ඔයාගේ දරුවත් කාටූන් බලනවාද? එහෙනම් මේ කියන අනතුරු වැඩි ඈතක නෙමෙයි

October 18, 2018
12,557
If your child addicted to cartoons, this risk is not too far
පුංචි දරු පැටවුන්ගේ ජනප්‍රිය විනෝදාංශයක් තමයි කාටූන් බලන එක. අද කාටූන් බලන්නේ නැති පොඩ්ඩෙක් හොයා ගන්න ටිකක් විතර අසීරුයි. මොකද අද හැම ගෙදරක රූපාවාහිණියක් තියෙන නිසා පොඩ්ඩෙක් ඉන්න ඕනෑම ගෙදරක අඩු වැඩි වශයෙන් කාටූන් බලනවා. ඔයා නාට්‍ය, ෆිල්ම්ස් වැනි වැඩසටහන් බලන අතරේ ඔයාගේ දරුවා කාටූන් බලන්න ඔයාටත් නොදැනීම දැනටමත් ඇබ්බැහි වෙලා ඇති. පොඩ්ඩෝ විතරක් නෙමෙයි වැඩිහිටියන් පවා හරිම කැමතියි කාටූන් වැඩසටහන් බලන්න. අම්මා කෙනෙක් විදිහට, තාත්තා කෙනෙක් විදිහට ඔයා කිසිම අවස්ථාවක දරුවන්ගේ හිත් රිදවන්න කැමති වෙන්නේ නැහැනේ. ඒ නිසාම ඔයා කවදාවත් එපා කියන්නේ නෑ දරුවා කාටුන් බලනවාට. ඔයා එපා කියලා කිව්වත් දරුවන්ගේ දැඩි පෙරැත්ත නිසා එකඟ නොවී එකඟ වෙනවා විය හැකියි. සමහර විට ඔයාගේ දරුවාට කෑම ටික කවන්නේ, පාසල් වැඩ කරවන්නේ කාටූන් බලන්න දෙනවා කියන මානසික අල්ලස දීලා. කොහොමින් කොහොම වුණත් ඔයාගේ පැටියා දවස ආරම්භ කරන්නේ වගේම දවස අවසන් කරන්නේත් කාටූන් බලලා වෙන්න පුළුවන්. මේ ඇබ්බැහි වීම ඔයාට දැනෙන්නේ සමාන්‍ය දෙයක් විදිහට වුණාට ඇත්තටම මේ කියන කාටූන් බැලිල්ල නිසා ඔයාගේ දරුවාගේ ජීවිතයට මේ කියන අනතුරු වැඩි කාලයක් යන්න කලින් ගෙනල්ලා දෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි.

නිර්මාණය වෙන්නේ කාඩ්බෝඩ් වීරයෝ

ඔයාගේ පොඩ්ඩා සීමාවක් නැතුව එක එක වර්ගයේ කාටූන් වැඩසටහන් බලන්න ඇබ්බැහි වුණාම ඒ කාටූන්වල ඉන්න කාටූන් චරිත අනුගමනය කරන්න පෙළඹෙනවා. විශේෂයෙන්ම දරුවා තුළ තියෙන පෞර්ෂත්ව ලක්ෂණ, නායකත්ව ලක්ෂණ නැති වෙලා යනවා. මොකද පුංචි දරුවන් මේ කාටූන් චරිත ඒ විදිහටම අනුගමනය කරනවා. එය දරුවාගේ අනාගතයට යහපත් දෙයක් නම් නෙමෙයි. මොකද පුංචි දරුවන් නිතර නිතර දකින දේවල් අත්හදා බලන්න දෙවතාවක් හිතන්නේ නැහැ. ඉතිං මුලින් කිව්වා වගේ ඔයාගේ දරුවා තුළ තිබෙන නිර්මාණශීලි හැකියාවන්, දක්ෂතාවන්, නායකත්ව ගති ගුණ ආදීය යටපත් වෙලා කාටූන් චරිත තමයි නිර්මාණය වෙන්නේ. මෙය කොච්චර භයානකද කියලා කියනවා නම් ඔයාගේ පැටියා පිරිසක් එක්ක ගණදෙනු කරන විටත් මේ චරිතවල එක එක ලක්ෂණ අනුගමනය කරන්න තියෙන ඉඩකඩ වැඩියි. ගොඩක් දරුවන්ගෙන් අපේ රටේ ජාතික වීරයෝ කවුද කියලා ඇහුවොත් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුරුවල බහුතරයක් කාටූන් චරිත සිටිනවා නිසැකයි.

