දැකුමෙන් සිත ඉපිලී යන රෝස මල් වගා කරන්නේ මෙහෙමයි

April 25, 2019
9,341
How to grow rose
අලංකාරය සඳහා මෙන්ම අලෙවිය සඳහාද මල් වවන්නන් අතර ප්‍රමුඛ තැනක් හිමි වන මල් අතරින් ප්‍රධානම වර්ගය රෝසයි. රෝස වලට ඇති වැඩි කැමැත්ත නිසා මල් පැල මිල දී ගත්තත් ටික දවසක් යන විට මල් පැළය සරුවට නොවැඩිම, මල් හට නොගැනිම, නොයෙකුත් රෝග වැළඳීම වැනි කරුණු නිසා රෝස පැල වගා කිරීම ආසාර්ථක වෙනවා. ඊට හේතුව රෝසමල් වගා කරන්නට උනන්දුවන යුවතියන්  මූලික වශයෙන් කරුණු රාශියක් දැනගත යුතුයි .එසේ නොදැන වගාකිරීමෙන් ඇතිවෙන ප්‍රථිඵලය නම් ඔබ සාර්ථක රෝස වගාවක හිමිකාරියක් නොවීමයි. අද හැඩකාරී අපි ඔයාට රෝස ගස්වලට වැළදෙන රෝග ,පොහොර යෙදීම ,පස සකස් කිරීම හා කප්පාදු කිරීම පිළිබදව කියලා දෙනවා.

පස සකස් කිරීම

රෝස පැළයට ජලය සහ පොහොර අත්‍යවශ්‍ය සාධකයක් වන නිසා රෝස පැළ සිටුවීමෙන් පසු පොහොර යෙදීම නිසා දින කිහිපයකින් පොහොර පසට උරාගන්නා, විට ජලය වැඩි වීම හෝ ජලය නොරැඳීම නිසා ශාකය මැරී යනවා. ගෙවත්තෙහි තෝරාගත් කොටසක ගැඹුරට කපා පස ඉවත්කර ගෙන තණපිඩලි, පොහොර, කොම්පොස්ට් පොහොර සහ වැලි මිශ්‍රකර ගන්න. පැළය සිටුවා ඉතිරි පස් මිශ්‍රනය වටේම පුරවා දමන්න. රෝස ගස් සිටුවීමේදී පැළ අතර පරතරය අඩි 3ක් විය යුතුය. පැළය සිටවූ දිනයේදීම පොහොර යොදා නැවත මසකට පසුව පොහොර යොදන්න. ඇමෝනියම් සල්ෆේට්, සුපර් සල්ෆේට් , පොටෑෂ් මිශ්‍රණයක් ගසේ මුලට යොදන්න. රෝස ගස් කප්පාදුවට හොඳම කාලය අප්‍රේල් මාසයයි. කප්පාදු කිරීම සදහා අඟල් 5ක් ඉහළින් ඇති සියලුම අතු කපා දමන්න.

රෝස පැළයක් පොච්චියක සිටුවනවා නම්,
ලොම් පස් කොටස් 1
කොළ කොටස් 1/3
දිරූ ගොම කොටස් 1/2
වැලි කොටස් 1/3
දැව අළු කොටස් 1/6

පොච්චිය පතුලේ සිදුරු කර ඒ මත වක්‍ර උළු කැට තබා ඒ මත බොරළු තට්ටුවක් අතුරන්න.ඊට ඉහලින් වියලි කොළ තට්ටුවක් අතුරා සාදා ගත් ලොම් පස් මිශ්‍රණයෙන් පොච්චිය පුරවා පැළය සිටුවන්න.
රෝස ගසට වැළදෙන ප්‍රධාන රෝග අතරින් කළුපුල්ලි රෝගය වැදගත්ය. පත්‍ර කහ පාටවිම, කළු පුල්ලි ඇතිවීම රෝග ලක්ෂණ වන අතර වර්ෂාවත් සමග රෝගය පැතිර යයි. මේ සදහා පිළියම් ලෙස දිලීර නාශකයක් භාවිතා කිරීම විසඳුමකි. පිටි මකුණා පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බොන අතර සුදු පැහැති සත්වයෙකි. මෙය පළිබෝධයක් යෙදීම මගින් පාලනය කළ හැකියි. කූඹින්ගෙන් ද රෝස වගාවට හානි සිදුවන නිසා කූඹීන් විසින් කොළ වල යුෂ උරා බොන බැවින් ගස් වල ශක්තිය හින වී ඉතා ඉක්මනින් විනාශ වේ. කෘමින්ගෙන් වන හානිය කෘමිනාශක යොදා පාලනය කල හැකි අතර සබන් දිය කළ වතුර, පත්‍ර සහ කඳ ප්‍රදේශයට ඉසීම පලිබෝධ සහ කෘමි උවදුරට ඉතාම පහසු විසඳුමක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Food to regulate your menstrual circle
   41,652
   26

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Changes in your body if you consume cod-liver oil daily
   91,641
   24

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   4,796
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 symptoms shows you are pregnant
   44,763
   23

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Dress patterns for flower prints
   60,917
   22

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed