පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි?

June 20, 2019
10,663
Why do we take mebendazole?
ලොකු පොඩි භේදයක් නැතිව වැළදෙන රෝග තත්ත්වයක් වන පණු රෝග ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුව අපිරිසිඳුකමයි.  කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් පවා පණු රෝග සඳහා මාස හයකට වරක්වත් බෙහෙත් ගැනීම අනිවාර්ය වෙනවා. බෙහෙත් ලබා නොගැනීම නිසා, මේ පණුවන් ශරීරය තුල දහස් ගණනින් බෝ වීමෙන් පණු රෝගය උත්සන්න වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට පණු රෝගය ගැන සහ පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි යන්න මේ ලිපියෙන් කියලා දෙනවා.

පණු බෙහෙත් බොන්නෙ අපේ බඩේ හැදෙන පණුවන් විනාශ කරන්න නැතිනම් තව බෝ වීම වලක්වන්න. ඒ වගේම පණුවන් නිසා ඇතිවෙන ආසාදන වලක්වා ගන්න.

අතට අහුවෙන දේ හෝදන්නෙ නැතිව කටේ දාගන්න ගියොත් පණු ගාය හැදෙන එකෙන් ඔයාට ගැලවිල්ලක් වෙන්නේ නෑ. ඒ නිසා තමයි පොඩි ළමයින් අතරත්, ලොකු අය අතරත් මේ පණු රෝගය පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ආහාර වලින් විතරක් නෙමෙයි මැස්සන්, මදුරුවන්, බළලුන් සහ සුනඛයන් මගිනුත් විවිධ පණු රෝග වැළදෙනවා.

ඔබ නිවසෙන් පිට පිළියෙල කළ ආහාර කනවා නම්, අනිවාර්යයෙන් නියමිත කාලයට පණු බෙහෙත් ගන්න එක කළ යුතුමයි.

පණුවන් සිරුරට ඇතුළු වුනාට පස්සේ පියවර ගණනාවකින්ම ඔවුන් සිරුරට විශාල හානි කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ පවුලේ අයටත් ඒ ලෙඬේ බෝ වෙනවා. ඉතින් ඊට පස්සේ මුළු පවුලටම ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙනවා.

පණු රෝගය වෙනුවෙන් විශාල සෞඛ්‍යමය වැඩ පිළිවෙලක් ද කරගෙන යන්න වෙනවා. එනම්,
1. ගෙදර ඇති සියලුම ස්ථාන පිරිසිදු කරන්න.
2. යට ඇදුම්, ඇඳ ඇතිරිලි ආදිය උණු වතුරෙන් සෝදන්න.
3. සම නිතරම පිරිසිදුව තබා ගන්න.
4. කෑමට පෙර හොඳින් අත් සෝදන්න.
5. නිදන කාමර වල ඉඳන් කෑම ගන්න එපා.
6. එළවලු සහ පලතුරු පරිභෝජනයට පෙර හොඳින් සෝදන්න.
7. කුඩා දරුවන්ව පස් සමඟ හෝ ගෙවත්තේ සෙල්ලම් කිරීමේදී සෙරප්පු දැමීමටත්, ඇඟිලි කටේ නොදැමීමටත් උපදෙස් දීම.
8. සෙල්ලම් කිරීමෙන් පසුව හොඳින් අත් පා පිරිසිදු කරන්න.
9. නිය කෙටි වන සේ කපා පිරිසුදුව තබා ගැනීම.
10. වැසිකිලිය නිසි ආකාරව පරිහරණය කිරීම.

ඔයාව රෝගී කරවන පණු වර්ග,
කොකු පණුවා
වට පණුවා
කිරි පණුවා
කස පණුවා

පණු රෝගයක් ඇති බව හඟවන අනුමාන ලක්ෂණ,
1. කෑම අරුචිය 
2. මලානික බව 
3. කෙට්ටු වීම
4. පසුපස ප්‍රදේශය රාත්‍රියට කැසීම 
5. ඔක්කාරය 
6. පාචනය
7. උදරාබාධ
8. විටමින් ඌනතා 
9. නිරක්තිය 
10. මූනේ සුදු පාට පුල්ලි
11. නින්ද නොයාම
12. මලපහ සමග ලේ පිටවීම

පණු බෙහෙත් ගැනීමේදී ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම වඩා වැදගත්…

1. පවුලේ සාමාජිකයන් සෑම දෙනා එකම දිනයක දී පණු බෙහෙත් ලබා ගන්න.
2. ඇඳ ඇතිරිලි තුවා සියලු දේ සෝදා පිරිසුදු කිරීම හැකිනම් නටන වතුරේ දමා තම්බා ගන්න.
3. විශේෂයෙන් යට ඇඳුම් නටන උණුවතුරේ දමා තම්බා ගන්න.
4. කොට්ට මෙට්ට තද අව්වේ දමා වෙලන්න.
5. සති 2 කට පසුව නැවත වරක් පණු නාශක ඖෂධ ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,249
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,997
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed