ඇස් දෙක ඇස් දෙක වාගේ රැක ගන්නේ මෙහෙමයි

January 18, 2019
8,415
How to look after your eyes
ඇස් දෙක ඇස් දෙක වාගේ රැක ගත්තේ නැති වුණොත් ඔයාට මුළු ජීවිත කාලයේම ජීවත් වෙන්න වෙන්නේ පසුතැවිල්ලෙන්. තවත් කෙනෙක් ඔයාව දකින කැඩපත තමයි ඔයාගේ මුහුණ. ඔයා චුට්ටක් මෙහෙම හිතලා බලන්නකෝ ඔයාගේ ඇස්වල නිරෝගී බව අඩු වෙලා කියලා. ඔයාගේ මුහුණ කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ ඔයාගේ ඇස් දෙක නිරෝගී නැත්තම්. ඔයාගේ බාහිර ස්වරූපය ලසස්න කරන්න වගේම අවලස්සන කරන්නත් ඇස් දෙකට පුළුවන්. අන්න ඒ නිසා තමයි හැඩකාරී අපි ඔයාට කියන්නේ ඔටයාගේ ඇස් දෙක ඇස් දෙක වාගේ රැක ගන්න කියලා. ඇස් දෙකේ සුන්දරත්වය වගේම නිරෝගී බව රැක ගන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන ඔයාට අද හැඩකාරී මේ ලිපිය මගින් කියලා දෙන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ. ඔයාගේ ඇස් දෙකත් ඇස් දෙක වාගේ රැක ගන්න ඔයා කරන්න ඕන පිළියම් මොනවාද කියලා.

ඇස් අවට කළු වෙලා නම්

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි ඇස් අවට කළු පැහැ ගැනීම. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බලපාන සාධක කිහිපයක්ම තියෙනවා. ඔයා ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නේ නැති නම්, මානසික ආතතිය හා පීඩනය වැඩි නම්, අධික ලෙස වෙහෙසට පත් වෙන කෙනෙක් නම්, වතුර බොන්නේ අඩුවෙන් නම් ඔයාගේ ඇස් යටත් කළු පැහැ වෙලා එහෙමත් නැතිනම් අවපැහැ වෙලා ඇති දැනටමත්. ඉතිං මේ වගේ ගැටළුවකට ඔයා ප්‍රතිකාර කළ යුත්තේ හරි පරිස්සට. මොකද ඔයා අතින් වෙන පුංචි අත් වැරැද්දකින් ඔයාගේ ඇස් දෙකේ පෙනීම නැති වෙලා යන්න පුළුවන්. ඔන්න අද හැඩකාරී ඔයාට මේ වෙනුවෙන් ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් කියලා දෙනවා.

01. තක්කාලි කියන්නේ ඔයාගේ සමට වටිනා සත්කාරයක් කියලා ඔයා දන්නවා. ඉතිං තක්කාලි යුෂ වලට කහ යුෂ ටිකක් මිශ්‍ර කරලා ඇස් වටේ ආලේප කරන්න. ටික වේලාවක් තියලා සිසිල් වතුරෙන් සෝදා ඉවත් කරන්න.

02. අර්තාපල් යුෂත් ඔයාගේ දෙනෙත් අවට තියෙන කළු පැහැය අවම කරගත හැකියි. අර්තාපල් බ්ලෙන්ඩර් කරලා යුෂ ටික ඉවත් කරගන්න. හොඳින් ඇස් අවට ආලේප කරලා සිසිල් වතුරෙන් සෝදලා ඉවත් කරන්න. මෙයින් ඔයාගේ ඇස් අවට අවපැහැය ඉවත් වෙලා යනවා.

03. මී කිරි වලිනුත් ඔයාගේ ඇස් අවට තියෙන අවපැහැ ගතිය ඉවත් කළ හැකියි. ඔයා කරන්න ඕන මෙච්චරයි. මුලින්ම මුහුණ පිරිසිදු කර ගන්න. පසුව ඇස් වටා හොඳින් මී කිරි ආලේප කරලා විනාඩි 20 ක් විතර තියලා සෝදා හරින්න.

04. ආමන්ඩ් ඔයිල් වලිනුත් ඔයාගේ දෙනෙත් වල අවපැහැය අඩු කරලා මුහුණේ සමේ පැහැයට සමාන වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඉතාමත් සුළු දෙයක්. ආමන්ඩ් ඔයිල් ඔයාගේ ඇස් වටේ ආලේප කරලා මිනිත්තු 30 ක් විතර තියලා සෝදා ඉවත් කරන්න.

මළානික දෙනෙත්වලට විසඳුමක් හොයා ගන්න

හැඩකාරී අපි මුලින් කිව්වා වගේ දෙනෙත් ඔයාගේ මුහුණට එකතු කරන අපූරු සුන්දරවය රෝගී වු ඇස් දෙකකින් ඔයාට ලැබෙන්නේ නෑ. කායික වගේම මානසික හේතු සාධකයන්ගේ අඩු වැඩි බලපෑම නිසා ඔයාගේ ඇස්වලට මළානික පෙනුමක් එකතු විය හැකියි. ඉතිං ඔයා ඔයාගේ ඇස්වල මළානික පෙනුමට විසඳුම් හෙව්වේ නැති වුණොත් ඔයා බලාපොරොත්තු වෙන ලස්සන මුහුණට ලබා ගන්න බෑ.

01. ඔයා රෑට නිදා ගන්න කලින් කපු පුළුන් බෝල දෙකක් අයිස් වල පොගවලා ඇස් දෙක මත තියාගෙන ඉන්න. විනාඩි 10 ක් විතර හැමදාම ඔයා මේ සත්කාරය කරලා බලන්නකෝ. එතකොට ඔයාගේ ඇස්වල මළානික පෙනුම අඩු වෙලා යනවා.

02. අර්තාපල් සහ පිපිඤ්ඤා යුෂත් ඔයාගේ ඇස්වල මළානික බව අඩු කරලා නිරෝගී පෙනුමක් එකතු කරනවා. අර්තාපල් හා පිපිඤ්ඤා පෙති වශයෙන් කපා ගන්න. ඉන් පසු විනාඩි 15 ක් විතර ඇස් මතුපිට තියාගෙන ඉඳලා ඉවත් කරන්න.

03. ඔයාගේ දෙනෙත්වල මළානික බව අඩු කර ගන්න කෝමාරිකා සහ පිපිඤ්ඤා අයිස් කියුබ් යොදා ගන්න පුළුවන්. කෝමාරිකා සහ පිපිඤ්ඤා යුෂ අරගෙන තමයි ඔයා මේ අයිස් කියුබ් හදා ගන්න ඕන. පසුව ඔයාට පුළුවන් මේ අයිස් කියුබ්වලින් ඔයාගේ ඇස් හොඳින් ස්ක්‍රබ් කරන්න. මේ සත්කාර කෙටි කාලයක් කළාම ඔයාගේ ඇස්වල මළානික බව අඩු වෙලා යනවා.

ඇස් යටට ගිලීම නතර කර ගන්න

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි දෙනෙත් ඕනවටත් වැඩියෙන් ඇස් ගිලුණු ස්වරූපයකින් දිස් වීම. මෙවැනි තත්ත්වයක් ඔයාගේ දෙනෙත්වලට සිදු වුණොත් ඔයාගේ මුහුණට අවලස්සනක් තමයි එකතු වෙන්නේ. අධිකව නිදි වැරීම, අඳුරේ පොත් කියවීම හා පරිඝණක භාවිත කරනවා නම් ඔයාට මෙවැනි තත්ත්වක් දැනටමත් ඇති වෙලා ඇති. මෙවැනි තත්ත්වයකින් ඔයාගේ මුහුණට වයසක පෙනුමක් තමයි එකතු වෙන්නේ. ඉතිං මේකට සාර්ථක විසදුමක් ඔයාට හොයා ගන්නම සිදු වෙනවා. මෙවැනි ගැටළුවකට සාර්ථක විසදුමක් තමයි මී පැණි සහ ආමන්ඩ්. මී පැණි සහ ආමන්ඩ් සම සමව අරගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව දෙනෙත් අවට හොඳින් ආලේප කරන්න. ඔයා මේ සත්කාරය කරන්න ඕන රාත්‍රී‍ර නින්දට පෙර. පසු උදෑසන සෝදා ඉවත් කරන්න. මෙවැනි සත්කාරයක් කරන්න කලින් ඔයාගේ දෙනෙත් පිරිසිදු කර ගැනීම ඉතාමත් වටිනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,783
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,708
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed