මෘදු හා පැහැපත් දෙතොලක් ලබා ගැනීමට ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කර වෙනස අත්හදා බලන්න

July 2, 2019
12,082
Natural remedies for beautiful lips
ඔයාගේ ශරීරයේ සෙසු කොටස් ගැන සැලකිලිමත් වෙනවා සේම ඔයාගේ තොල් ගැන සැලකිලිමත් විය යුතු යැයි ඔබෙන් කීයෙන් කී දෙනෙක් සිතුවාද? ඔයාගේ අත්, පාද, මුහුණ සහ වැලමිට හැරුණු විට ඔයාගේ තොල්වලටද යම් අවධානයක් හා සැලකිල්ලක් අවශ්‍ය බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔයාගේ තොල් අවපැහැ ගැන්විලා, ඉරි තැලීලා වියලිලා නම් ඔයාගේ මුහුණට අවලස්සනක් තමයි ගෙනත් දෙන්නේ. අද හැඩකාරී ඔයාට ඔයාගේ ලස්සන මුහුණට තවත් ලස්සන වැඩි කර ගන්න තොල් රැකවරණය භාවිතා කරන්නේ කොහොමද කියලා දෙනවා. 

ඔයා මෘදු, සෞඛ්‍ය සම්පන්න සහ පැහැපත් සුන්දර බවක් දැනෙන පරිදි ඔයාගේ දෙතොල් පෝෂණය කර තබා ගැනීම වැදගත්ය. සිදුරු නොමැති ඔයාගේ ශරීරයේ එකම කොටස තොල් බව ඔය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එ නිසා සජලනය හා පෝෂණය දෙතොල් වලට අවශ්‍යයි. ස්වාභාවික අමුද්‍රව්‍ය වලට වඩා එය කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද? ඔයා අඳුරු හෝ වියලි දෙතොල් වලින් පීඩා විඳින්නේ නම් සහ ඔයාගේ තොල්වල සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ක්‍රම සොයන්නේ නම්, අද හැඩකාරී අපි මේ ලිපියෙන් එයට පිළියමක් දෙන්න තීරණය කරා.

ආමන්ඩ් ඔයිල් පුදුම සහගත ලෙස ක්‍රියා කරන අතර තොල් මතට දිනකට දෙවරක් හෝ තුන් වතාවක් සම්බාහනය කිරීමෙන් ඉමහත් ප්‍රථිඵල ලබා ගැනීමට පුළුවන්. මෙන්න ඔයාට මොහොතකින් නිවසේදී කළ හැකි අපූරු ස්වාභාවික තොල් රැකවරණයක්,

අමුද්‍රව්‍ය :
මී පැණි 50ml 
සීනි තේ හැදී  4 
රෝස වතුර 5ml 
වැනිලා සාරය 5ml 
ක්‍රමය :
සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර තේ හැන්දක භාගයක් පමණ ගෙන දෙතොල් සත්කාරයට භාවිතා කරන්න. මී පැණි යනු සොබාදහමේ වඩාත් ප්‍රබල මොයිස්චරයිසර් වලින් එකකි. සීනි සම පැහැපත් කිරීමට සහ මෘදු කිරීමට උපකාරී වන අතර රෝස වතුර ඔයාගේ තොල් මෘදුව තබා ගැනීමට උපකාරී වේ. මෙම අපූරු සංයෝජනය එක්ව ඔයාගේ තොල් සුමට කිරීම, පිරිසිදු කිරීම සහ මෘදු කිරීම සිදු කරන්න. දෙතොලේ මී පැණි ආලේප කල පසු ඉතා උණුසුම් බීම පානය කිරීමෙන් වළකින්න.

අඳුරු තොල් සඳහා

අඳුරු තොල් බොහෝ දෙනෙකුට තරමක් අසහනකාරී විය හැකි අතර අඳුරු ලිප්ස්ටික් ආලේප කිරීමෙන් තොල් වසා ගන්න යුවතියන් ඕන තරම් ඉන්නවා. පළමුව ඔයාගේ සමට හුස්ම ගැනීමට ඉඩ දෙන්න, එයින් අදහස් කරන්නේ ලිප්ස්ටික් නිතරම අලේප කිරීම වළක්වා ගැනීමෙන් පිරිසිදු සමක් සහ නිරෝගී සමක් ලබා ගන්න පුළුවන් කියන එකයි. මේ ප්‍රතිකාරයයෙන් ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙයි

අවශ්‍ය ද්‍රව්‍ය :
පොල් තෙල් තේ හැදි 3
ආමන්ඩ් තෙල් තේ හැදි 3
ක්‍රමය:
පොල් තෙල් සහ ආමන්ඩ් තෙල් හොදින් මිශ්‍ර කර දිනකට කිහිප වතාවක් තොල් මත ආලේප කරන්න. ඔයාගේ දෙතොල් වලට සැහැල්ලු බවක් ගෙනදීමට උපකාරී වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
5 skin care tips for your neck
   67,493
   19

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,386
   19

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed