රේසර් කරන්න කලින් එකපාරක් දෙපාරක් නෙවෙයි තුන්පාරක් හිතන්න කියන්නෙ ඇයි?

February 20, 2019
19,077
Think three times before shave your legs
ලස්සනට ඉන්න ආස අපි ලස්සන වෙන්න ලැබිලා තියෙන ලස්සන රැකගන්න නොකරන දෙයක් නැති තරම්. හැබැයි ලස්සන වෙන්න කියලා හිතාගෙන අපි හිතලා බලන්නේ නැතුව කරන කියන දේවල් නිසා ලස්සන වෙන එක කෙසේ වෙතත් නැති ප්‍රශ්න ගොඩකට නම් මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඇත්තටම ලස්සන වෙන්න ඕනේ නම් හැම දෙයක් ගැනම හරි පරිස්සමට හොයලා බලලා කරන්න වෙනවා. තව දෙයක් ලස්සන කිවුවම ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලස්සනට තියෙන්න ඕනේ මූණ විතරයි කියලනේ. ඒ නිසා මූණ ලස්සන කරගන්න ලොකු ලොකු දේවල් කරනකොට ලස්සනට ඉන්න වැදගත් වෙන අනිත් දේවල් වලට දෙන්නේ බොහොම පුංචි අවධානයක්. ඒ විදිහට ගොඩක් අය ඕනෙවට එපාවට නැත්නම් වැරදියට කරන දෙයක් තමයි සමේ වැවිලා තියෙන අනවශ්‍ය රෝම කූප ඉවත් කරගන්න එක. මතක තියාගන්න මුහුණේ සම වගේම ලස්සනට සිනිදුවට පැහැපත්ව ඔයාගේ ඇඟේ සම තියාගන්න එක ගොඩක් වැදගත්. එතකොට තමයි ඔයාට ඇත්තම ලස්සනක් ලැබෙන්නේ. හැබැයි සමේ වැවෙන අනවශ්‍ය රෝම කූප ඉවත් කරන්න ඔයා රේසර් කරන කෙනෙක් නම් ඔයා බලාපොරොත්තු වෙන ලස්සන සම වෙනුවට ඔයාට ලැබෙන්නේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න. ඒ නිසා මේ ලිපිය කියවලා අනවශ්‍ය රෝම කූප ඉවත් කරගන්න රේසර් කරන එක ගැන එකපාරක් දෙපාරක් නෙවෙයි තුන්පාරක්ම හිතන්න.

01. සුමුදු සමක් කියන්නේ හීනයක්

ඔයා රේසර් කරන කෙනෙක් නම් ඔයා බලාපොරොත්තු වෙන සුමුදු සම ලබාගන්න එක ඇත්තටම හීනයක්. මොකද අපි රේසර් කරනකොට තලයට කැපිලා යන්නේ සම මතුපිට රෝම කූප ටික විතරයි සමේ මුල රෝම කූප කොටස ඉතුරු වෙනවා. මේ නිසා ඒ ඉතුරු වුන කොටස් ටිකක් වෙලා යනකොට ඇනෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි දිගින් දිගටම කාලයක් මෙහෙම රේසර් කරනකොට සම රළු වෙන්න විතරක් නෙවෙයි වේලෙන්නත් පටන් ගන්නවා. මොකද තදින් සම මතුපිට රේසරය එහෙ මෙහෙ ගෙනියන කොට සමට ලොකු හානියක් සිදු වෙනවා මේ නිසා රේසර් කරන කෙනෙක්ට සුමුදු සමක් කියන්නේ හීනයක්ම විතරයි.

02. හිතන තරම් පහසු වැඩක් නම් නෙවෙයි

ඔයා ජිවිතේ එක පාරක් හරි රේසර් කරලා තියෙන කෙනෙක් නම් දන්නවා ඇතිනේ සමහර තැන් රේසර් කරන්න කොච්චර අමාරුද කියලා. වැලමිට, දණහිස වගේ තැන් වල රේසර් කරන එක තමයි ගොඩක්ම අමාරු. ඒ විතරක් නෙවෙයි රේසර් කරනවා කියන්නේ බොහොම පරිස්සමින් කරන්න ඕනේ දෙයක් ඒ නිසා මේ අමාරු තැන් රේසර් කරනකොට ලොකු අවධානයකින් තමයි කරන්න ඕනේ නැත්නම් වෙන්නේ නිකන් අතපය තුවාල කරගන්න.

03. ආරක්ෂාව සුවර්ද?

රේසරය කියන්නේ තියුණු තලයක් තියෙන එකක්. අපි ලොකු පරිස්සමකින් රේසර් කරේ නැත්නම් සමට තුවාල වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි. ඒ විතරක් නෙවෙයි ඔයාල දන්නවනේ ගොඩක් වෙලාවට පරිස්සමින් ආරක්ෂිතව පාවිච්චි කරේ නැත්නම් මේ රේසර් තල වලින් භයානක සමාජ රෝග පවා වැඳීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා රේසර් එකක් පාවිච්චි කරන්න ඕනේ ආරක්ෂිතව වගේම ලොකු පරිස්සමකින්.

04. ඉක්මන් කොටයි

ඉක්මනට රේසර් කරනවා කියන්නේ නම් කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ඉක්මනින් කරන්න පුළුවන් තරම් පහසු කටයුත්තක් නෙවෙයි රේසර් කරනවා කියන්නේ. හදිසි ගමනක් යන්න ඕනේ වෙලාවට ඔයා රේසර් කරන්න පුරුදු වුන කෙනෙක් නම් ඔයාට වැඩි වෙලාවක් වෙන් කරන්න වෙනවා රේසර් කරන වැඩේට. නැත්නම් වන්නේ රේසර් කරලා අනවශ්‍ය රෝම කූප ටික ඉවත් කරගන්නේ නැතුවම ගමන යන්න. ඒ නිසා රේසර් කරනවා කියන්නේ වැඩි වෙලාවක් ගතවෙන වැඩක්.

05. ඉවරයක් නැති වැඩක්

රේසර් කරනකොට රෝම කූප මුලින්ම ඉවත් වීමක් සිදු වෙන්නේ නැති නිසා. කැපුවට වඩා ඉක්මනට වැවෙනවා. ඒ නිසා ඔයාට වෙන්නේ හැමදාම රේසර් කර කර ඉන්න. නැත්නම් දවසක් යනකොට පුංචි පුංචි රෝම කූප කොටස් සමේ මතුපිට පෙනෙන්න පටන් ගන්නවා මේක රෝම කූප ඉවත් කරන්නේ නැතුව හිටියටත් වඩා කැතයි. ඒ නිසා ඔයා රේසර් කරන්න පුරුදු වුන කෙනෙක් නම් කවදාවත් ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිපලය නම් ලබාගන්න වෙන්නේ නැහැ.

රේසර් කරන එක නිසා මෙච්චර ප්‍රශ්න ගොඩකට ඔයාට මුහුණ දෙන්න වෙනකොට. ඔයා තව දුරටත් රේසර් කරන්න හිතනවා නම් වෙනසකටත් එක්ක එකම එක පාරක් Veet පාවිච්චි කරලා බලන්නකෝ. ඔයා අයෙත් කවදාවත් රේසර් කරන එක ගැන හිතන්නේ වත් නැති වෙයි. මොකද ඔයා අනවශ්‍ය රෝම කූප ඉවත් කරගන්න Veet පාවිච්චි කරොත් ඔයාට හරිම පහසුවෙන් ඉක්මනට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයා බලාපොරොත්තු වෙන සිනිදු සම ලබාගන්න පුළුවන්. ඒ නිසා අදම ඔයාගේ රේසරය පැත්තකට දාල Veet වලට මාරු වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1271 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:29:54 AM
Script:/article/1271/think-three-times-before-shave-your-legs.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:29:54 AM
Script:/article/1271/think-three-times-before-shave-your-legs.html