දරුවන්ට අසීමිතව ආදරය කරන දෙමාපියන්ට හොඳම පාඩමක්

January 19, 2019
11,270
Positive attention and your child
දෙමාපියන්ගේ හිතේ දරුවන් ගැන ඇතිවෙන ආදරය වචනයෙන් කියලා විස්තර කරන්න බැහැ වගේම ඒ ආදරය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කිසිම සීමාවක් මායිමක් නැහැ. මේ විදිහට දෙමාපියන්ගේ හිතේ තියෙන අසීමිත ආදරය වෙනුවෙන් දරුවන්ටදෙන්න පුළුවන් හොඳම දේ ගැන තමයි අද අපි ඔයාලට කියන්නේ. අපි දරුවෝ වෙනුවෙන් කොච්චර මුදල් වියදම් කරලා දේවල් අරන් දුන්නත් මේ දේ තරම් ඒ කිසිම දෙයක් වටින්නේ නම් නැහැ. ඒ තමයි දරුවන් කෙරෙහි දක්වන ධනාත්මක අවධානය. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මොකක්ද මේ දරුවන්ට දක්වන ධනාත්මක අවධානය කියන්නේ කියලා. කියවලාම බලන්නකෝ අද අපි ඔයාලට මේ ලිපියෙන් ධනාත්මක අවධානය ගැන ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් ගැන කියනවා. 

01. ධනාත්මක අවධානය කියන්නේ මෙන්න මේකටයි

දරුවෙක් ඉපදුන දවසේ ඉඳලා එයාලගේ මුළු ලෝකයම ගොඩ නැගෙන්නේ අපි වටේට. අපිව  ඒ අයගේ ලෝකයම කරගත්ත පොඩ්ඩන්ට භාහිර ලෝකයට හුරු වෙන්න වගේම එයාලගේ පෞර්ෂත්වය ගොඩනගා ගන්න මඟ පෙන්වන්නේ අපි. විශේෂයෙන්ම අපේ ආදරේ. ඉතින් සරලවම කියනවා නම් ධනාත්මක අවධානය කියලා කියන්නේ දරුවෝ වෙනුවෙන් අපි දක්වන ආදරේ. හැබැයි ඒක හිත ඇතුලේ හැංගිච්ච ආදරයක් නම් නෙවෙයි. දරුවන්ට දැනෙන්න අපි ඒ අයට ආදරේ කරන විදිහට තමයි ධනාත්මක අවධානය කියන්නේ. දරුවෙක් එක්ක හිනාවෙන තැන ඉඳලා ඒ දරුවන්ව තුරුළු කරගෙන අපි ඒ අයට අපේ අදරේ දනවන්න කරන හැම දෙයක්ම අයිති වෙන්නේ මේ ධනාත්මක අවධානයට. 

02. ධනාත්මක අවධානය හැම දේකටම වඩා වැදගත් වෙන්නේ මේ නිසයි

දරුවෙක් මේ ලෝකෙට ඉපදුන දවසේ ඉඳන්ම ඒ අය එයාලගේ ජීවිතේට අත්දැකීම් එකතු කරගන්නවා. ඒ අත්දැකීම් වලට පාර කියන්නේ අපේ ආදරේ. අපි දරුවන් කෙරෙහි දක්වන ධනාත්මක ආදරයට පුළුවන් අපේ දරුවන්ගේ ජීවිත වලට වැදගත් වගේම හොඳ අත්දැකීම් එකතු කරන්න. දරුවන්ට අපේ ආදරේ කොච්චර වැදගත්ද කියනවා නම් දරුවෙක්ගේ අනාගත ජීවිතය ගොඩක් දේවල් තීරණය කරන්නේ ඒ ආදරය. දරුවෙක්ගේ පුංචි උත්සහයක් ඔබ ආදරෙන් අගය කරනවා කියන්නේ ඒ දරුවාගේ මනසට ඒක ලොකු  ශක්තියක් හොඳ දේවල් නැවත නැවත කරන්න ලබාදෙන දිරි ගැන්වීමක්. දරුවෙක් අඬනකොට තරවටු කරන්නේ නැතුව ගණන් නොගෙන ඉන්නේ නැතුව ඒ දරුවාව වඩාගෙන ආදරෙන් ඒ දරුවාව සනසනවා කියන්නේ දරුවට හොඳ ආරක්‍ෂිත හැඟීමක් දැනෙනවා. මේ නිසා දරුවාගේ පෞර්ෂය හොඳින් වර්ධනය වෙනවා ඒ විතරක් නෙවෙයි දරුවා ඔබට කොච්චර වටිනා වැදගත් කෙනෙක්ද කියන එක එයාට තේරෙන්න පටන් ගන්නවා.  මේ නිසා යහපත් ආකල්ප දරුවා තුල සංවර්ධනය වෙනවා. මේ වගේ කරුණු කාරණා නිසා තමයි ධනාත්මක අවධානය මේ තරම්ම වැදගත් වෙන්නේ.


03. ධනාත්මක අවධානය  පෙන්වන්නේ මේ විදිහටයි

දරුවෙක්ගේ වයස මොකක් උනත් ඕනෙම දරුවෙක් දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙන ලොකුම දේ තමයි ආදරේ කියන්නේ. දරුවා මොන වයසක ඉන්න කෙනෙක් උනත් එයාගේ අනාගත ජීවිතේම තරණය කරන්න ඔයාගේ ආදරේට පුළුවන්. ධනාත්මක අවධානය දක්වන එක අපි හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. මේක බොහොම සරල තැනකින් පටන් ගන්න පුළුවන් බොහොම සරල දෙයක්. වැදගත්ම දේ ඔබේ සිනහව. දරුවට ඔබේ ආදරය පහසුවෙන්ම පෙන්වන්න පුළුවන් දේ තමයි ඔබේ සිනහව. දරුවත් එක්ක සිනහා වෙන්න. ඔවුන්ව සිප වැළඳ ගන්න, ඔවුන්ව හුරතල් කරන්න, මොන අවස්ථාවක වත් ඔවුන්ට අනාරක්ෂිත බවක් දැනෙන්න තනි කරන්න එපා. නිතරම ඔවුන්ව දිරි ගන්වන්න, ආදරෙන් අලුත් පරිසරයට හුරු කරවන්න. ඔබේ ආදරේ ඔවුන්ට දක්වන්න පුළුවන් හැම වෙලාවකම උපරිම විදිහට එය ඔවුන්ට දක්වන්න. ඒ තමයි ඔබේ දරුවා උගත් බුද්ධිමත් හොඳ මිනිසෙක් කරන්න පුළුවන් පහසුම වගේම වැදගත්ම විදිහ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1235 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:32:32 AM
Script:/article/1235/positive-attention-and-your-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:32:32 AM
Script:/article/1235/positive-attention-and-your-child.html