Toggle navigation
Beauty Tips
Child & Me
Fashion & Style
Love & Marriage
Health
Food & Cooking
Lifestyle
අද කාලෙට ගැළපෙන විදිහට යුවතියන්ට අඳින්න පුළුවන් ඇඳුම් වර්ග 05 ක්
November 9, 2018
24,760
Share this article
Tweet this article
කාන්තා විලාසිතාවන් අතර අතිශය ජනප්‍රිය විලාසිතාවක් තමයි ඇඳුම් විලාසිතාව. දවසින් දවස කාන්තා ඇඳුම් විලාසිතාව දියුණු වෙනවා හිතා ගන්නවත් බැරි විදිහට. අද ඔයා ඇඳුම් සාප්පුවකට ගිහිල්ලා බලන ඇඳුම හෙට වෙනකොට ඒ සාප්පුවේ නැති වෙන්නත් පුළුවන්. මොකද ඒ තරමට අද ඇඳුම් විලාසිතාව කාන්තාවන් අතරේ ජනප්‍රියයි. හැමදාම වගේ අදත් අපි ඔයාට හැඩකාරී වෙතින් අද කාලේ යුවතියන් අතර වඩාත් ජනප්‍රිය ඇඳුම් විලාසිතාවන් කිහිපයක් ගැන කතා කරන්න තීරණය කළා. හැඩට වැඩට ඇඳලා ලස්සනට ඉන්න කැමති ඔයා මේ ලිපිය කියලා බලන්නකෝ අද කාලේට ගැළපෙන ඔයාට අඳින්න පුළුවන් ඇඳුම් මොනවද කියලා.
කෙටි සාය (Mini skirt)
අද වන විට යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ඇඳුමක් තමයි කෙටි සාය විලාසිතාව. උසින් අඩු යුවතියන්ට මේ කෙටි සාය විලාසිතාව හොඳින්ම ගැළපෙනවා. ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් මෙවැනි ආකාරයේ ස්කර්ට් එකක් ඉතාමත් ලස්සනට අඳින්න පුළුවන්. මේ මිනි ස්කර්ට් එක ගොඩක් වේලාවට දණහිසට හෝ දණහිසට තරමක් උඩින් තමයි අඳින්නේ. මෙවැනි ස්කර්ට් විලාසිතාවකට හොඳින්ම ගැළපෙන්නේ ෂර්ට් බ්ලවුසයක්. කොලර් සහිතව හෝ රහිතව මෙවැනි ස්කර්ට් එකකටක් අඳින්න පුළුවන්. මේ ඇඳුම තවත් කැපිලා පේන්නේ බ්ලවුසය ස්කර්ට් එකට යට කරලා ඇන්දාම.
කෙටි ගවුම (Mini dress)
සමාන්‍ය ගමනකට වගේම පාටියකට යන විටත් එහෙමත් නැති නම් මිතුරු හමුවකට යනකොටත් මෙවැනි ආකාරයේ ගවුමක් හොඳින්ම ඔයාට ගැළපෙනවා. අද ගොඩක් යුවතියන් කෙටි ගවුම් විලාසිතාවට කැමතියිනේ. ඉතිං මෙවැනි වර්ගයේ ගවුමක් ඔයාගේ රුචිකත්වයට මුල් තැන දීලා තෝරා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන්නේ පෙන්සිල්කට් වර්ගගේ කෙටි ගවුම් විලාසිතාවක් නම් එවැනි ආකරයේ ගවුමක් අඳින්න පුළුවන්. එහෙමත් නැති නම් ෆ්ලෙයාඩ් හෝ ඒ ලයින් යන ඕනෑම වර්ගයේ ගවුමක් තෝර ගන්න පුළුවන්. ඔයා ගවුමක් තෝරා ගැනිමේදී ඔයාගේ උසට සහ සිරුරේ ෂේප් එකට ගැළපෙන ආකරයේ ගවුමක් තෝරා ගන්න කටයුතු කරන්න. විශේෂයෙන්ම උස, මහත ගැන අවධානය යොමු කළොත් ඔයාට හැඩට වැඩට අඳින්න පුළුවන් විදිහේ ගවුමක් තෝරගන්න පුලුවන් වෙයි.
නිල් වර්ණ දෙකේ ඩෙනිම් විලාසිතාව (Double blue denim out-fit)
මුලින්ම හැඩකාරී අපි ඔයාට මතක් කළානේ ඇඳුම් විලාසිතාව කාලයෙන් කාලයට වෙනස් වෙනවා කියලා. ඩෙනිම් විලාසිතාවත් එහෙමයි. සමාන්‍යයෙන් ඇඳුම් විලාසිතාවක් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යන්නේ නැති තරම්. ගොඩක් වේලාවට වෙන්නේ කාලෙන් කාලයට නව අංග උපාංග එකතු වෙලා අලුත් ඇඳුම් විලාසිතාවක් විදිහට වෙළඳපොළට එකතු වීමයි. ඩෙනිම් විලාසිතාවත් අන්න ඒ වගේ. අද කාලේ යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ඇඳුම් විලාසිතාවක් තමයි Double blue denim out-fit කියන්නේ. මෙහිදි ඔයාගේ සම්පුර්ණ ඇඳුම් කට්ටලයම ඩෙනිම්වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාගේ ජින්ස් ලානිල් ඩෙනිම් මැටීරියල් එකක් කියලා. ඒ ජින්ස් එකට අඳින බ්ලවුසය හෝ කෙටි ජැකට් එකට ජින්ස් වල වර්ණයට වඩා ටිකක් වෙනස් නිල් වර්ණයක් තමයි භාවිත කරන්නේ. සමස්ථ ඇඳුමට යොදාගෙන තියෙන්නේ ඩෙනිම් මැටීරියල් වීම තමයි මෙහි තියෙන විශේෂත්වය.
සිංගල් ඩිස්නි ගවුම (Single disney dress)
මේ ඇඳුම නම් අපේ යුවතියන් අතර ඉතාමත් ජනප්‍රියයි. ගොඩක් වේලාවට මෙවැනි ඇඳුමක් භාවිත කරන්නේ උස්සව අවස්ථාවකට. තනි පැහැයෙන් තමයි මේ ඇඳුම ගොඩක් වේලාවට නිර්මාණය වෙන්නේ. ඒ වගේම ඉණට උඩ කොටස සිරුරේ හැඩය ඉස්මතු වෙන විදිහට ඇගේ ගානට දකින්න ලැබෙනවා. නමුත් ඉණෙන් පහළ කොටස කුඩා කුඩා රැලි විදිහට තමයි දකින්න ලැබෙන්නේ. විශාල ෆෙයාර් එකකින් යුක්තව තමයි මෙවැනි ඇඳුමක් උත්සව අවස්ථාවකට භාවිත කරන්නේ. සිහින් සිරුරක් තියෙන කෙනෙක්ට මෙවැනි ඇඳුමකින් සිරුර ටිකක් මහත් කරලා පෙන්වීමේ හැකියාව තියෙනවා. ඉතිං ඉස්සරහට එන්නේ උත්සව සමයනේ. ඉතිං ඔයාට හැඩට වැඩට පාටියකට යන්න ඕන නම් මෙවැනි ආකාරයේ ඇඳුමක් මිලදී ගන්න පුළුවන්.
ක්රැක්ඩ් ජින්ස් සහ බ්ලවුස් (Cracked jeans and blouse)
අද කාලේ යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ඇඳුම් වර්ගයක් තමයි cracked jeans එක කියන්නේ. මෙවැනි ආකාරයේ ජින්ස් යුවතියන් අතර වගේම තරුණියන් අතරත් ඉතාමත් ජනප්‍රියයි. මෙවැනි ජින්ස් එකක විශේෂත්වය වෙන්නේ දණහිස අසලින් හෝ පාදවල බත් කෙණ්ඩ අසලින් කැපුම් විලාසයක් දිස් වීම. ගොඩක් වෙලාවට පාද මතුපිටට නිරාවරණය නොවන විදිහට නුල්වලින් ආවරණය කරලා තියෙනවා. එහෙමත් නැතිනම් කිසිදු ආවරණයක් නොමැතිව ඩෙනිමේ තැනින් තැන කැපුම් විවර දක්නට තියෙනවා. ඉතිං මෙවැනි ඇඳුමකට ෂර්ට් බ්ලවුස් එකක් හොඳින්ම ගැළපෙනවා. අත් රහිත කෙටි බ්ලවුසයක් වුණත් මෙවැනි ජින්ස් එකකට අදින්න පුළුවන්. ඉතිං දැන් ඔයාටත් පුළුවන් අද කාලේට ගැළපෙන විදිහේ මේ වගේ ඇඳුමක් ඇඳලා හැඩට වැඩට ලස්සනට ඉන්න.
Related Articles
8,173
ඔයාගේ makeup box එකේ තිබිය යුතු දේවල් 08 ක්
8,652
ඔබට වයසට වඩා වැඩි වයස පෙනුමක් ලබා දෙන විලාසිතා වැරදි කීපයක් සහ පිලියම්
22,318
නූතන කාන්තාවක සතුව තිබිය යුතුම ඇඳුම් ආයිත්තම් 11
Featured Articles
8,835
කාජල් අගර්වාල් ලස්සන වෙන්න භාවිතා කරන රූපලාවණ්‍ය රහස් 5 ක්
11,932
දරුවෙකු බිහිකිරීමෙන් පසු දෙමව්පියන් විරසක වෙනවා කියන කතාව ඇත්තක්ද?
9,799
වතුර බෙන්න හොඳ නැති අවස්ථාවන් ගැන දන්නවද?
Trending Articles
9,794
සුවපත් නින්දක් සඳහා 4-7-8 හුස්ම භාවිතා කරන්නේ කොහොමද?
9,946
ඩිප්‍රෙශන් ගැන ඔබ දැන ගත යුතුම මිථ්‍යාවන් සහ සත්‍යයන්
20,190
අනවශ්‍ය මේදය දහනය කර ගන්න තියෙන පහසුම tips 10 මෙන්න
Hadakari.com
අපේ ජනප්‍රියම ලිපි
171,554
26
චොක්ලට් & කැෂූ පැටී - Recipe
Video
Read More
175,248
23
කිරි ටොෆී - Recipe
කිරි ටොෆී ගෙදරදීම හදමු
Read More
70,996
22
දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්
එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Read More
178,982
21
කජු දෝසි - Recipe
Video
Read More
30,387
20
පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු
හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි
Read More
Latest Articles
ඔබට විටමින් ඌණතාවයක් ඇති බව අඟවන ලකුණු
එක ගවුමකින් එක එක දවසට එක එක ලුක්ස් වලින් අඳින්නෙ මෙහෙමයි
අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!
ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. මේ ක්‍රම ටික අත්හදා බලන්න
බර අඩු කරගත්තත් පවත්වගෙන යන්න අමාරුද? මේකයි පිළිතුර..
ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න
Most Viwed
ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්
කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්
ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්
බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න
මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්