දියවැඩියා රෝගීන්ට සුදුසු ම ආහාර මෙන්න

September 18, 2019
13,500
Best food for diabetes patients
ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව වැළඳී ඇති විට ආහාරයට ගත යුතු හොඳම ආහාර සොයා ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. මොකද දියවැඩියාව වැළඳීමෙන් පසු කැමති කැමති ආහාර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. එතකොට ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනේ රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කර තබා ගැනීමයි. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් ආහාර ගත යුත්තේ දියවැඩියා සංකූලතා වැලැක්වීමට උපකාරී වන ආහාර පමණයි.

පළමු වර්ගයේ සහ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් සඳහා හොඳම ආහාර කීපයක තොරතුරුයි අපි ඔබට මේ ගෙන එන්නේ. මේ එහි පළමු ලිපියයි.

(01) මේද සහිත මාළු

මේද සහිත මාළු වල ඔමේගා -3 මේදය අඩංගු වන අතර එය හෘද රෝග, ආඝාතය, දැවිල්ල සහ අනෙකුත් දියවැඩියා අවදානම් සාධක ඇති වීම අඩු කරනවා. මේද මාළු කියන්නේ පෘථිවියේ තිබෙන සෞඛ්‍ය සම්පන්නම ආහාරයක්. සැමන්, සාඩින්, හුරුල්ලන්, නැංගුරම් සහ මැකරල් යන මාළු වර්ග වල ඔමේගා -3 මේද අම්ල අන්තර්ගතයි. ඒවා ඔබේ හෘද සෞඛ්‍යයට ද විශාල ප්‍රතිලාභ ලබා දෙනවා. අධ්‍යයන ගණනාවකට අනුව සොයාගෙන ඇත්තේ නිතරම මේද සහිත මාළු අනුභව කරන පුද්ගලයින්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු බවත් හෘද රෝගවලින් මියයාමට ඇති ඉඩකඩ ද අඩු බවයි.

සාමාන්‍යයෙන් ඕනෑම මාළු වර්ගයක් කියන්නේ උසස් තත්ත්වයේ ප්‍රෝටීන වල හොඳ ප්‍රභවයක් වන අතර එමඟින් ඔබේ පරිවෘත්තීය වේගය ද වැඩි කරනවා.

(02) පළා වර්ග

කොළ පැහැති එළවළු ඔබේ හදවත සහ අක්ෂි සෞඛ්‍යය ආරක්ෂා කරනවා. එමෙන්ම ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. කොළ පැහැති එළවළු අතිශයින් පෝෂ්‍යදායී වගේම ඒවායේ ඇත්තේ අඩු කැලරි ප්‍රමාණයකුයි. පළා වලින් ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවන කාබෝහයිඩ්‍රේට් වල බලපෑම ද පළා වර්ග වලින් පාලනය කරනවා. නිවිති සහ අනෙකුත් කොළ පැහැති පළා වර්ග විටමින් සී ඇතුළු අනෙකුත් විටමින් සහ ඛනිජ ලවණ කිහිපයක හොඳ ප්‍රභවයක්. විශේෂයෙන්ම පළා වර්ග වල අඩංගු ලුටීන් සහ සීඇක්සැන්ටින් යන ප්‍රතිඔක්සිකාරක මගින් ප්‍රධාන දියවැඩියා සංකූලතාවක් වන පෙනීම දුර්වල වීම හා ඇසේ සුද ඇති වීමෙන් ඔබේ ඇස් ආරක්ෂා කර දෙනවා.

(03) කුරුඳු

කුරුඳු මඟින් දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි පාලනය, ඉන්සියුලින් සංවේදීතාව, කොලෙස්ටරෝල් සහ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩි දියුණු කරනවා. කුරුඳු කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වයක් සහිත රසවත් කුළුබඩු වර්ගයක්. අධ්‍යයන කිහිපයකින් පෙන්නුම් කරලා තියෙන්නේ කුරුඳු මගින් රුධිරයේ සීනි මට්ටම අඩු කර ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කරවන බවයි. දිගු කාලීන දියවැඩියා පාලනය සාමාන්‍යයෙන් තීරණය වන්නේ හිමොග්ලොබින් A1c මැනීමෙනි. එක් අධ්‍යයනයක දී හෙලි වී ඇත්තේ නොකඩවා දින 90 ක් කුරුඳු ආහාරයට ගත් දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ හීමොග්ලොබින් A1c ප්‍රමාණය, සම්මත ප්‍රතිකාර පමණක් ලබාගත් අය හා සසඳන විට දෙගුණයකින් අඩු වී ඇති බවයි.

(04) බිත්තර

බිත්තර කියන්නේ ඔබට පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන ආහාරයක්. ඇත්ත වශයෙන්ම බිත්තර ආහාරයට ගැනීම මඟින් ඔබේ බඩ පැය ගණනක් පුරවා තබා ගන්න පුළුවන්. හැමදාම බිත්තර පරිභෝජනය මඟින් ඔබේ හෘද රෝග අවදානම කිහිප ආකාරයකින් අඩු කරගන්නත් පුළුවන්. බිත්තර ශරීරයේ දැවිල්ල අඩු කරනවා. ඒ වගේම ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කරමින් ඔබේ “හොඳ” HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන අතර ඔබේ “නරක” LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය හා හැඩය වෙනස් කරනවා. බිත්තර කද්දී සම්පූර්ණ බිත්තරයම ආහාරයට ගන්න. මූලික වශයෙන් සුදු මදයට වඩා කහ මදයෙහි ඇති පෝෂ්‍ය පදාර්ථ වලින් ශරීරයට අවශ්‍ය ප්‍රතිලාභ ලැබෙනවා.

(05) කහ

කහ රුධිරයේ සීනි මට්ටම හා දැවිල්ල අඩු කරන අතර හෘද හා වකුගඩු රෝග වලින් දියවැඩියා රෝගීන්ව ආරක්ෂා කරනවා. කහ කියන්නේ ප්‍රබල සෞඛ්‍ය ප්‍රතිලාභ සහිත කුළුබඩු වර්ගයක්. ඒකේ ක්‍රියාකාරී සංඝටකය තමයි curcumin කියන්නේ. එපමණක්ද නොවෙයි, වකුගඩු සෞඛ්‍යයට curcumin ප්‍රයෝජනවත් ඖෂධයක් වන්නේ දියවැඩියාව, වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුවක් වන නිසයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,246
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,995
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,414
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Kaju Dosi Recipe
   178,979
   20

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed