“අපි මෙහෙම දුක් විඳපු අය නෙවෙයි” ඕපනායක ජනක සමන් කුමාරගේ කතාව

June 26, 2019
9,103
Story of Janaka Saman Kumara
සිතු දේ නොම වෙයි, නොසිතු දෙයම වෙයි... යන ඉපැරණි‚ කියමනෙන් අදහස් වන්නේ, අමිහිරි දේට පමණක් නොසිතූ ලෙස මුහුණ දෙන්නට සිදු වන බව නොවේ. අවාසනාව මෙන්ම වාසනාව ද නොසිතූ ලෙස මිනිසා කරා එළැඹෙන්නේය. කෙටි කාලයක් තුළ මේ අත්දැකීම් දෙවර්ගයම විඳි අයෙකු පසුගිය අඳුරු වැසිබර දිනෙක ඕපනායක පෙදෙසේ දී අපට හමු විය. මෑතක දී Dialog Mega වාසනා දිනුම් ඇදීමෙන් රුපියල් දශ ලක්ෂයක ත්‍යාගයක් හිමි වූ ඔහුගේ නම ජනක සමන් කුමාර ය. මේ ඔහුගේ කතාවයි.

“මම රැකියාව කරන්නෙ කුලී රියැදුරෙක් විදියට. ස්ථීර ජොබ් එකක් නෑ. ඒත් අපි මෙහෙම දුක් විඳපු අය නෙවෙයි, ඉස්සර ලොරි පවා අපට තිබුණා. නොහිතපු විදියට තාත්තා අසනීප වුණාට පස්සෙ ඒවා විකුණන්න වුණා.”

“ඒ දවස්වල කරපු ව්‍යාපාරය මොකක්ද?”

“තේ දළුයි, රබර් දරයි ප්‍රවාහනය කළා. තේ ෆැක්ටරි වලට දර ඕන කරනවනෙ.තාත්තා අසනීප වුණාම අපේ වාහනවල ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව ගියා. හම්බ කරපු හැමදේම නැති වුණා. වෙදකම් කරන්න සල්ලි ණයට ගන්නත් සිද්ධ වුණා.”

"ඊට පස්සෙ මම කුලී රියැදුරෙක් විදියට වෙනත් අයගෙ වාහනවල වැඩ කරන්න පටන් ගත්තා. ඔය අතරෙ තමයි නොහිතපු විදියට Dialog Mega වාසනාවෙ රුපියල් මිලියනයෙ තෑග්ග ලැබුණේ.”

"තෑගි මුදලින් මොනවද කරගත්තේ?”

"අතට ලැබුණු මුදලින් වැඩි හරියක් පරණ ණය බේරන්න තමයි වියදම් කළේ. අපේ ණය බර සැහැල්ළු කරගන්න Dialog Mega වාසනාවෙන් ලොකු සහයෝගයක් ලැබුණේ. ඒ ගැන Dialog ආයතනයට ණයගැතියි. Dialog Mega වාසනා වගේ වටිනා තෑගි තරඟයක් පැවැත්වීම ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. නැත්නම් ඉතිං මොන විදියකින් මේ ණය බේරන්නද?”

"ගෙදර වෙන කවුද ඉන්නෙ?”

"දැන් ගෙදර ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි විතරයි. අම්මත් දැන් තරමක අසනීපෙන් ඉන්නෙ. නංගිලා දෙන්නා කසාද බැඳලා. ඒ මස්සිනාලා දෙන්නගෙනුත් සෑහෙන සහයෝගයක් ලැබෙනවා. මට තවම විවාහ වෙන්න ලැබුණෙ නෑ.”

"හැමදාම මේ රස්සාවම කරන්න ද අදහස? මිලියනයක් වාගෙ තෑග්ගක් ලැබෙන්නෙ වාසනාවන්ත කාලයක් උදාවෙලා නිසානෙ. විවාහ වෙලා එහෙම අළුතින් ජීවිතය පටන්ගන්න හිතුවොත් හොඳ නැද්ද?”

"ඇත්තටම පොඩි බිස්නස් එකක් කරන්න මේ දවස්වල සැලසුම් කරමින් තමයි ඉන්නෙ.”

"ස්වයං රැකියාවක් වගේ දෙයක් ද?”

"ඔව්. වාහනයක් කුලියට අරගෙන පලතුරු ප්‍රවාහන බිස්නස් එකක් කරන්නයි අදහස. ඔය ඇඹිලිපිටිය වාගෙ පැතිවල ගොවි මහත්වරුන්ගෙන් කෙසෙල්, ගස්ලබු, කොමඩු වාගෙ පලතුරු එකතු කරගෙන බලංගොඩ පැත්තෙ කඩ වලට දාන්නයි හිතාගෙන ඉන්නෙ.”

අනාගතය පිළිබඳ පැහැබර පැතුම් සමුදායකින් විකසිත ජනකගේ සිනාමුසු මුහුණ මතට ඒ මොහොතේ අව් රැල්ලක් පතිත විය. අප කතාව අරඹන විට අහස වසා සිටි අඳුරු වළාවන් ඉවතට ඇදී ගොස්, පරිසරය ආලෝකවත් කරමින් හිරු නැවතත් රැස් විහිදුවයි. ජනක සමන් කුමාරගේ බලාපොරොත්තු සඵල වී ඔවුන්ගේ ජීවිත ද ඒ අයුරින්ම යළි ආලෝකවත් වේවා යනු අපගේ හෘදයංගම පැතුමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,252
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,000
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,985
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed