තේ සහ කෝපි වලින් සෞඛ්‍ය සම්පන්න සහ වඩා හොඳ උදෑසන පානය කුමක්ද?

August 7, 2019
12,346
Is coffee or tea good for breakfast drink?
උදැසනට තේ එකක් බොනවද නැති නම් කොපි එකක් බොනවද? මේ කැෆේන් කළ බීම වර්ග දෙකම ලොව පුරා ජනප්‍රිය වී ඇති අතර ඒවා විවිධාකාරයෙන් පිළියෙළ කිරීමෙන් පසුව වුවද උදේ ආහාර වේල් සමගින් පානය කරනවා. සමහරු කිරි රසයට කැමතියි, තවත් සමහරු කළු ගැඹුරු රසයට කැමතියි. තේ සහ කෝපි, බීම දෙකම ඇබ්බැහි කරවන උත්තේජක වන අතර බොහෝ දෙනා ඒවා පානය කරන්නට කැමතියි. අද හැඩකාරී අපි ඔයාට තේ සහ කෝපි වලින් සෞඛ්‍ය සම්පන්න සහ වඩා හොඳ උදෑසන ආහාරය කුමක්ද යන්න මේ ලිපියෙන් කතා කරන්න හිතුවා.

උදේ පානය කිරීමට වඩා හොඳ සහ සෞඛ්‍ය සම්පන්න පානය වන්නේ කුමක්ද?

අධික ලෙස තේ හෝ කෝපි පරිභෝජනය කරන විට ශරීරයට එකුතු වෙන කැෆේන් සෞඛ්‍යයට අහිතකරයි. දිනපතා අධික ලෙස කැෆේන් පානය කිරීමෙන් ස්නායු වල ආබාධ, කේන්ති යන බව, ගැස්ට්‍රයිටිස් සහ අක්‍රමවත් හෘද ස්පන්දනය ඇතුළු ගැටළු ගණනාවක් ඇති විය හැකියි. එමනිසා දිනකට අධික ලෙස කැෆේන් පානයෙන් වැළකීම නුවනට හුරුයි. දිනකට කැෆේන් පරිභෝජන සීමාව මිලිග්‍රෑම් 400 දක්වා නියම කර ඇති අතර එය කුඩා කෝපි කෝප්ප හතරක් හෝ පහක් පමණ වේ.

ඔයා උදේ ආහාරය සමඟ පානය කළ යුත්තේ කුමක්ද?

තේ සහ කෝපි යන දෙකටම ආවේණික වූ වාසි සහ අවාසි තියෙනවා. සාමාන්‍යයෙන් කිරි සහ සීනි නැති තේ සහ කෝපි කෝප්පයක් පානය කිරීම ශරීරයට වඩාත් සෞඛ්‍යදායකයි. කෝපි වල තේ වලට වඩා කැෆේන් තියෙනවා. එබැවින් ඔයාට කැෆේන් නිසා කැෆේන් සංවේදීතාව හෝ ආමාශයික ගැටළු තිබේ නම්, ඔයා කෝපි වෙනුවට තේ වලට මාරු වීම අනිවාර්යයෙන්ම සිදු කලයුතුයි.

කළු කෝපි දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කරන බවත්, ශක්තිය වැඩි දියුණු කිරීමෙන් බර කළමනාකරණයට උපකාරී වෙන් අබවත් කියැවෙනවා. කෝපි වලට තේ වලට වඩා පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කළ හැකි අතර එම නිසා ව්‍යායාම කිරීමේදී කැෆේන් භාවිතා වෙනවා. ඒවගේම තේ හරිත, කළු, සුදු වගේ කැෆේන් බහුල ප්‍රභේද වලින් පැමිණෙනවා.

ඔයා කැමති තේ වලට නම් එයිනුත් මේ වගේ සෞඛ්‍යමය වාසි ගණනාවක් ඔයාට ලැබෙනවා. උදාහරණයක් ලෙස කළු තේ යනු රුධිර පීඩනය අඩු කිරීම, රුධිරයේ සීනි පාලනය කර අවදානම පවා අඩු කරන පානයක්. තේ වල ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර එය හෘදයේ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරන අතර ශරීරයේ දැවිල්ලට එරෙහිව සටන් කරයි.

නිගමනය කරලා බලමු කැෆේන් පානයෙන් ඔයාට ලබා ගත හැකි ප්‍රතිලාභ මොනවාද කියලා..

කාර්යබහුල උදෑසනක ඔයාගේ ශරීරය ඉක්මනින් ශක්තිජනක කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, කෝපි ඔයාට තේ වලට වඩා හොඳ පානයක්. ආම්ලිකතාවයට ගොදුරු වන අයට තේ වඩාත් යෝග්‍යයි. තේ වලට කිරි සහ සීනි රහිතව පානය කරන කරනවා නම් ඒවායේ ඇති ගුණය එලෙසින්ම ලබා ගන්න පුලුවන්. වැඩි ප්‍රතිඔක්සිකාරක සඳහා නම් හරිත තේ සහ සුදු තේ තෝරා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,509
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed