ස්ථුල බවට තිත තියන්න මේ විදියට කෑම කන්න

June 9, 2019
13,689
Eat like this to stop gain weight
ස්ථූලභාවය ඇතිවීමෙන් පසු එය අඩුකර ගැනීමට මහන්සි වෙනවට වඩා ඇතිවෙන්න කලින් වළක්වා ගැනීමට උත් උත්සාහ කරන එක වඩා සාර්ථකයි. ඒ සඳහා ඔබ කල යුත්තේ ස්ථුල බව නිසා ඇති වන ඵලවිපාක ගැන ටිකක් හොඳින් හිතල බලන එක විතරයි. තමන්ගේ දෛනික ජීවිතය සෞඛ්‍යසම්පන්නව හා නිරෝගීමත්ව තබා ගැනීමට පුරුදුවීමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීමත් තුළින් මේ තත්ත්වය ඉතා සාර්ථක ලෙස පානය කර ගන්න ඔයාට පුළුවන් ඒ නිසා ඔය මහත වැඩි අයට තමන්ගේ බර අඩු කරගන්න කරන්න ඕන දේවල් කීපයක් ගැන කියන්න හිතුවා

1. පැණි රස, ඇඹුල් රස ආහාර පාන හැකි තරම් සීමා කරන්න.

2. ඒ වගේම අලුත අස්වැන්න නෙළූ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.

3. සිසිල් කළ ජලය, ශීත කළ බීම වර්ග, කිරි, අයිස් ක්‍රීම්, කේක් වැනි ආහාර පාන නිතර නිතර ලබාගැනීම තරබාරුව ඇති වීමට තවත් හේතුවක් නිසා හැකි තරම් එම ආහාර පාන සීමා කරන්න.

4. ඔයත් නිතර නිතර සත්ත්ව ආහාර ලබා ගන්න කෙනෙක් නම් එයත් හැකි තරම් පාලනය කිරීම කළ යුතුයි.

5. දවල් කාලයේ නිදා ගැනීම කියන්නේ මේ තත්ත්වය ඇති වීමට තවත් හේතුවක්. විශේෂයෙන් දිවා ආහාරයෙන් පසු නිදා ගන්න පුරුදු වුනොත් අනිවාර්යයෙන්ම ඔබ ස්ථුල බවට පත් වෙනවා.

6. මෙච්චර කල් ඔබ උදේ කිරි වීදුරුවක් පානය කරා නම් අද ඉදන් ඒක නතර කරන්න. ඒ වෙනුවට උණුසුම් වතුර වීදුරුවක් දිනපතා පානය කරන්න.

7. රස්නය ඇති වතුර වීදුරුවකට මී පැණි, දෙහි ඇඹුල් ස්වල්පයක් දමා පානය කරන්න මාස තුනක් පමණ යද්දී සාර්ථක ප්‍රතිඵල දැක ගන්න පුළුවන් වෙයි.

8. එහෙම නැත්තන් ගොරකා සහ සුදු ලූනු ස්වල්පය බැගින් සමානව අරගෙන තම්බා එයින් වතුර අඬු කෝප්ප භාගයක් පමණ ආහාර වේලකට පැය භාගයකට පමණ පෙර පානය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
5 skin care tips for your neck
   67,493
   19

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,386
   19

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed