තේ සහ කෝපි වලින් සෞඛ්‍ය සම්පන්න සහ වඩා හොඳ උදෑසන පානය කුමක්ද?

August 7, 2019
11,201
Is coffee or tea good for breakfast drink?
උදැසනට තේ එකක් බොනවද නැති නම් කොපි එකක් බොනවද? මේ කැෆේන් කළ බීම වර්ග දෙකම ලොව පුරා ජනප්‍රිය වී ඇති අතර ඒවා විවිධාකාරයෙන් පිළියෙළ කිරීමෙන් පසුව වුවද උදේ ආහාර වේල් සමගින් පානය කරනවා. සමහරු කිරි රසයට කැමතියි, තවත් සමහරු කළු ගැඹුරු රසයට කැමතියි. තේ සහ කෝපි, බීම දෙකම ඇබ්බැහි කරවන උත්තේජක වන අතර බොහෝ දෙනා ඒවා පානය කරන්නට කැමතියි. අද හැඩකාරී අපි ඔයාට තේ සහ කෝපි වලින් සෞඛ්‍ය සම්පන්න සහ වඩා හොඳ උදෑසන ආහාරය කුමක්ද යන්න මේ ලිපියෙන් කතා කරන්න හිතුවා.

උදේ පානය කිරීමට වඩා හොඳ සහ සෞඛ්‍ය සම්පන්න පානය වන්නේ කුමක්ද?

අධික ලෙස තේ හෝ කෝපි පරිභෝජනය කරන විට ශරීරයට එකුතු වෙන කැෆේන් සෞඛ්‍යයට අහිතකරයි. දිනපතා අධික ලෙස කැෆේන් පානය කිරීමෙන් ස්නායු වල ආබාධ, කේන්ති යන බව, ගැස්ට්‍රයිටිස් සහ අක්‍රමවත් හෘද ස්පන්දනය ඇතුළු ගැටළු ගණනාවක් ඇති විය හැකියි. එමනිසා දිනකට අධික ලෙස කැෆේන් පානයෙන් වැළකීම නුවනට හුරුයි. දිනකට කැෆේන් පරිභෝජන සීමාව මිලිග්‍රෑම් 400 දක්වා නියම කර ඇති අතර එය කුඩා කෝපි කෝප්ප හතරක් හෝ පහක් පමණ වේ.

ඔයා උදේ ආහාරය සමඟ පානය කළ යුත්තේ කුමක්ද?

තේ සහ කෝපි යන දෙකටම ආවේණික වූ වාසි සහ අවාසි තියෙනවා. සාමාන්‍යයෙන් කිරි සහ සීනි නැති තේ සහ කෝපි කෝප්පයක් පානය කිරීම ශරීරයට වඩාත් සෞඛ්‍යදායකයි. කෝපි වල තේ වලට වඩා කැෆේන් තියෙනවා. එබැවින් ඔයාට කැෆේන් නිසා කැෆේන් සංවේදීතාව හෝ ආමාශයික ගැටළු තිබේ නම්, ඔයා කෝපි වෙනුවට තේ වලට මාරු වීම අනිවාර්යයෙන්ම සිදු කලයුතුයි.

කළු කෝපි දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කරන බවත්, ශක්තිය වැඩි දියුණු කිරීමෙන් බර කළමනාකරණයට උපකාරී වෙන් අබවත් කියැවෙනවා. කෝපි වලට තේ වලට වඩා පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කළ හැකි අතර එම නිසා ව්‍යායාම කිරීමේදී කැෆේන් භාවිතා වෙනවා. ඒවගේම තේ හරිත, කළු, සුදු වගේ කැෆේන් බහුල ප්‍රභේද වලින් පැමිණෙනවා.

ඔයා කැමති තේ වලට නම් එයිනුත් මේ වගේ සෞඛ්‍යමය වාසි ගණනාවක් ඔයාට ලැබෙනවා. උදාහරණයක් ලෙස කළු තේ යනු රුධිර පීඩනය අඩු කිරීම, රුධිරයේ සීනි පාලනය කර අවදානම පවා අඩු කරන පානයක්. තේ වල ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර එය හෘදයේ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරන අතර ශරීරයේ දැවිල්ලට එරෙහිව සටන් කරයි.

නිගමනය කරලා බලමු කැෆේන් පානයෙන් ඔයාට ලබා ගත හැකි ප්‍රතිලාභ මොනවාද කියලා..

කාර්යබහුල උදෑසනක ඔයාගේ ශරීරය ඉක්මනින් ශක්තිජනක කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, කෝපි ඔයාට තේ වලට වඩා හොඳ පානයක්. ආම්ලිකතාවයට ගොදුරු වන අයට තේ වඩාත් යෝග්‍යයි. තේ වලට කිරි සහ සීනි රහිතව පානය කරන කරනවා නම් ඒවායේ ඇති ගුණය එලෙසින්ම ලබා ගන්න පුලුවන්. වැඩි ප්‍රතිඔක්සිකාරක සඳහා නම් හරිත තේ සහ සුදු තේ තෝරා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,783
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,708
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed