මුවෙන් දුර්ගන්ධය වහනය වෙනවාද? මෙන්න විසඳුම

November 2, 2018
7,307
What you can do for your bad breath
ඔබ කොච්චර ලස්සනට ඇඳුමක් ඇඳලා, මේකප් එකකින් හැඩ වැඩ වෙලා තැනකට ගියත් කවරෙකු සමග හෝ වචනයක් කතා කරපු ක්ෂණයෙන් ඔබේ පෞර්ෂය බිදී යන්න පුළුවන්. මුවෙන් දුර්ගන්ධය වහනය වෙනවා නම් ඇත්තටම ඔයාට කට ඇරලා හරියට කතා කරන්නවත් හිනා වෙන්නවත් ලැබෙන්නේ නෑ.  තවත් පිරිසක් අතර කැපි පෙනෙ ආකාරයට ඔබ මතුපිටෙන් හැඩ වැඩ වුණත් ඔයා කතා කරන විට මුවින් දුර්ගන්ධය පිටවීම සිදු වුවහොත් ඔබව මුලින් ප්‍රිය කළ පුද්ගලයින්ම ඔබව ප්‍රතික්ෂේප කිරීමට තියෙන ඉඩකඩ වැඩියි. අද වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් පීඩා විදින ගැටළුවක් තමයි මුවින් දුගඳක් වහනය වීම. උදේ, දිවා, දත් මැද්දත් ඇතැම් විට මෙම ගැටළුව මගහරවා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං මේ ගැටළුවෙන් සමහර විට ඔබ හෝ ඔබේ ඥාති හිතමිත්‍රයෙක් හෝ පීඩා විඳිනවා විය හැකියි. මේකට මොනවද කරන්න පුළුවන් කියලා කියන්න හැඩකාරි අපි තීරණය කළා.

කෝපී පානය අවම කරන්න

ගොඩක් දෙනෙක් කෝපී බොන්න දක්වන්නේ මහත් රුචිකත්වයක්. වෙහෙස, මහන්සිය, විඩාව නිවාගන්න කෝපී කෝප්පයක් බිව්වත් මුවෙහි දුර්ගන්ධය වහනය වන ස්වරූපයක් පවතින විට නම් කෝපී පානය කිරීම සුදුසු වන්නේ නෑ. කෝපී පානය කිරීම මගින් මුවෙහි තෙතමනය අඩුවන අතර මුවෙන් දුගඳ වහනය වීම බරපතල වෙනවා. කෝපී පානය කිරීමෙන් මුවෙහි තෙත් ගතිය අවම වී බැක්ටීරියා වර්ග වේගයෙන් වර්ධනය වෙනවා. ඔබගේ මුවින් දුර්ගන්ධය වහනය වීමේ යම් ගැටළුවක් පවතිනවා නම් කෝපී පානය කිරීම අවම කරන්න.

ආහාර රටාව ගැන සැලකිලිමත් වෙන්න

මුවෙහි සෞඛ්‍යය සම්පන්න බව පවත්වාගෙන යාමට විධිමත් ආහාර රටාවක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. පිශ්ඨය අඩු හා ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ඔබ ලබා ගන්නා විට ඔබට අවශ්‍ය පරිදි කුස පිරෙනවා. නමුත් ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගෙන නොමැති විට මුවෙන් දුර්ගන්ධය වහනය වීමට තියෙන ඉඩකඩ වැඩියි. ගොඩක් දෙනෙක් ශරීරයේ බර පාලනය කර ගැනීම සඳහා අක්‍රමවත් වූ ආහාර රටාවක් අනුගමනය කරනවා. එයින් ඔබේ සිරුරේ බර පාලනය වුවත් එහි අතුරු ප්‍රතිඵලයක් විදිහට ඔබේ මුවින් අප්‍රසන්න ගන්ධයක් වහනය වීමට තියෙන ඉඩකඩ වැඩියි. මෙවැනි ආහාර රටාවක් අනුගමනය කරන විට නිතරම ජලය පානය කිරීම ඉතා වැදගත්. මින්ට් හෝ කරාබුනැටි සැපීම මගින් මේ තත්ත්වය මදක් අවම කර ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.

මානසික ආතතිය අඩු කර ගන්න

ඔබ මානසික ආතතියෙන් පසුවන විටත් ඔබේ මුව වියළීමකට ලක්ව තෙත් ගතිය අවම වෙනවා. විශේෂයෙන්ම ඔබ මෙහිදී මනසට දැනෙන ආතතිය අවම කර ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත්. භාවනාව, යෝග ව්‍යායාමවල නිරත වීම මෙන්ම උපදේශන සේවයකට සහභාගී වීම වැනි ක්‍රම මගින් ඔබේ මනස සැහැල්ලුවෙන් තබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය පානය කිරීම, දුම්වැටි භාවිතය සහ සැර ගන්ධයක් සහිත ආහාර ලබා ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි. මත්ද්‍රව්‍ය පානය කළ අයෙකු ආශ්වාස ප්‍රා‍ශ්වාස කරන විටදි පවා ඔහු හෝ ඇය වෙතින් ගන්ධයක් නික්මෙනවා. දත් මැද්දා කියලා මෙලෙස වහනය වන දුර්ගන්ධය ඉවත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. දුම්වැටි පානය කිරීමේදී එයින් නිකුත් වෙන දුම ඔබේ පෙනහළු තුළ පවා ගන්ධයක් ඇති කරනවා. මෙම ගන්ධය ඔබේ මුව තුළින් පිටතට නික්මෙනවා. දත් ටික මැදලා පිරිසිදු කර ගත්තත් කවදාවත් ඔබට ඔබේ පෙනහලු නම් පිරිසිදු කර ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

ළුණු හා සුදු ළුණු පමණට වඩා ආහාරයට ගත් විට

ළුණු හා සුදු ළුණු වැනි සැර සුවඳක් සහිත ආහාර පමණට වඩා ආහාරයට ගත් විටද ඒවා ඔබේ රුධිරය හා මුසු වේ. ඉන්පසු ඔබ ආශ්වාස ප්‍රශ්වාස කරන විටත් මේ සැර ගන්ධය පිටතට නිකුත් වීම සිදු වෙනවා. ඒ නිසා සැර සුවඳක් සහිත ආහාර වර්ග ආහාරයට ගැනීම යම්තාක් සීමා කිරීම ඉතා වැදගත්.

වෛද්‍යවරයෙකු හමු වෙන්න

මුඛය ආශ්‍රිතව පවතින ගැටළුකාරී තත්ත්වයන් නිසාද ඔබේ මුවින් ගන්දයක් වහනය විය හැකියි. විශේෂයෙන්ම දත් මුල් දිය වීම, විදුරුමහ ආශ්‍රිත ගැටළු, දත් හා සම්බන්ධ ගැටළු, සෙම් ගෙඩි, පෙනහලු රෝග ආදිය මගින්ද ඔබේ මුවෙන් පිටතට දුර්ගන්ධයක් වහනය විය හැකියි. මෙවැනි තත්ත්වයකදී ඔබට අවසාන හා එකම විසඳුම වෙන්නේ වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1151 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 10:57:01 AM
Script:/article/1151/what-you-can-do-for-your-bad-breath.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 10:57:02 AM
Script:/article/1151/what-you-can-do-for-your-bad-breath.html