ඔබේ හෑන්ඩ් බෑග් එක කල් පවත්වාගන්න මේ ක්‍රම පාවිච්චි කරන්න

October 14, 2018
12,225
Things matter for the durability of your handbag
ඔබේ හෑන්ඩ් බෑග් එක කල් පවත්වාගන්න මේ ක්‍රම පාවිච්චි කරන්න ගෑනු ළමයි ඇඳුම්, සපත්තු සහ ආභරණවලට අමතරව තවත් විශේෂයෙන් ආසා කරන දෙයක් ගැනයි මේ කතාව. සමහරු කැෂුවල්ද, ඔෆිස්ද, පාටිද කියලා ගමනේ හැටියට හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා. සමහරු වැස්සද, හවසද, බෝයිෆ්‍රෙන්ඩ්ද, යාළුවොද කියලා ඒ ඒ අවස්ථාවේ හැටියට හෑන්ඩ්බෑග් පාවිච්චි කරනවා. තවත් සමහරු ඇඳුමේ පාටට හෑන්ඩ්බෑග් පාවිච්චි කරනවා. හැබැයි මේ හෑන්ඩ්බෑග් කල් පවතින විදියට පාවිච්ච් කරන්නෙ කොහොමද කියන කාරණේ ගැනයි මේ කතාව.

1. ඒ ඒ අමුද්‍රව්‍යයට ගැලපෙන සත්කාරය



තරුණියක් වුනාම පිළිවෙල පිරිසුදුකම අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඒවගේම හෑන්ඩ්බෑග් එකක් කල්පවත්වාගන්න නම් ඒ හෑන්ඩ්බෑග් එක නිපදවපු අමුද්‍රව්‍යයට නිසි ලෙසින් සත්කාර කළ යුතුමයි. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් තරුණියන් පාවිච්චි කරන හෑන්ඩ්බෑග්වල නිෂ්පාදන අමුද්‍රව්‍ය වෙන්නේ ලෙදර්, බොරු ලෙදර් එහෙමත් නැත්තං ෆෝක්ස් ලෙදර්, පොලියෙස්ටර්, නයිලෝන්, ස්වෙඩ්, වයිනයිල්, කොට්න් හෝ කැන්වස්. ඉතිං මේ හැම එතටම ඩෝං ගාලා වතුර ගැහුවා කියලා හරියන්නෙ නෑ. ඒ ඒ අමුද්‍රව්‍යයට ගැලපෙන සත්කාරයක් හෑන්ඩ්බෑග් එකට දෙන එක තමයි වටින්නෙ. එය බෑගය මත පැල්ලම් හිටීම වලක්වන අතර බෑගයේ අමුද්‍රව්‍යයේ තෙතමනය මගහරිනවා. මේ පිරිසුදු කිරීම එක පාරක් කරලා නවත්වන්නත් එපා. පුරුද්දක් විදියට කරන්න.

2. බෑග් ඕගනයිසර් එකක් පාවිච්චි කරන්න



හෑන්ඩ්බෑග් එක පිටින් කොච්චර පරිස්සං කරලා, වතුර ගහලා, සුවඳ දාලා තිබුනත් වැඩක් නෑ ඇතුළ කැතයිනම්. අන්න ඒ නිසාමයි ඔබ හෑන්ඩ්බෑග් ඕගනයිසර් එකක් පාවිච්චි කරන්න උවමනා වෙන්නෙ. මොකද ලයිනිං එකට හානියක් නොවෙන්න නම් ඒකෙ බඩු පිළිවෙලකට අසුරා තිබිය යුතුමයි. මේ ක්‍රමයේ තවත් වාසියක් තියෙන්වා. ඒ
තමයි හෑන්ඩ්බෑග් එක මාරු කරද්දි බඩු එකෙන්එක නොගෙන කෙලින්ම ඕගනයිසර් එක බෑග් එකෙන් බෑග් එකට මාරු කරන්න හැකියාව ලැබෙනවා.

3. ද්‍රව නොගෑවෙන්නට



ගෑනු ළමයින්ගෙ හෑන්ඩ්බෑග් ඇතුළෙ මොයිස්චරයිසින් ක්‍රීම්වල ඉඳන්, හන්දි අමාරුවට ගාන ජෙල්, වතුර බෝතල්, ෆේස් වොෂ් ඇතුළු සියළු දේ තියෙනවා. මේවා පහසුවෙන්ම බෑග් ඕගනයිසර් එකකින් වුනත් පිටතට ලීක් වෙන්න පුළුවන්. එහෙම දෙයක් සිදුවීම ඔබේ බෑගයේ කල්පැවැත්ම අඩු කරන්නට ප්‍රධානම හේතුවක් වෙනවා. එනිසා ද්‍රව වර්ග සියල්ල නිසි ලෙසින් මූඩිය තද වුනු බවට සැකහැර බෑගයේ දමාගන්න. වතුර බෝතලයක් නම් පොලිතීන් කවරයක ඔතලා තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ.

4. බිම තියන්න එපා



ගෑනු ළමයින්ට සිහියක් නැතිවෙන වෙලාවල් තියෙනවා. ෆැෂන් කඩවල ෂොපින් කරන්න ගියාම, ෆිල්ම් බලන්න ගියාම, බෝයිෆ්‍රෙන්ඩ් එකක් රසම කෑම තියෙන රෙස්ටුරන්ට් එකකට ගියාම ඔය විදියට සිහියක් නැතිවෙන්න හොඳින්ම ඉඩකඩ තියෙනවා. එහෙම වුනා කියලා තමුන්ගෙ හෑන්ඩ්බෑග් එක බිමින් නොතියන්න වගබලාගන්න. රළු පොලොවේ ඇතිල්ලීම, දුහුවිල්ල, අනිත් අයගේ හෝ තමුන්ගේම කකුල්වල පැටලීම වලක්වාගන්න ඒක හේතුවක් වේවි.

5. හරියට තියන්න



ගෙදර ගෙනිච්චට පස්සෙ හෑන්ඩ්බෑග් එක විසික් කරලා දාන්නෙ නැතුව හරිවිදියට ඒක සාමාන්‍යයෙන් තියන තෙත නොවදින දූවිලි නැති තැනකින් තියන්න. වැඩියෙන්ම හොඳ දේ වෙන්නෙ හෑන්ඩ්බෑග් එක ගන්නකොට ලැබුනු හෑන්ඩ්බෑග් කෙසේ එකේම ඒක දාලා තියන එක තමයි. ඒ වුනාට ඒක කරන්න ඔයාලා කම්මැලි විත්තිය අපි දන්නවා. ඒ නිසා ඉතිං අපි කියපු මුල්ම කරුණ වුනු පිරිසුදු කිරීම ගැනවත් හිතවොත් හොදයි.

6. ගොඩ පුරවන්න එපා



ගෑනු ළමයි හෑන්ඩ්බෑග් කල් පවත්වාගන්න අපහසු වෙන විදියට කරන වත් වැරැද්දක් තමයි දරාගන්න බැරි තරම් දේ හෑන්ඩ් බෑග් එකට පුරවන එක. ඊටපස්සෙ ඉතිං කැමතිම රෙස්ටුරන්ට් එකේ "ඕල් යූ කැන් ඊට්" ඔ‌ෆර් එකකට ගියාම තියෙන බඩ වගේ වෙනවා හෑන්ඩ්බෑග් එකත්. ඇයි ඉතිං සබ්බසකලමනාවම පුරවනවානෙ. යාලුවො සෙට්වෙන කැෂුවල් ගමනකට කියලා පොඩි හෑන්ඩ්බෑග් එකක් ගන්නවා. ඕකට දානව ෆේස්ටවල් එකයි, මොයිස්චරයිසින් ක්‍රීම් එකයි, ටැබ් එකයි, සන්ග්ලාසස් දෙකයි, ලිප්ග්ලොස් එකයි, වතුර බෝතලේකුයි, ටිෂූ පැකට් එකයි වගේ තොගයක්. ඉතිං අර පුංචි බෑග් එක බංඩිය වගේ වෙලා ඒකෙ කල්පැවැත්ම අඩුවෙනවා.

7. බෑගයේ හතුරන් මගහරින්න



හෑන්ඩ්බෑග් එකේ හතුරන් කවුද? පළමු දේ ඉරඑළිය. හැකි සෑම විටම හෑන්ඩ්බෑග් එකෙන් ඉර එළිය මගහරවන්න. කාර් සීට් එක උඩ හෑන්ඩ්බෑග් එක අතෑරලා දාලා යන්න එපා. දෙවැන්න තෙතමනය. වතුර හලන්න වගේම වතුර ගෑවුනු මේස උඩ තියන්න, වහලයෙන් තෙතමනය කාන්දුවෙන බිත්තියක රඳවා තබන්නත් එපා. අනෙක් ප්‍රධානම හතුරෙක් වෙන දුහුවිල්ලෙන් මගහරින්න ඕන විදියත් අපි කලින්ම කිවුවනෙ. අනෙක් ප්‍රධානම කාරණය වෙන්නෙ ඔබ. ඔවු තරුණියක් විදියට ඔ‌බ කරන වැරදිත් බෑග් එකට කරන හතුරුකමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දහඩියෙන් තොරව ඔබේ අත් පවත්වාගන්න. ඒක හෑන්ඩ්බෑග් එක කල්පවාත්වාගෙන පාවිච්චි කරන්න හේතුවක් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1115 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:45:45 PM
Script:/article/1115/things-matter-for-the-durability-of-your-handbag.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:45:45 PM
Script:/article/1115/things-matter-for-the-durability-of-your-handbag.html