ඒ ඒ අහාර ගන්න ඕන වේලාවන් දැනගනිමු

August 21, 2019
9,447
What when to eat
අපේ හැඩකාරියෝ ආහාරපාන පිලියෙල කරන්න බොහොම දක්ෂයි. රසට වගේම දැක්ක ගමන් කන්න හිතෙන විදිහට ආහාරපාන සකස් කළත් ඒවා කන නොකන වේලාවක් කලාවක් තියෙන බවත් අමතක කරන්න එපා.

උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියන අවවාදය අපි හැම දෙනාම දන්නවානේ. ඒ වගේම උදේ ආහාරය ගන්න වේලාවකුත් තියෙනවා. කුවුරු හෝ ඔබෙන් ඇහුවොත් උදේට කන්නේ කීයටද කියලා ඔබේ උත්තරය මේ විදිහට වෙන්න පුලුවනි.

අනේ උදේට නම් කනවා තමයි. ඒත් වෙලාවක් නැහැ... අන්න වැරදුන තැන.. උදේ ආහාර ගන්න ඕන හොඳම වෙලාව නම් අවදි වෙලා පැය බාගයක් ඇතුලත උදේ ආහාර ගන්නවා නම් බොහොමත්ම ගුණයි.

දවල් ආහාරයට ඉතින් වෙලාවක් අපිට නැති බව ඇත්ත.. අඩුම වශයෙන් දැන් කාර්යාලක වැඩ කරන අය වුනත් වෙලාවට කන්නේ නැහැ. සමහර අය හවස තුනට විතරත් දවල් ආහාරය ගන්න වේලාවල් තියෙනවා. ඉතින් මේ වේලාවට විහිලුවට වගේ අපිත් අහනවා නේද..? ඔය රෑටද එහෙම නැත්නම් දවල්ටද? කියලා. ඒ වුනත් දිවා ආහාරයට සුදුසු ගැලපෙනම වෙලාව තමයි 12.30 සහ 12.45 අතර කාලය බව ආයුර්වේදයේ සඳහන්ව තිබෙනවා.

දැන් රාත්‍රි ආහාරය ගැන කිව්වොත් 7 ට වගේ ආහාර ගැනීමට හැකි නම් ඉතාම හොඳයි. රාත්‍රි ආහාරයෙන් පැය බාගයක්වත් ගෙවෙන තෙක් නින්දට යන්නත් එපා.

අපි ගුණයට ගන්නා ආහාර වුනත් සීමාව සහ රටාවක් අනුව ගැනීම ඉතාම වැදගත්. ඇට වර්ග දවසේ කොයි වේලාවටත් ගැලපෙනවා. ඒ වුනත් වඩාත් ගුණ ලබා ගැනීමට නම් ඇට වර්ග උදේට සහ දවල්කාලයට ආහාරයට ගැනීම හොඳයි.

රාත්‍රියට කිරි බොන අයට ආයුර්වේදයේ දැක්වෙන මේ උපදෙස වඩාත් වැදගත් වේවි. කිරිවලට ගම්මිරිස් කුඩු ටිකක්, කරදමංගු එකතු කලොත් තුන්දොස සමනය වීම වගේම වසා පද්ධති පිරිසිදු වෙනවා. රුධිර කැට ගැසීම වැලකෙනවා.

උදේ ආහාරය සමග ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නවා නම් ඒ සමග කිරි පානය කරන්න එපා. කිරි නම් කිරි ඇපල් නම් ඇපල් පමණයි. කිරි සමග එකට ඇපල් ආහාරයට ගත්තොත් යකඩ අවශෝෂනය වීම අපහසුයි.

අර්තාපල් පිෂ්ඨ බහුල නිසා රාත්‍රියට නම් පිලියෙල කරන්න එපා. උදේට දවල්ට ආහාරයක් විදිහට ගැනීමට කිසිම බාධාවක් නැහැ. දොඩම් යුෂ පානයට අපේ කිසිම අකමැත්තක් නැති වුනත් හිස්බඩ නම් එතරම් සුදුසු නැහැ. දොඩම් ආම්ලික නිසා උදරයේ දැවිලි එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් තත්වයට හේතු වෙනවා.

සලාද ආහාරයට ගැනීමේදීත් ආහාරයට මිනිත්තු 15 කට පෙරාතුව ගැනීම යහපත්. චීස් සහ සීනි ආහාර උදෑසන ගත් විට දහනය කිරීමට පහසුයි. මස් ආහාර වුනත් රාත්‍රියට නම් එතරම් සුදුසු නැහැ. ඇයි ඉතින් ජීරණයට ගැලපෙන ව්‍යයාමයක් හෝ ශාරිරික ක්‍රියාකාරිත්වයක් රාත්‍රියට සිදු වෙන්නේ නැති නිසා ටිකක් ඒ ගැනත් හිතන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,249
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,999
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed