ස්ට්‍රෙස් නැති කරන indoor පැළෑටි කිහිපයක්

March 26, 2019
14,759
Indoor plants that reduce stress
සාංකාව සහ ආතතිය කියන කාරණා දෙකම මිනිස් ජීවිතයේ සතුට තුරන් කරවන දේවල්. බොහෝ දෙනෙක් තමන් ආතතිය වැනි තත්ත්වයකින් පෙළෙනවාද කියලා නොදන්න නිසාම මෙය නොතැකුවත් මේ කාර්යබහුල සමාජයේ බොහෝ දෙනෙක් මේ තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා. මේ සටහන ඔවුන්ට වඩා ප්‍රයෝජනවත් විය හැකි දෙයක් සම්බන්ධයෙනුයි. ඒ මානසික ආතතිය දුරු කරලන්නට උදවුවක් වෙන පැළෑටි කිහිපයක් මෙහි ඇතුළත් කරන නිසායි. මානසික ආතතිය ඇතිවීම දවසේ රාජකාරී කටයුතු සේම එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු පවා සිදුකිරීම අපහසු කරවන අතර මිනිසුන් වඩා සංයමකයින් දිගු වේලාවක් නොකඩවා ලබාගත යුතු නින්ද පවා මේ නිසා අහිමි වී යා හැක. මේ පැලෑටි නිවසේ හෝ ඔබ රැකියා කරන ස්ථානයේ තබා ගන්න පුළුවන් නම් ඔබේ ශරීර මෙන්ම මානසික සෞඛ්‍යයටත් ලොකු පිටුවහලක් වේවි.

පිච්ච



ඔලිවු කුලයේ මලක් වන පිච්ච වර්ග දෙසීයක් පමණ සොයාගත හැකියි. ස්වභාවිකව තරමක් උෂ්ණ ප්‍රදේශවල වැවෙන පිච්ච ශාඛය බහුලවම යොදාගන්නේ පර්ෆියුම් නිෂ්පාදනයට වන අතර එම සුවඳ විළවුන් වර්ග ආඝ්‍රානයෙන්ද මනසට සැළකිය යුතු සහනයක් අත්විඳගන්නට ඔබට හැකි වනු ඇත. සාමාන්‍යයෙන් පිච්ච ශාඛ පිරි ස්ථානයක සිටින විට සාංකාමය හැඟීම් දුරවන බව පැවසෙයි.

පිච්ච පැලය රැකබලා ගැනීමේදී සැලකිලිමත් විය යුතු දෙවල් ලෙස හිරු එළිය ලැබෙන ස්ථානයක තැබීම, මසකට පමණ වතාවක් පොහොර සහ පස් එකතු කිරීම, තෙත බරිත නොවන සේ වතුර දැමීම කල යුතුයි. පස වියළි වන්නට ඉඩ දෙන්න එපා. පිච්ච පැළයක් මිලදී ගැනීමේදී හැම විටම හොඳ පැළයක් තෝරා ගැනීමට මතක තබා ගන්න.

කපුරු



කපුරු ශාකයේ මලත් බහුල වශයෙන්ම මානසික ආතතිය දුරු කරවා මනස සුවයට පත් කරවන සුළු සුවඳක් සහිත ශාකයක් ලෙසින් හැඳින්වේ. ආසියාතිකව සහ උතුරු යුරෝපාකරයේ වැවෙන මෙම ශාකය තේ නිෂ්පාදනයේදිත් යොදාගන්නා අතර එය පානය කිරීම මනසට මහත් වූ සහනයක් ගෙනෙන බව පැවසෙයි.

අපි ගොඩක් දෙනෙක් අත් විඳින දෙයක් තමයි කපුරු මල් එක වතාවක් පිපුනට පස්සෙ ආයෙත් මල් පිපෙන්නෙ නැති එක. ඒකට කරන්න පුළුවන් එකම දේ තම්යි පෝච්චියේ පස් ඉවත් කරලා ආපසු කොම්පොස්ට් කරන එක. තෙත බරිත නොවෙන්න වතුර දාන්න. සෘජු ඉර එළිය වැටෙන්නෙ නැති තැනක තියන්න.

රෝස්මරී



දැවමය මුත් සුවඳ දෙන කුළු බඩුවක් වන රෝස්මරී වර්ණ රැසකින් යුතු මනරම් පුෂ්ප පිපනෙ ශාඛයකි. එහි සුවඳවත් බව මිනිස් සිත නිවුනු තත්ත්වයකට පත් කරයි. රෝස්මෙරි පැලයට එතරම් ජලය අවශ්‍ය නෑ. සෘජු හෝ වක්‍රව හිරු එළිය ලැබෙන තැනක තියන්න.


ඉංග්ලිෂ් අයිවි



ඉංග්ලිෂ් අයිවි ශාකයේ විශේෂත්වය නම් එය නිවස තුළ තිබියදී නිවැසියන්ගේ මනස සුවපත්ව ඔවුන්ට සුව නින්දක් ලඟා කරවීමේ හැකියාව එයට තිබීමයි.
 
ස්නේක් ප්ලාන්ට්



ලංකාවේ නිතර දකින්නට ලැබෙන ස්නේක් ප්ලාන්ට් ශාකය අවට පරිසරයේ වාතය පිරිසුදු කරන ශාකයක් ලෙසින් හැඳින්විය හැක. මේ පැලෑටිය ඇති නිවසක නිවැසියන්ට සුව නින්දක් ලබාගත හැකි වනවා වගේම පසු දින උදෑසන ප්‍රබෝධමත් මනසකින් අවදිවීමට හැකි අතර සිතෙහි සාංකාමය ස්වභාවය පහව ගත කළ හැකි වනු ඇත.

ලැවැන්ඩර්



ලැවැන්ඩර් ලෙසින් සුලබව හඳුන්වන ලැවැන්ඩුලා ශාකය වර්ග හතලිස් හතකින් ලෝකය පුරා විහිදී ඇත. මානසික ආතතිය දුරු කරවීමේ සුවිශේෂ හැකියාවක් ඇතැයි පැවසෙන ලැවැන්ඩර් ශාකයේ සුවඳ බොහෝ සුවඳ විළවුන් නිෂ්පාදනවලටද යොදාගනියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1287 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:36:59 PM
Script:/article/1287/indoor-plants-that-reduce-stress.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:37:00 PM
Script:/article/1287/indoor-plants-that-reduce-stress.html