අනතුරුවලට අත වැනීමක්

සමාන්‍යයෙන් ගොඩක් වේලාවට කාටූන් එකක් නිෂ්පාදනය කරන්නේ හාස්‍ය, භීතිය, ත්‍රාසජනක අත්දැකීම් ආදීය එකට මුසු කරලා. ඉතිං මේවා පුංචි දරුවන්ගේ මනසට දරා ගන්නට බැරි තරම්. සමාන්‍යයෙන් මේ කාටූන්වල තියෙන ගොඩක් දේවල් සමාන්‍ය පොඩි දරුවෙකුට තියා වැඩිහිටියෙක්ටවත් කරන්න හැකියාවක් නෑ. මෙය මවා පෑමක් වුණත් පුංචි පොඩ්ඩොන්ට තිරය පිටුපස වෙන සියලු දේවල් තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඉතිං ඒ නිසා ඔවුන් දකින දේවල් අත්හදා බලන්න ගිහින් අනතුරු සිදු කර ගන්නවා. පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙනවා කාටූන් චරිත අත්හදා බැලීමට යාම තුළ බහුල වශයෙන් අනතුරු සිදු වී ඇති බව. ඉතිං දැන් ඔයාගේ පොඩ්ඩට සීමාවක් නැතුව කාටූන් බලන්න දෙන්න කලින් වරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතලා බලන්න.

අධ්‍යාපන කටයුතුවලින් දරුවෝ ඈත් වෙනවා

දරුවෝ කාටූන් බලන්න ඇබ්බැහි වුණාම හැම වැඩක්ම අත ඇරලා කාටූන් බලන්න යොමු වෙනවා. එවිට ඔයාටත් නොදැනීම ඔයාගේ පොඩ්ඩා අධ්‍යාපන කටයුතුවලින් ඈත් වෙනවා. ඉතිං දැරුවාගේ පාසල් වැඩ අතපසු වෙනවා කියලාවත්, දරුවා පාසල් වැඩ කටයුතු කරන්නේ නෑ කියලාවත් ඔයා දරුවාට තරවටු කරලා නම් හරියන්නේ නැහැ. පුංචි කාලේ ඉදලම ඔයා සීමාවකට දරුවට රූපවාහිණිය බලන්න දුන්නා නම් ඒ වගේ තත්ත්වයක් ඇති නොවෙන්නත් ඉඩ තිබුනා. ඉතිං ඔයාගේ දරුවත් සීමාවක් නැතුව කාටූන් බලනවා නම් අද ඉඳලාවත් කාටූන් බලන එක සීමා කරන්න පටන් ගන්න. මොකද එහෙම නොවුණොත් ඔයාගේ පැටියා ඔයාටත් නොදැනීම අධ්‍යාපන කටයුතු අඩාලා කර ගනිවී. මොකද පුංචි දරුවන් මේ කාටූන් දිහා බලලා නිකන් ඉන්නේ නැහැ. ඔහුන් ඒ ගැන හිතනවා. ඒවා අත්හදා බලනවා. එතකොට අධ්‍යාපන කටයුතු කරන්න කිසිම පෙළඹවීමක් ඇති වෙන්නේ නෑ. ඉගෙනීමේ රුචිකත්වය කාටූන් නිසා ටිකෙන් ටික හීන වෙලා යන්න තියෙන ඉඩ කඩ වැඩියි.

ආතතිය, පීඩනය, කථන ආබාධ ඇති විය හැකියි

කාටූන්වල තියෙන ගොඩක් දේවල් පුංචි දරුවන්ගේ මනසට දරා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද පුංචි මනසට ආතතිය, පීඩනය වැනි තත්ත්වයන් දරා ගන්න අසීරුයි. විශේෂයෙන්ම කාටූන් තුළ තියෙන ත්‍රාසජනක හා භීතිය දනවන සිදුවීම දරුවන්ගේ මනසේ හොඳින් තැම්පත් වෙනවා. මේ ගැන දරුවෝ හිතින් හිත හිත වද වෙනවා. මේ ක්‍රියාවලිය දීර්ඝකාලීනව සිදු වීමෙන් ආතතිය හා පීඩනය දරුවන් තුළ ඇති විය හැකියි. ඔයා හොඳින්ම දන්නවානේ ආතතිය, පීඩනය ඔයාගේ දරුවාගේ ජීවිතයට එතරම් යහපත් දෙයක් නම් නෙමෙයි කියලා.

අද වෙනකොට කුඩා දරුවන් ඉන්න දෙමාපියන් අත් විඳින ලොකු ප්‍රශ්නයක් තමයි දරුවන් කතා කිරීමට ප්‍රමාද වීම. පරීක්ෂන මගින් සොයාගෙන තියෙන කරුණක් තමයි කුඩා කල සිටම දරුවන් එක දිගට හෝ දවසේ වැඩි කාලයක් ටීවී හෝ කම්පියුටර් වල කාටූන් නැරඹීම කථන ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් බව.

කාටූන් කියන්නේ ඔයාගේ දරුවාට අත්‍යාවශ්‍යතම දෙයක් නෙමෙයිනේ. ඉතිං ඔයාගේ පැටියා කාටූන්වලට ඇබ්බැහි වෙලා කාටූන් බලනවා නම් ටිකෙන් ටික ඔයාගේ පැටියාව එයින් ඈත් කරලා තියන්න. එහෙම නොවුණොත් ඔයාට අන්තිමට පසුතැවීමක් විතරයි ඉතිරි වෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,249
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,997
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,982
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed