ඔයාගේ දෙතොලේ සුන්දරත්වය හැමදාටම තියා ගන්න

October 14, 2018
7,006
Keep your lips beautiful everyday
තරුණියන් කැමති ඔයාගේ ලස්සන තවත් ලස්සනට පේනවට ඒක නිසා තමා ඔයා make-up පාවිච්චි කරන්නේ. අද හැම තරුණියක්ම ගෙදරින් එලියට යනකොට තොල් ආලේපන ගානවා. තොල් කාන්තාවකගේ අලංකාරය වැඩි කරන නිසා ඔයා තොල් ගැනද සැලකිලිමත් වෙන්න වෙනවා. ඔයා කොච්චර ලස්සන උනත් හරියට ඔයා තොල් ආලේපනය පාවිච්චි කරන්න දන්නේ නැතිව ඇති. තොල් ආලේපනය නිසා ඔයාගේ ලස්සන වැඩි කරලා පේනවා. ඔයාගේ තොල් අවපැහැ ගැන්විලා, ඉරි තැලීලා වියලිලා නම් ඔයාගේ මුහුණට අවලස්සනක් තමයි ගෙනත් දෙන්නේ. ඔයාගේ තොල් වල මි පැණි තවරන්න එතකොට ඔයාගේ තොල් වල නිරෝගිව බව තියාගන්න පුළුවන්. අද හැඩකාරී ඔයාට ඔයාගේ ලස්සන මුහුණට තවත් ලස්සන වැඩි කර ගන්න තොල් ආලේපන පාවිච්චි කරන්නේ කොහොමද කියලා දෙනවා.

තොලේ පැහැය සහ සමේ පැහැය අනුව



ඔයා තොල් අලේපනයක් තෝරා ගන්නකොට ඉස්සෙල්ලම බලන්න ඕනේ ඔයාගේ සමේ පැහැය සහ තොලේ පැහැයයි. ඔයා තොල් අලේපනයක් ගන්නකොට ඔයා ඉස්සෙල්ලම ඔයාගේ අතේ උඩ පැත්තේ ගලා බලලා තමා ගන්නේ. ඔයා මේ විදිහට ඔයාගේ තොල් ආලේපනය තෝරා ගන්නවා නම් ඒ විදිහ වැරදියි. අදම නවත්තන්න. ඔයා තොල් අලේපනය ගන්නකොට ඔයාගේ තොලේ ගලා බලලා ගන්න.

Lip liner pencil



අද හැමෝම වගේ lip liner pencil එකක් පාවිච්චි කරනවා. Lip liner pencil එකෙන් ඔයාගේ තොලේ ස්වභාවික පෙනුම වැඩි කරලා දෙනවා. ඒකෙන් ඔයාගේ තොල ලොකු නැත්තම් පොඩි කරලා පෙන්නන්නේ නම් නැහැ. ඔයාගේ ස්වභාවික තොලේ පෙනුමේ අඩු පාඩු හදලා දෙනවා.

lip liner



lip liner එකෙන් ඉරක් විදිහට ඔයාගේ තොලේ මත අඳින්න. lip liner අඳිනකොට පෙනෙන නොපෙනෙන විදිහට අඳින්න. තොල් අලේපනයට ගැළපෙන පාටක් වෙන්නත් ඕන. ඔයා පාවිච්චි කරන තොල් ආලේපනය පාටට වඩා තද පාටක් වෙන්න ඕනේ. lip liner එකින් ඔයාගේ තොලේ හැඩයට ඇඳ ගන්න. Lip liner එකෙන් ඔයාගේ දෙතොලට මනා නිමාවක් ගෙනල්ලා දෙනවා.

තොල් ආලේපන වර්ණය තැවරීම



ඔයාගේ තොල් ආලේපන වර්ණය බුරුසුවක් ආධාරයෙන් තොල මත ආලේපනය කරන්න. පළමුව පහළ තොලේ මැද හරියෙන් පටන් අරන් දෙවනුව උඩු තොලේ තොල් ආලේපනය තවරන්න. තොලේ කොන් වල අලේප කරන කොට බුරුසුවේ පැත්තක කෙලවර උදව්වට ගන්න. දිගු වෙලාවක් තියා ගැනීමට නම් ටිෂූ කඩදාසියක් තොල් දෙක මත තියලා තද කරන්න. පසුව නැවතත් පෙර ලෙසට බුරුසුවක් උදව් වෙන් තොල් ආලේපනය අලේප කරන්න.

Lip gloss අලේප කිරීම



Lip gloss අලේප කිරීම මගින් ඔයා බලාපොරොත්තු වෙන්නේ තොල් මත ඇති වෙන තෙතමන පෙණුමක් ලබා දීමයි.


ඔයාගේ තොල් දෙක ලස්සනට තියා ගන්න නම් මේ විදිහට තොල් ආලේපන භාවිත කරන්න. ඔයාගේ තොලට මනා ලස්සනක් ගෙනත් දෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,249
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,997
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed