පරක්කු වෙන්නේ නැතුව ඔෆිස් යන්න ටිප්ස් 05 ක්

October 8, 2018
11,037
5 tips to go office without getting late
අද තියෙන සමාජ වටපිටාව එක්ක පවුලක සහකරුවාට වගේම බිරිඳටත් රැකියාවක් කරන්න වෙනවා. එහෙම නැතුව අද තියෙන අතිශය තරඟකාරී සමාජ වටපිටාව එක්ක ජීවත් වෙන්න ටිකක් විතර අමාරුයි. අන්න ඒ නිසා ගෙදර සහකරුවාට වගේම බිරිඳටත් කුමන හෝ රැකියාවක් කරන්න වෙනවා. නමුත් මේ තත්ත්වය හැම කෙනාටම එක විදිහට ගැළපෙන්නේ නෑ. සමහර පවුල්වල සහකරුවා විතරක් රැකියාවට යනවා විය හැකියි. කුමක් වුණත් ඔයා රැකියාවට වේලාවට යන එක නම් ඉතාමත් වැදගත්. පෞද්ගලික වගේම රාජ්‍යය ආයතනවලත් නීති රීති පද්ධතියක් තියෙනවානේ. ඉතිං ඔයාට නියම කරලා තියෙන වේලාවට ඔෆිස් ගියේ නැති වුණොත් පාඩුව වෙන්නේ ඔයා වැඩ කරන ආයතනයට විතරක් නම් නෙමෙයි. ඔයාගේ පෞර්ෂත්වයටත් එය අඩු වැඩි වශයෙන් බලපානවා. ඔයා කොච්චර වේලාසන ඔෆිස් යන්න හිතාගෙන හිටියත් විවිධ වැඩකටයුතු නිසා ඔයාගේ ගමන පමා විය හැකියි. ඒත් කල්වේලාසන ඇතුව ඔයා සුදානම් වුණොත් පමා නොවී ඔෆිස් එකට යන්න ඔයාට පුළුවන්. ඉතිං අද හැඩකාරී අපි හිතුවා ඔයා හිතන්නේවත් නැති පුංචි පුංචි ටිප්ස් කිහිපයක් ඔයාට කියලා දෙන්න පරක්කු වෙන්නේ නැතුව ඔෆිස් එකට යන්න. ඔයත් ඉඳලා හිටලා හරි ඔෆිස් යන්නේ පරක්කු වෙලා නම් මේ ලිපිය කියවලාම බලන්නකෝ ඒ අතපසුවීම නිවැරදි කර ගන්නේ කොහොමද කියලා.

උදේට උයන්න ඕන කරන කළමණා ටික වේලාසන සකස් කරන්න

සමාන්‍යයෙන් ගෙදර කවුරු හරි රැකියාව කරනවා නම්, සමාන්‍යයෙන් ගෙදරින් තමයි ගොඩක් වේලාවට කෑම එක අරගෙන යන්නේ. ඉතිං ඔයා උයන්න චුට්ටක් හරි පරක්කු වුණොත් ඔෆිස් යන කෙනාට පරක්කු වෙලා තමයි යන්න වෙන්නේ. ඉතිං මේ අතපසු වීම මගහරවා ගන්න ඔයාට පුළුවන් කලින් දවසේ රෑට උදේට උයන්න ඕන කරන ටික පිළිවෙළට සකස් කරලා තියන්න. උදේට උයන එළවලු ටික කපලා තියන්න. එතකොට ඔයාට කල් වේලා ගන්නේ නැතුව කෑම ටික පිළියෙළ කර ගන්න පුළුවන්. සමාන්‍යයෙන් උදේට උයන්නේ මොනවාද කියලා තීරණය කරන්න ඉන්නේ නැතුව, නින්දට යන්න කලින් උයන එළවලු ටික තීරණය කරන්න. ඔයා උදේට මස් හරි මාළු හරි උයන්න හිතාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතිං ඔයාට පුළුවන් කලින් දවසේ මස්, මාළු කපලා සෝදලා ශීත කරණයේ දාලා තියන්න. මේ වගේ පුංචි දෙයකින් කාලය ගොඩක් ඉතිරි කර ගන්න පුළුවන්.

හෙට අඳින ඇඳුම අද තීරණය කරන්න

ගොඩක් වෙලාවට අපි හෙට අඳින්නේ මොකක්ද කියලා තීරණය කරන්නේ උදේටනේ. ඉතිං හිතට සැටිස් වුණේ නැතිනම් තමන්ට ගැළපෙන ඇඳුමක් ලැබෙනකම්ම ඔයා ඇඳුම් මාරු කර කර ඉඳීවී. එතකොට ඔයාටත් නොදැනීම ඔයාගේ කාලය අපතේ යනවා. ඒත් හැඩකාරී අපි නම් ඔයාට කියන්නේ ඔයා අඳින ඇඳුම කල් වේලා ඇතුව තීරණය කරන්න කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ඇඳුම අයන් කරලා පිළිවෙලට අරන් තියන්න. ඔයාගේ සහකරුවා උදේට රැකියාවට යනවා නම් ඔහුගේ සපත්තු මේස් වේලාසනම හොයලා පොලිශ් කරලා තියන්න. මෙයින් කාලය ඉතිරි වෙනවා.

පිළිවෙල

අපිළිවෙල තමයි ඔයා කරන හැම වැඩක්ම, ඔයා යන හැම ගමනක්ම පරක්කු කරන්නේ. ඉතිං ඔයාගේ ගෙදර පිළිවෙලට තියා ගන්න ඕනි මුලින්ම. ඔයා මෙහෙම හිතන්නකෝ උදේට ඔෆිස් යන්න ඕන වුණාම ඔයාට ඕන කරන දේවල් හොයන්න මුළු කාමරයම උඩු යටිකුරු කරන්න වුණොත් ඔයාට ඔෆිස් යන්න පරක්කු වෙනවා. ඉතිං ඔයාගේ ගේ ඇතුළේ පිළිවෙල තියා ගත්තොත් කිසිම අපහසුතාවක් නැතුව ඕන කරන දේවල් සොයා ගත හැකියි.

පනාව, මේකප්, සෙරෙප්පු, හෙයාර් බෑන්ඩ්ස්, බෑග්ස්, මේ සියල්ල වගේම ඔයාගේ ඇඳුම් අල්මාරියත් පිළිවෙළට තියා ගන්න. ඇඳුමක් හොයා ගන්න ඕන වුණාම මුළු ඇඳුම් අල්මාරියම අවුස්සන්න යන්න එපා. ජින්ස්, බ්ලවුස්, ගවුම්, සාරි වගේම ඔයාගේ යට ඇඳුම් ටිකත් පිළිවෙළට අසුරා තියන්න. එතකොට ඔයාට කිසිම ගැටළුවක් නැතුව එදිනෙදා අඳින්න ඇඳුමක් තෝරා ගත හැකියි.

ගෙදර අනිත් අයගෙන් උදව් අර ගන්න

සමාන්‍යයෙන් පවුලක කිහිප දෙනෙක් ඉන්නවානේ. ඉතිං මේ සමාජිකයෙන්ගෙන් උදව් ඉල්ලා ගන්න අමතක කරන්න එපා. ඇඳුම් අයන් කරන්න, සප්තු දෙක පොලිශ් කරන්න, උයන්න පිහින්න, පුංචි පුංචි උදව් ඉල්ලා ගන්න. සමාන්‍යයෙන් අපිට ලෙඩ දුක් හැදෙන්නේ කියලා නෙමෙයිනේ. යම් අවස්ථාවක ඔයාගේ ගෙදර බිරිඳට සනීප නැති වෙනවා කියලා හිතන්නකෝ. ඉතිං ගෙදර ඉන්න දරුවන් හෝ සහකරුවා තම තමන්ගේ වැඩරාජකාරී මේ නිසා අතපසු කරන එක ප්‍රායෝගිව සාර්ථක නැහැනේ. ඉතිං ඔයාගේ ගෙදර පුංචි හරි එකමුතුකමක් තිබුණොත් කිසිම වැඩක් අතපසු නොකර පරක්කු නොවී ඔෆිස් යන්න පුළුවන්.

කෙටි මාර්ග පාවිච්චි කරන්න

ඔයා එදිනෙදා ඔෆිස් යන්නේ ඔයාගේම වාහනයක නම් ඔයාට පුළුවන් ඔෆිස් එකට යන්න කෙටි පාරවල් ටිකක් භාවිත කරන්න. මොකද ඔයා ඔෆිස් යන වේලාවට ප්‍රධාන පාරවල තියෙන වාහන තදබදය ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑ. ඔයා වේලාසන සුදානම් වුණත් මාර්ග තදබදය නිසා ඔයාගේ ගමන අඩාල විය හැකියි. ඔයා පොදු වාහනයක නම් ඔෆිස් යන්නේ ටිකක් කල් වෙලා ඇතුව නිවසෙන් එන්න. එතකොට ඔයාට කල් වේලා ඇතුව ඔෆිස් එකට යන්න පුළුවන්. කිසිම අපහසුතාවකට ඔයා පත් වෙන්නෙත් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,058
   71

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,780
   28

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,272
   26

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed