ඔයත් අඩි උස පාවහන් පළදිනවාද? එහෙනම් මෙන්න මේකයි ඔයාට සිද්ධ වෙන්නේ

February 11, 2019
5,873
This is what happen if you wear high heels often
කාන්තාවන් නොයෙක් ආකාරයේ විලාසිතා කරන්න ගොඩක් කැමතියිනේ. ඇඳුම් පැළඳුම් වලට වගේම නොයෙක් විදිහේ පාවහන් පළදින්නත් කාන්තාවන් දක්වන්නේ මහත් රුචිකත්වයක්. සපත්තු කඩේකට ගියාම ඉස්පාසුවක් නැතුව ඔයා සපත්තු තේරුවාට
ඔයා තෝරා ගන්න සමහර සපත්තු වර්ග ශරීර සෞඛ්‍යට හොඳ නෑ කියලා ඔබ දන්නෙත් නැතුව ඇති. අඩි උස සපත්තු දැම්මාම ඔයාට අමුතු ලස්සනක්, ලාලිත්‍යයක් එකතු කරනවා වුණත් අඩි උස සපත්තු දාගෙන ඇවිදින එක නම් පහසු වෙන්නේ නෑ. ඒත් ඉතිං බොහෝ දෙනෙක් කට්ටක් කාලා හරි ලස්සනට ඉන්නවා කියලා හිතගෙන දිගින් දිගටම අඩි උස සපත්තු පළඳිනවා. අන්න එතකොටයි ඔයාට අඩි උස සපත්තු පළඳින එක ඔයාට හොඳ දෙයක් නම් වෙන්නේ නෑ. ඔයා හැමදාම අඩි උස සපත්තු දැන්න පුරුදු වුණොත් කලක් යනකොට ඔයාට හිතා ගන්නවත් බැරි අබාධ ඇතිවෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. අඩි උස සපත්තු දැම්මම ඇති වෙන ආබාධ ගැන මීට කලින් ඔයා අහලා තිබුණද? අහලා තිබිලත් ගණන් නොගෙන හිටියද? අඩි උස පවාහන් පළඳින ඔයා මේ ලිපිය කියලවල බලන්නකෝ. එතකොට ඔයාටම තේරුම් යයි www.hadakari.lk අපි එහෙම කියන්නේ ඇයි කියලා.

අපේ පාදයේ හැඩය වක්‍රාකාරයි. මේ නිසා අපි හිටගෙන ඉන්න විට හෝ ඇවිදින කොට ශරීරයේ හරියට බැලන්ස් වෙන්නේ අපේ පාදවලින්. ඉතිං සමබර නොවුණු සපත්තුපවක් පැළඳීමෙන් පාදයට හානී වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අපි සපත්තු දෙකක් දාලා එකතැන ඉන්නේ නෑනේ. එහාට මේහාට දුවලා පැනලා වැඩ කරන්න වෙනවා. ඉතිං මෙවැනි අවස්ථාවල පාදවලට විශාල හානීයක් සිදු වෙන්න පුළුවන්.

ඔයා අඩි උස සපත්තු දානකොට විලූඹ තරමක් උසින් තියෙන නිසා සිරුරේ බර ගමන් කරන්නේ පාදයේ ඉදිරියට හා ඇඟිලිවලට. විශේෂයෙන්ම පාදයේ මහපට ඇඟිල්ල මුලට සිදුවෙන බලපෑම වැඩියි. එවිට ශරීරයේ සමබරතාව බිදී සිරුර ඉදිරිපසට ඇල වෙනවා. එවැනි අවස්ථාවකදි අඩි උස සපත්තු දාගෙන ඉන්න කෙනාට සිද්ද වෙන්නේ උඩුකය ටිකක් පසුපසට ඇල කරලා ශරීරයේ සමතුලිත බව රැක ගන්නයි. අඩි උස සපත්තු පැළඳුවාම කොඳු ඇට පෙළටද සිදු විය හැකි බලපෑම වැඩියි. කොඳුඇට පෙළේ යට කොටසේ තියෙන කටී වක්‍රී‍ය ස්වභාවිකව පිහිටා ඇති ප්‍රමාණයට වඩා විශාල වෙනවා. ඉතිං ඔයා සපත්තු දාගෙන ඉන්න මොහොතෙඳී ශරීරයට කැපී පෙනෙන හැඩයක් ලැබෙනවා. ඒ වගේම වළඳීකර සන්ධියේ පිටුපස පිහිටා තිබෙන ඛණ්ඩරා කෙටිවී කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේශී සංකෝචනය වීමක්ද සිදුවෙනවා.

අඩි උස සපත්තු පැළදීමේ දිගු කාලීන ප්‍ර‍රතිඵල

අඩි උස සපත්තු පළඳින විට දිගුකාලීනව එය ඔබේ ශරීර සෞඛ්‍යයට බලපානවා. රුධිර සංසසරණයට වැදගත් මෙහෙයක් කරන කෙණ්ඩා ප්‍රදේශයේ මාංශපේශී ගොඩක් වෙලා සංකෝචනය වී තදවී තිබීම නිසා රුධිර ගමනාගමනය ක්‍රමවත්ව සිදු වෙන්නේ නෑ. ඒ
නිසා නිතර අඩි උස පාවහන් පලඳින කාන්තාවන්ට නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම සිරුරේ බර නිසි පරිදි පාදවලට ව්‍යාප්ත නොවී පාදයේ ඉදිරි කොටසට පීඩාකාරී ලෙස බලපෑම නිසා පාදවල වේදනාව වගේම ස්නායු තෙරපීමෙන් පාදවල හිරි වැටීම් ආදීයද සිදු වෙනවා. දීර්ඝකාලීනව පවතින කොන්දේ වේදනාව, දණහිස් ආබාධ වැනි තත්ත්වයන් ඇති වෙන්නේ අඩි උස සපත්තු පැළඳීමේ අතුරු ප්‍රතිඵල විදිහටයි. ඔයා අඩි උස සපත්තු දාගෙන ගොඩක් වෙලා හිටගෙන ඉන්න කොට මහපට ඇඟිල්ලට ඇති වන පීඩනය වැඩියි. ඒවිට පාදයේ වේදනදා ඇති විය හැකියි. අපි හරි අමාරුවෙන් කකුලට හිර සපත්තු දාගෙන ඉන්නවා නේද ? එය පාදවලට එතරම් හොඳ දෙයක් නෙමෙයි. පස්සේ කාලෙක ඔයාට ඇවිදීමේ අපහසුතා පවා මේ නිසා ඇති වෙන්න පුළුවන්.

ඔයාට අඩි උස සපත්තු පළඳින්න  ඕනම නම්

අඩි උස සපත්තු පළඳින්න ඔයාට අවශ්‍යම නම් තරමක් අඩි උස සපත්තු පළඳින්න. වෛද්‍යවරුන්ට අනුව අඟල් 02 ක් පමණ උස පවාහන් පැළඳීම වඩාත් සුදුසුයි. කොහොම වුණත් අඩි උස පාවහන් වුණත් දවසට 4 - 5 ට වඩා දාගෙන ඉන්න එපා. ඒ වගේම සතියට දෙතුන් පාරකට වඩා උස් පවාහන් පළඳින්නේ නැතුව ඉන්නවා නම් වඩාත් හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1260 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:31:05 PM
Script:/article/1260/this-is-what-happen-if-you-wear-high-heels-often.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:31:05 PM
Script:/article/1260/this-is-what-happen-if-you-wear-high-heels-often.html