාවක් /“
]පවත්වාගෙන යාමේදී බොරුව ඔයාගේ ආදර කථාවේ ඈතින් තමයි තියන්න ඕන වෙන්නේ. මොකද බොරුවෙන් පවත්වාගෙන යන ආදර කථාවක් ගොඩක් දුර ගෙනියන්න බැ. ප්‍රේමවන්තයෝ වගේම ප්‍රේමවන්තියොත් කැමති නෑ ආදරයේදී බොරු කියනවාට සහ බොරු කරනවාට. ඉතිං ඔවුන් අවංකව ආදරය කරන තරුණියක් එහෙමත් නැතිනම් ආදරවන්තියක් තමයි ආදරය කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතිං ඔයාටත් ඔයාගේ ආදර කථාව මග නතර කරන්නේ නැතුව ගොඩක් දුර අරගෙන යන්න ඕන නම් බොරුව ඔයාගේ ජීවිතයෙන් වගේම ඔයාගේ ආදර කථාවෙනුත් ඈත් කරලා තියන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,251
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,999
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,984
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed