ඔයාගේ ජීවිතෙන් වැඩිපුර කාලයක් ඔයාව හොයාගෙන එන ප්‍රශ්ණ 5 ක්

January 28, 2019
11,001
5 problems that ceaselessly come to your life
ප්‍රශ්ණ ඔයාව හොයාගෙන එන්නේ ඔයාට කියලා නම් නෙමෙයි. මේ මොහොතේ මේ ලිපිය කියවන ඔයාගේ ඔළුවෙත් ප්‍රශ්ණ වැලක් තියෙන්න පුළුවන්. ප්‍රශ්ණ ඔයාගේ ජිවිතයට ආවා කියලා ඔයාට කවදාවත් ප්‍රශ්ණවලින් පැනලා යන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. අද හැඩකාරී ඔයාට මේ කියන ප්‍රශ්ණ ඔයාගේ ජිවිතය ඇතුළේ අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ ඔයාගේ ජීවිතේ මේ කියන ප්‍රශ්ණ තියෙනවාද කියලා. ඔයා ඉස්සරහට එන සමහර ප්‍රශ්ණවලදී හදවතින් වගේම බුද්ධියෙන්ද හිතලා වැඩ කළ යුතුයි. එහෙම නොවුණොත් ඔයාට සිද්ධ වෙන්නේ නොවිසුදුණ ප්‍රශ්ණයක් එක්ක, ජීවත කාලයේම පසුතැවිල්ලක් එක්ක ජිවත් වෙන්න. ඒත් අද හැඩකාරී ඔයාට ඉදිරිපත් කරන මේ ලිපිය කියෙව්වාට පස්සේ ඔයා මේ කියන ප්‍රශ්ණ වලින් නම් කවදාවත් පැනලා යන එකක් නම් නෑ.

අඹු සැමි ප්‍රශ්ණ

ඔයා විවාහ ජිවිතයක් ගත කරන කෙනෙක් නම්, ඔයාගේ පවුල ඇතුළේ පොඩි පොඩි ප්‍රශ්ණ ඕනතරම් ඇති. ඒත් මේ ප්‍රශ්ණ ගොඩක් වේලාවට ඇති වෙන්නේ ඔයාගේම නොසැළිකිලිමත්කම නිසා. කාලයක් ආදරය කරලා, පොරු මස්ථකයෙහි එකිනෙකා සපථ කරමින් විවාහ ජීවිතය ආරම්භ කළ පමණින් ඔයාගේ විවාහ ජීවිතය සම්පුර්ණයෙන්ම පරිපුර්ණ වෙන්නේ නෑ. ඔයාලා දෙන්නා විවාහ ජිවිතය ආරම්භ කළාට පස්සේ ඔයාට ටිකෙන් ටික ඒ බැඳීම්, වගකීම් සියල්ල වැඩි වෙන්න පටන් ගන්නවා. ඔයා රැකියාවක් කරනවා නම්, ආතතිය දෙගුණ තෙගුණ වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ගේ ඇතුළේ තියෙන ගින්දර ගෙයින් පිටට දෙන්නේ නැතුව ගේ ඇතුළේම නිවා දමන්න උත්සාහ කරන්න. සැකය, අවිස්වාසය ඔයගේ බැඳීම්වලින් ඈත් කරලා තියන්න. විවාහය දික්කසාදයකින් කෙළවර වන තුරු බලාගෙන ඉන්න එපා. මොකද ඔයා දරුවන් ඉන්න පුංචි පවුලක් නම් ඔයා ගන්න එක තීරණයක් නිසා ඔයාගේ දරුවන්ට වගේම ඔයාවද අපහසුතාවට පත් විය හැකියි. විවාහ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්න නම් එකිනෙකා හඳුනා ගැනීම හරිම වැදගත්. එකිනෙකාට ඉටු විය යුතු යුතුකම්, වගකීම් නිසි පරිදි හඳුනා ගන්න. ඒ තුළින් ගැටුම්වලින් තොර යහපත් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට ඔයාට අවස්ථාවක් ලැබේවී.

රැකියා ස්ථානවල ප්‍රශ්ණ

ඔයා මහා සමාජය එක්ක ගණදෙනු කරන අතරතුර ඔයාගේ ජීවිතය කොටු වෙලා තියෙන තවත් එක් තැනක් තමයි ඔයාගේ රැකියා ස්ථානය. ඉතිං හැම ඔෆිස් එකකම එක වගේ මිනිසුන් කොට්ඨාශයක් දක්නට ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා සියලු ප්‍රශ්න හමුවේ මැදිහත්ව හිතලා වැඩකටයුතු කරන්න. පොඩි ප්‍රශ්ණයක් ඇති වුණාම ඒක වවන්න උත්සාහ කරන්න එපා. මුලින්ම ඔයා ඔයා වෙන්න. එතකොට ඔයාටම පේන්න පටන් ගන්නවා ඔයා අතින් යම් අතපසුවීමක් අත් වැරැද්දක් ඔයා සේවය කරන ආයතනයට සිදු වෙලා කියලා. එවිට හැකි ඉක්මනින් ඒ වැරැද්ද නිවැරදි කර ගන්න. එහෙම නැතුව ඔයා ඔයා වැරැද්දක් නොවුණ ගානට ඉන්නවා නම් ඔයා ඔයාට වගේම රැකියාව කරන ආයතනයටත් අවංක නැහැ. ඔයාගේ අතේ ඇඟිලි 5 ම එකම ප්‍රමාණයෙන් නැහැ කියලා ඔයා දන්නවානේ. අන්න ඒ වගේ තමයි ඔයාගේ ඔෆිස් ඉන්න පිරිසත්. ඔයාට යම් ප්‍රශ්නයක්, හිත් රිදවීමක් ඇති වුණා කියලා ඔයා රැකියාව දාලා යන එක ඒ ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. මධ්‍යස්ථව හිතුවොත් ඔයාට මෙවැනි ප්‍රශ්ණයක් ලිහා ගන්න ලේසියි වගේම පහසුයි.

දරුවන්ගේ ප්‍රශ්ණ

ඔයාගේ ජිවිතයේ ඔයාව හොයාගෙන එන තවත් ප්‍රශ්ණයක් තමයි මේ දරුවන්ගේ ප්‍රශ්ණ. අනිත් ප්‍රශ්ණවලදී වගේම ඉතාමත් පරිස්සමට බුද්ධිමත්ව තීරණ ගත යුතු ප්‍රශ්ණයක් තමයි දරුවන්ගේ ප්‍රශ්ණ කියන්නෙත්. දරුවන්ගේ අධ්‍යාපනය, දරුවන්ගේ පෝෂණය හා නිරෝගී බව, දරුවන්ගේ අනවශ්‍ය ඇබ්බැහි වීම් ආදී නොයෙක් ප්‍රශ්ණ ඔයා කරා එන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මේ හැම ප්‍රශ්ණයක්ම දරුවන්ට තනියම නම් ලිහා ගන්න බෑ. වයසින් මුහුකුරා ගිය දරුවෙක් වුණත් පුංචි හරි ප්‍රශ්ණයක් ආවම හොයාගෙන යන්නේ අම්මාව තාත්තාව. එහෙමත් නැතිනම් මිතුරෙක් හෝ ඥාතියෙක්. ඉතිං මෙවැනි තත්ත්වකදී ඔයා දරුවාගේ අනාගතය ගැන හිතලා එහෙම නැතිනම් දරුවාට තියෙන ආදරය ගැන හිතලා තාවකාලීක පැලැස්තර විසඳුම් නම් දෙන්න එපා. මොකද දරුවන්ගේ අනාගතයට මේ කියන හම ප්‍රශ්ණයක්ම අඩු වැඩි වශයෙන් බලපානවා. ඒ නිසා දරුවන්ගේ ප්‍රශ්ණ හිතු මනාපෙට විසඳන්න උත්සාහ කරන්න එපා. ගන්න පුළුවන් හොඳම විසඳුම හොයා ගන්න. එතකොට එකි ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් පහසුවෙන් හොයා ගන්න පුළුවන් වේවී.

හිතමිතුරන්ගේ ප්‍රශ්ණ

ජීවත කාලය පුරාවටම ඔයාට විවිධ තැන්වලදී විවිධ යහළුවන්, හිත මිතුරන් මුණ ගැහෙනවානේ. ඇතැම් විට පුංචි ප්‍රශ්ණයක් ඇති වුණාම ඔයා ගාවට එන්නේ ඔහුගේ හෝ ඇයගේ ගැටළුව ඔයාට කියලා පුංචි හරි සහනයක් ලබා ගන්න. ඉතිං මේ වගේ වේලාවට ඔයාට ඔයාගේ යහළුවාව ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් නෑ. ඉතිං ඔයා මුලින්ම ඔහුට හෝ ඇයට ඇහුම්කන් දෙන්න. ඔහුට ප්‍රශ්ණය ලිහා ගන්න උදව් කරන්න. නමුත් ඔයා මෙහිදි මතක තියාගත යුතු වැදගත්ම දේ වෙන්නේ ප්‍රශ්ණය ලිහින්න ඔයා මැදිහත් වෙන්න ඕන හරි පරිස්සමට. ඔයා ඔහුට හෝ ඇයට දෙන පුංචි උපදෙසයක් වුණත් ඒ ගැන දෙවතාවක් හිතලා බලන්න. ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට වැරැද්දක් නොවෙන වගේම තවත් කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්ණයෙන් අපහසුතාවට පත් නොවෙන විදිහට මැදිහත් වෙන්න. ඔයාගේ හිත මිතුරන් විසඳුමක් හොයන්නේ වැරදි පාරක යන්න නම් ඒ පාරෙන් ඔහුව හෝ ඇයව ඉවත් කරලා නිවැරදි මාර්ගය පෙන්වා දෙන්න.

සමාජ ප්‍රශ්ණ

ප්‍රශ්ණ ඇති වෙන්නේ ඔයාගේ පවුල, රැකියා ස්ථානයේ විතරක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ දහසක් ප්‍රශ්ණවලින් වටවුණු වටපිටාවක. ඉතිං මේ වටපිටාව එක්ක ගණදෙනු කරන විට ඔයාට හරිම බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා. සමාජය තුළ ඕනෑ තරම් ප්‍රශ්ණ තියෙනවා. සමහර විට මේ ප්‍රශ්ණවලට ඔයාට මැදිහත්කරුවෙකු වෙන්න වෙනවා කියලා හිතන්නකෝ. දැන් ඔයා මේ ප්‍රශ්ණය විසඳන්න ඕන කරන්නේ තනි පුද්ගලයෙක් විදිහට නම් නෙමෙයි. ඔයා සමස්ථ සමාජයම නියෝජනය කරන කෙනෙක් විදිහට තමයි සමාජ ප්‍රශ්ණයකදි මැදිහත් වෙන්න ඕන වෙන්නේ. එහෙම වුණොත් ඔයාගේ ජාමේත් බේරගෙන කාටවත් පාඩුවක් සිදු නොවෙන විදිහට සමාජයේ තියෙන ඕනෑම ප්‍රශ්ණයක් විසඳා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,783
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,708
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed