දැකුමෙන් සිත ඉපිලී යන රෝස මල් වගා කරන්නේ මෙහෙමයි

April 25, 2019
12,225
How to grow rose
අලංකාරය සඳහා මෙන්ම අලෙවිය සඳහාද මල් වවන්නන් අතර ප්‍රමුඛ තැනක් හිමි වන මල් අතරින් ප්‍රධානම වර්ගය රෝසයි. රෝස වලට ඇති වැඩි කැමැත්ත නිසා මල් පැල මිල දී ගත්තත් ටික දවසක් යන විට මල් පැළය සරුවට නොවැඩිම, මල් හට නොගැනිම, නොයෙකුත් රෝග වැළඳීම වැනි කරුණු නිසා රෝස පැල වගා කිරීම ආසාර්ථක වෙනවා. ඊට හේතුව රෝසමල් වගා කරන්නට උනන්දුවන යුවතියන්  මූලික වශයෙන් කරුණු රාශියක් දැනගත යුතුයි .එසේ නොදැන වගාකිරීමෙන් ඇතිවෙන ප්‍රථිඵලය නම් ඔබ සාර්ථක රෝස වගාවක හිමිකාරියක් නොවීමයි. අද හැඩකාරී අපි ඔයාට රෝස ගස්වලට වැළදෙන රෝග ,පොහොර යෙදීම ,පස සකස් කිරීම හා කප්පාදු කිරීම පිළිබදව කියලා දෙනවා.

පස සකස් කිරීම

රෝස පැළයට ජලය සහ පොහොර අත්‍යවශ්‍ය සාධකයක් වන නිසා රෝස පැළ සිටුවීමෙන් පසු පොහොර යෙදීම නිසා දින කිහිපයකින් පොහොර පසට උරාගන්නා, විට ජලය වැඩි වීම හෝ ජලය නොරැඳීම නිසා ශාකය මැරී යනවා. ගෙවත්තෙහි තෝරාගත් කොටසක ගැඹුරට කපා පස ඉවත්කර ගෙන තණපිඩලි, පොහොර, කොම්පොස්ට් පොහොර සහ වැලි මිශ්‍රකර ගන්න. පැළය සිටුවා ඉතිරි පස් මිශ්‍රනය වටේම පුරවා දමන්න. රෝස ගස් සිටුවීමේදී පැළ අතර පරතරය අඩි 3ක් විය යුතුය. පැළය සිටවූ දිනයේදීම පොහොර යොදා නැවත මසකට පසුව පොහොර යොදන්න. ඇමෝනියම් සල්ෆේට්, සුපර් සල්ෆේට් , පොටෑෂ් මිශ්‍රණයක් ගසේ මුලට යොදන්න. රෝස ගස් කප්පාදුවට හොඳම කාලය අප්‍රේල් මාසයයි. කප්පාදු කිරීම සදහා අඟල් 5ක් ඉහළින් ඇති සියලුම අතු කපා දමන්න.

රෝස පැළයක් පොච්චියක සිටුවනවා නම්,
ලොම් පස් කොටස් 1
කොළ කොටස් 1/3
දිරූ ගොම කොටස් 1/2
වැලි කොටස් 1/3
දැව අළු කොටස් 1/6

පොච්චිය පතුලේ සිදුරු කර ඒ මත වක්‍ර උළු කැට තබා ඒ මත බොරළු තට්ටුවක් අතුරන්න.ඊට ඉහලින් වියලි කොළ තට්ටුවක් අතුරා සාදා ගත් ලොම් පස් මිශ්‍රණයෙන් පොච්චිය පුරවා පැළය සිටුවන්න.
රෝස ගසට වැළදෙන ප්‍රධාන රෝග අතරින් කළුපුල්ලි රෝගය වැදගත්ය. පත්‍ර කහ පාටවිම, කළු පුල්ලි ඇතිවීම රෝග ලක්ෂණ වන අතර වර්ෂාවත් සමග රෝගය පැතිර යයි. මේ සදහා පිළියම් ලෙස දිලීර නාශකයක් භාවිතා කිරීම විසඳුමකි. පිටි මකුණා පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බොන අතර සුදු පැහැති සත්වයෙකි. මෙය පළිබෝධයක් යෙදීම මගින් පාලනය කළ හැකියි. කූඹින්ගෙන් ද රෝස වගාවට හානි සිදුවන නිසා කූඹීන් විසින් කොළ වල යුෂ උරා බොන බැවින් ගස් වල ශක්තිය හින වී ඉතා ඉක්මනින් විනාශ වේ. කෘමින්ගෙන් වන හානිය කෘමිනාශක යොදා පාලනය කල හැකි අතර සබන් දිය කළ වතුර, පත්‍ර සහ කඳ ප්‍රදේශයට ඉසීම පලිබෝධ සහ කෘමි උවදුරට ඉතාම පහසු විසඳුමක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,254
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,002
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,987
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,421
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed