ඔයාගේ හැඩ-වැඩ වැඩි කර ගන්න ඕන නම්, මේ රහස් 5 ඔයාට හරිම වැදගත්

January 24, 2019
11,509
Secrets to take out the beauty in you
ගැහැණු පිරිමි හැමෝගෙම ජීවිතයේ එක එක විදිහේ රහස් තියෙනවා. සමාන්‍යයෙන් රහස් කියන දේවල් අපි හැමෝටම කියන්නේ නැහැනේ. ඒත් සමහර රහස් තියෙනවා තවත් කෙනෙක්ටත් වැදගත් වෙන විදිහේ රහස්. ඉතිං හැමදාම වගේ ඔන්න අදත් හැඩකාරී අපි ඔයාට හැඩට වැඩට ලස්සනට ඉන්න පුළුවන් වෙන විදිහේ රහස් කිහිපයක් ගැන කියලා දෙන්න තීරණය කළා. හැම තරුණියක්ම, හැම කාන්තාවක්ම කැමතියි තමන්ගේ රූ සපුව ලස්සනට තියාගෙන, පිරිසක් අතරේ කැපි පෙනෙන විදිහට ඉන්න. ඒත් ගොඩක් කාන්තාවන්ට ලස්සනනට ඉන්න ඕන වුණාට ඒ ලස්සනට ඉන්නේ කොහොමද කියන එක ගැන එතරම් අවබෝධයක් නැහැ. ඉතිං අද හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා සම්පුර්ණ ලස්සනක් ලබා ගන්නේ කොහොමද කියලා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ ලස්සනට ඉන්න හැඩකාරී අපි මේ කියන රහස් මොනවද කියලා.

යට ඇඳුම් (underwear) ගැනත් හිතන්න

කාන්තාවන් ගොඩක් වේලාවට ඇඳුම් විලාසිතා කරන්න හරිම කැමතියි. විශේෂයෙන්ම තමන්ගේ සිරුරට ගැළපෙන හැඩයකින් වගේම තමන්ගේ සමේ වර්ණයට මැච් වෙන විදිහට ඇඳුම් තෝරන්න හරිම දක්ෂයි. කොච්චර ලස්සන ඇඳුම් තෝරා ගත්තත් සමහර යුවතියන් කියන කතාවක් තමයි කිසිම ලස්සනක් ලැබෙන්නේ නෑ කියන එක. ඔයා මෙච්චර දවසක් ඔයාගේ ඩෙනිම, ජින්ස් එක, ගවුම, ස්කර්ට්ස්, බ්ලවුස්, සාරී යන මේ ඇඳුම් ගැන අවධානය යොමු කළත් යට ඇඳුම් ගැන අවධානය යොමු කරන්නේ නැති තරම්. සමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ සිරුරේ හැඩය ඉස්මතු වෙලා පේන්න කාන්තාවකගේ යට ඇඳුම් විවිධ අයුරෙන් බලපානවා. පෑන්ට්, යටසාය, ස්කිනී, බ්‍රෙසියර් යන මේ සෑම ඇඳුමකින්ම ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු කරලා පෙන්වනවා. ඒ නිසා සිරුරට ගැළපෙන විදිහේ යට ඇඳුමක් තෝරා ගන්න එක හරිම වැදගත්.

උදාහරණයක් විදිහට ඔයා බ්‍රෙසියර් එකක් අඳිනකොට පියයුරුවල හැඩය නිසියාකාරව පේන්න නම් ඔයාගේ පියයුරුවලට වගේම ඇඳුමට ගැළපෙන විදිහට බ්‍රෙසියර් එකක් අඳින එක ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම පියයුරු වලට ගැලපෙන කප් වර්ගයකින් නිම වුණු බ්‍රෙසියර් එකක් තෝරා ගන්න. ඔයා අඳින ඇඳුමට සාධරණයක් වෙනවාද කියලා හිතලා බලලා ඔයාගේ යට ඇඳුම තෝරා ගන්න. අද ගොඩක් යුවතියන් උඩ ඇඳුම ගැන අවධානය යොමු කළත් යට ඇඳුම් ගැන නම් එතරම් අවබෝධයක් යොමු කරන්නේ නෑ. එහෙම වුණාම තමයි ඔයාට ගොඩක් වේලාවට කියන්න වෙන්නේ මොන විදිහේ ඇඳුමක් ඇන්දත් වැඩක් නෑ ලස්සන නෑ කියලා.

ඇඳුම් තෝරන විට මැටීරියල් එක ගැනත් සැළකිලිමත් වෙන්න

මේ කියන කාරණය ඔයාගේ උඩ ඇඳුම් වලට වගේම යට ඇඳුම්වලටත් එක ලෙස බලපානවා. මොකද සමාන්‍යයෙන් අපි ඇඳුමක් අඳලා විනාඩි 5 න් 10 න් ඉවත් කරන්නේ නැහැනේ. සමාන්‍යයෙන් අපි පාටියකට ගියොත් නම් පැය කිහිපයක් ඔයාට ඒ අඳුමෙන් ඉන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් ඔයාට පැය 08 ක් 09 ක් විතර එකම ඇඳුම ඇඳගෙන ඉන්න වෙනවා. ඉතිං හොඳම දේ වෙන්නේ කාලගුණය එක්ක ඔයාට ගැළපෙන මැටීරියල් එකකින් හා ගැළපෙන වර්ණයකින් ඇඳුමක් තෝරා ගැනීම.

එහෙම නොවුණොත් ඔයා වගේම ඔයාගේ පෙනුමත් වෙනස් වෙලා පේන්න පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ උණුසුම් කාලගුණයක සිල්ක් වැනි මැටීරියල් එකක ඇඳුමක් අඳින්න ටිකක් විතර අසීරුයි. ඒ වගේම තද වර්ණ භාවිත කරන්නත් අපහසුයි. ඉතිං මේ වගේ කාලගුණයක් පවතින විට කොට්න් එහෙමත් නැනිනම් කපු රෙදිවලින් නිම වු ඇඳුම් අඳින එක තමයි හොඳම දේ වෙන්නේ. ඇසට ප්‍රිය උපදවන ලා වර්ණ භාවිත කරන්නත් අමතක කරන්න එපා. ඔයා ඔයාගේ ඇඳුම නිසා අපහසුතාවයට පත්වෙන්නේ නැත්තම් ඔයාගෙ ආත්ම විශ්වාසය නිරායාසයෙන්ම ගොඩනැගෙනවා. ඉතින් ඔබ එවිට කොහොමත් ලස්සනයි.

ඕනවට වඩා මේකප් කරන්න එපා

ගොඩක් වේලාවට අපි මේකප් එකකින් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ තියෙන ස්වභාවික ලස්සන තව ටිකක් වැඩි කරලා පෙන්වන එකනේ. ඒත් සමහර වේලාවට මේකප්, ඔයාගේ ස්වභාවික පෙනුම විකෘති කරලා ඔයාට අවලස්සන පෙනුමක් එකතු කරනවා. ඔයාට ලස්සනට පාටියකට යන්න ඕන නම් එහෙමත් නැත්තම් ලස්සනට ඔෆිස් යන්න ඕන නම් මේ වැරැද්ද කවදාවත් කරන්න එපා. මේකප්වලින් සුදු වුණා කියලා ඔයාට කවදාවත් ලස්සනක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔයාගේ සමට ගැළපෙන විදිහේ පුංචි මේකප් එකක් කරන්න පුළුවන් නම් එය ඉතාමත් ප්‍රමාණවත්.

ආභරණ ගානකට පළින්න

ගොඩක් යුවතියන් කරන වැරැද්දක් තමයි පාටියකට එහෙමත් නැතිනම් උත්සවයකට යන්න ඕන වුණාම තියෙන ආභරණ සියල්ල පැළදගෙන යනවා. මේ විදිහට ඔයා ආභරණ ඕනවටත් වැඩියෙන් පළඳින්න ගියොත් ඔයාව පේන්නේ ඇවිදින තොරණක් විදිහට තමයි. ඒ නිසා ආභරණ තෝරා ගන්න කොට තමන්ගේ සමේ වර්ණය සහ ඇඳුම ගැන හිතලා අභරණ පළඳින්න. කරාබු, මාල පළඳින විට ඔයාගේ සිරුරේ මහත, උස, කෙට්ටු බව ගැන අවධානය යොමු කරන්න. එහෙම නොවුණොත් ඔයා කොච්චර දිස්නේ ගහන ආභරණ පැළඳුවත් ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ලස්සනක් නම් කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   71,408
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
5 skin care tips for your neck
   67,493
   19

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed